අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 100ක පමණ තද වැසිද බලාපොරොත්තු විය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් […]
වසර මිලියන 250 කින් පෘථිවි ජීවින් විනාශ වී යන බවට පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මෙය හෙළි වී ඇත්තේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදු කළ ගණනය කිරීම්වලට අනුවයි. එම කාලය තුළ සියලු ක්ෂීරපායින් විනාශ වී වඳවී යාමකට පෘථිවිය මුහුණ දෙන බවයි ඔවුන් පවසා ඇත්තේ.
වසරේ ගත වූ කාල සීමාව තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ කම්පන 16ක් සිදුවී තිබෙනවා. ඉන් 3ක් සිදුවී ඇත්තේ මෙරට සාගර කලාපය ආශ්‍රිතවයි. බුත්තල ප්‍රදේශයේ සිදු වී ඇති භූ කම්පන ප්‍රමාණය 6ක්. බුත්තල සිදු වූ 6 වැනි භූ චලනය වාර්තා වුණේ ඊයේ (25) රාත්‍රියේ දී එහි ප්‍රභලත්වය රිච්ටර් පරිමාණ 2.4 ක් පොළොව මට්ටමේ සිට කිලෝමීටරයක ගැඹුරකින් […]
22023-09-25 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ බස් රථ අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයන් 35 දෙනෙකු පමණ සිට තිබෙනවා. ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
දුර්ලභ ගණයේ පරවි විශේෂයක් එංගලන්තයෙන් හමුවී තිබෙනවා. එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙනුයි මෙම පරෙවියන් සොයාගෙන ඇත්තේ. මෙම පරෙවියන් රෝස පැහැයෙන් යුක්ත බවද වාර්තා වනවා.
දොම්පේ පොලිස් වසමේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට දොම්පේ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගිරිදර හන්දිය ආසන්නයේ ඇති කඩ කාමරයක් කුලියට ගෙන තිබූ පුද්ගලයෙකු විසින් ඔහුගේ මිතුරෙකුට හා එම මිතුරා සමග පැමිණි කාන්තාවකට පසුගිය 13 වන දින රාත්‍රී කාලයේ එහි නවාතැන් ගැනීම සඳහා ලබා දී තිබුණා. පසු […]
කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක වසා ඇති කාමරයකින් දුඟඳක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පසුව එම කාමරයේ එක් ඇඳක දින කිහිපයකට පෙර මියගිය දැරියකගේ මෘත ශරීරයක් තිබී ඇති අතර අනෙක් ඇඳෙහි සිහිසුන්ව කාන්තාවක් සිට ඇති අතර ඇය ගිලන් රථයකින් යාපනය රෝහලට […]
මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 4.6ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසන්නේ.
ජපානයත් අද සඳ මතට ගමන් ඇරඹුවා. ඒ අනුව සඳට ගමන් කරන පස්වන රට බවට ජපානය පත්ව තිබෙනවා. සඳ තරණයට ජපානය පිටත්කර යවා ඇති රොකට්ටුව H-IIA ලෙස නම් කර තිබෙනවා. මෙම රොකට්ටුවේ ඇති Moon Sniper ලෑන්ඩරය තවත් මාස හතරකින් සඳ මත ගවේෂණ කටයුතු ආරම්භ කරන බවයි ජපානය නිවේදනය කරන්නේ.
කන්තලේ පොලිස් වසමේ රජ ඇල ප්‍රදේශයේ දී ඊයේ (06) ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පුද්ගලයෙකු තම දියණිය සමඟ පැන සියදිවි හානි කර ගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 38 ක් වූ පේරාරු, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගිය දියණියට වයස අවුරුදු 06 ක්. මෙම පුද්ගලයාගේ බිරිඳ විදේශ රටක රැකියාවට ගොස් ඇති අතර, […]
නවසීලන්ත කාන්තාවකගේ සිසේරියන් සැත්කමක් සිදු කිරීමෙන් පසුව උදරයේ තිබී පිඟානක ප්‍රමාණයේ ශල්‍ය උපකරණයක් සොයාගෙන තිබෙනවා. ඒ තම දරුවා ප්‍රසූත කර මාස 18 කට පසුවයි. මෙලෙස ඇගේ උදරයෙන් හමුව ඇත්තේ Alexis Retractor නම් උපකරණයකුයි. මෙම කාන්තාව මාස ගණනාවක සිට නිදන්ගත වේදනාවකින් පීඩා විඳ තිබෙන අතර පසුව උදරයේ සීටී ස්කෑන් පරීක්ෂණයකින් මෙම උපකරණය සොයාගෙන තිබුණා. පසුව සිදුකළ […]