කොරෝනා වෙෙරස් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, නියමිත සෞඛ්‍ය උපදේශවලට අනුව හෙට සිට මහජනතාව වෙනුවෙන් එම කාර්යාංශය යළි විවෘත කරන බවයි.
හෙට සිට යළි දැනුම් දෙනතුරු දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන්නැයි දන්වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අනිද්දා නැගෙනහිර වෙරළට ඇතුළු විය හැකි සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදේ එම කටයුතුවල නියැලීමෙන් වළකින ලෙසයි.
මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ තුවාල ලැබූ රැඳවියන් 71 දෙනෙකු මේ වනවිට රෝහල තුළ ප්‍රතිකාර ලබන බවයි.
ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නඩු දෙකකට අදාළව පනවා තිබූ විදේශ ගමන් තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෝසමක් ඉදිරිපත් කරමින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව එම තහනම් නියෝග ඉවත් කෙරුණා. 2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් […]
පවතින තත්ත්වය යටතේ පාසල්වලින් සියයට 50ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු සිදු නොවීම තුළ නියමකර ඇති දිනට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ අනුව සියලු ක්ෂේත්‍ර සමග සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් […]
ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 496 ක් වන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ආසාදිතයින් ගණන 167ක්. කොළඹ නගරසභා සීමාවෙන් ආසාදිතයින් 78ක්,අලුත්කඩේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක්,ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 14ක් ,මට්ටක්කුලියෙන් ආසාදිතයින් 6ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසස්දිතයින් 56 ක් වාර්තා වූ අතර එයින් වැඩිම ගණනක් වාර්තා වී තිබෙන්නේ වත්තල ප්‍රදේශයෙන් එම ගණන 17ක්. […]
රජය අපකීර්තියට පත් කරන යම් යම් ක්‍රියාකාරකම් සිදු කිරීමට බන්ධනාගාර තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වත්මන් රජයේ ප්‍රතිපත්තිය මගින් මත්ද්‍රව්‍ය වැටලීම්වලට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විශාල පිරිසක් අද වනවිට බන්ධනාගාරගත වී […]
මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි. ඒ සඳහා අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යවරුන්, ත්‍රිවිද හමුදාපතිවරුන්,පොලිස්පතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. නව පොලිස්පතිවරයාට සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍යවරයා රටේ ආරක්ෂක තත්ත්වය හා පොලිසියේ වර්තමාන කාර්යයභාරය සම්බන්ධයෙන් මෙහිදී විමසා සිටියා. ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට ගෙන යාමත්, ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමත් පිළිබඳ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ සිය විශ්වාසය පළකර තිබෙනවා. එමෙන්ම […]
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30කින් පමණ පහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, මසක කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තැබීම සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව එරට සමීක්ෂණ ආයතනයක් සිදු කළ පර්යේෂණයකින් අනාවරණ වී ඇති බවයි. එමෙන්ම ආසාදිතයින්ගේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ ප්‍රදේශවලින් මේ […]
අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය, වල්ගම හන්දියේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලුම අතුරුමාර්ගවලට එළැඹෙන බදාදා පස්වරුවේ සිට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව බදාදා පස්වරු 2 සිට බ්‍රහස්පතින්දා උදෑසන 5 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති. නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල […]
කොළඹ නගර සභා සීමාව තුළ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට පැමිණ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝණ මහතා පැවසුවේ, හුදෙකලා ප්‍රදේශවලින් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර කොළඹ මහනගර සභා සීමාවේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රදේශවලින් ද ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත […]