News Line| Off Air
Generic placeholder image

Oct
20

තම ජිවිත කතාව රගන ප්‍රවීණ නළු විජෙයිට ඉන් ඉවත් වන ලෙසට ඉල්ලා මුරලිගෙන් ලිපියක්

Generic placeholder image

සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කතාව පාදක කොටගෙන නිර්මාණය වන 800 නමැති දමිල චිත්‍රපටයේ සිය චරිතයට පණ පොවන තමිල්නාඩුවේ ප්‍රවීන රංගන ශිල්පී විජෙයි සේතුපති හට එම රංගන කටයුතු වලින් ඉවත් වන ලෙසට ලිපියක් යවමින් ඔහු ඉල්ලා සිටිනවා. අදාල නිවේදනය නිකුත් කරමින් මුරලි සදහන් කරන්නේ එම රංගනය හේතුවෙන් ඔහුට සිදු වන විරෝධය හා බලපෑම හේතුවෙන් ඉදිරි […]


Oct
20

අඩු ආදායම්ලාභී ලක්ෂයකට රැකියා පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

Generic placeholder image

අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් පිරිසක් සදහා රැකියා ලබාදීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ආරම්භකර තිබෙනවා. එහි ප්‍රථම අදියර සදහා පුද්ගලයින් 34, 818 දෙනෙකු තෝරාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. එලෙස තෝරාගත් පුද්ගලයින්ට ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 6ක පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. පුහුණු කාලය තුළ ඔවුන්ට රුපියල් 22,500ක මාසික දීමනාවක් ලබාදීමට සැළසුම් කර ඇති […]


Oct
20

තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

Generic placeholder image

අපරාධකරුවන් සෙයා ක්‍රියාත්මක කරන විමර්ශනවලදී තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත් වුණා. ඒලෙස අත්අඩංගුවට පත් වුණේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘කිඹුල ඇලේ ගුණා‘ නමැත්තාගේ සමීපතමයෙක්. පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 320ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ […]


Oct
20

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වාහන නතර කිරීම තහනම්

Generic placeholder image

කොළඹ – මහනුවර සහ කොළඹ – මීගමුව යන ප්‍රධාන මාර්ගවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශ හරහා වාහන ධාවනය කිරීමේදී නතර කිරීම තහනම් බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එම නීතිය අද සිට ක්‍රියාත්මක බවයි.


Oct
20

වැලිකඩ බන්ධනාගාරයේ කුමන්ත්‍රණයක්

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක් ඇතිකර ඉන් පලායාම සඳහා රැඳවූවන් පිරිසක් කුමන්ත්‍රණය කරමින් සිටින බව බන්ධනාගාර බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා. වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින ඉන්දික නමැත්තකු මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන සැලසුම්කරු ලෙස හදුනා ගෙන ඇති අතර ‘රිවස්’ නමින් හඳුන්වන මත්ද්‍රව්‍යයක් රැඳවූවන්ට ලබාදී සිහි විකල් තත්ත්වයට පත්කර කැරැල්ලක් ඇති කිරීම සැලසුම වී තිබෙනවා.


Oct
20

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට – ඊට අදාළ විවාදය හෙට සහ අනිද්දා

Generic placeholder image

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒම තීන්දුව පසුගිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කර තිබුණේ, පසුගිට 10 වැනිදායි. කැබිනට් අනුමැතිය හිමිවූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් විවිධ […]


Oct
20

අදත් තරමක වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ. උතුරු පළාතේ තැනින් තැන විශේෂයෙන් උදය කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ ත්‍රිකුණාමලය, මඩකලපුව මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ සුළං ඇතිවිය හැක.


Oct
20

ඇඳිරිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළදසැල් සහ ඔෞෂධසැල් අද විවෘත කෙරේ

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඔෞෂධසැල් අද දිනය තුළ විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ් අනුව අදාළ වෙළදසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙනු ඇති. අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පැමිණීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසට ද සෞඛ්‍ය අංශ මහජනතාවට […]


Oct
20

රිෂාඩ් බදියුදීන් බන්ධනාගාරයට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අත්අඩංගුවට පත් වූ රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 27 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ්, ඔහුව ඊයේ පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාව මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරාය පැවසුවා. පසුගිය මහමැතිවරණ සමයේ අවතැන් වූ පුද්ගලයින් ඡන්දය […]


Oct
20

මාකඳුරේ මදුෂ් මරුට

Generic placeholder image

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්වුණා‍. අද අලුයම ඒම වැටලීම සිදුකර අැති අතර ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා. ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් […]


Oct
19

රිෂාඩ් බදියුදීන් අධිකරණයට

Generic placeholder image

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඔහුව මීට සුළු මොහොතකට පෙර අධිකරණය වෙත රැගෙන ආවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි. අද අලුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී දින හයකට පසුවයි.


News Articles
Latest Videos
Most Popular Post