එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජයම්පති වික්‍රමරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාර දී ඇති බවයි. ජනාධිපති නීතිඥවරයෙකු ද වන ජයම්පති වික්‍රමරත්න මහතා 2015 වසරේ පැවති […]
සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් සෑම වසරකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සිසුන් ඇතුලුව පාසල් පද්ධතියට අයත් සියලු ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් සුදුසු වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවා. සාරධර්ම දිනය යෙදී ඇති දිනයේ පෙරවරු […]
19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය අද නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙනවා. ලෝක කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරඟය ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ බව තහවුරු කළා.
විද්‍යුත් මෘදුකාංගයක් හරහා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රෙජිස්ටාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා සඳහන් කළේ, ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන අක්‍රමිකතා අවම කිරිම මෙහි අරමුණ බවයි. මේ වනවිට ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව ද ඔහු සඳහන් කළා. නව ක්‍රමවේදය ලබන මාසයේ සිට […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අද (22) යි. ඊයේ (21) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 295කි. ඊයේ දිනය සඳහා තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය […]
චීනයේ පැතිරයන කොරෝනා වෛරසය වන විට බොහෝ දුරට එරට ව්‍යාප්තව පැතිර යෑමේ අවධානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ වන විට මෙම වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර අසාදිත රෝගීන් තුන්සීයක් පමණ හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම මෙම වෛරසය ආසාදිතයෙක් අමෙරිකාවෙන් හමුව තිබෙන අතර ඔහු චීනයේ වූහාන් නගරයේ […]
එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්විමට නියමිතව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්වෙන බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ පැවැත්වුණා.
ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලවයි. හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් […]
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
පිටකොටුව මැනිං පොදු වෙළඳපොළෙහි එළවළු මිළ ගනන් සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් අද(21) පෙරවරුවේ එහි සංචාරය කළා. මේ අතර සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් අද දිනයේ සිට විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පවසනවා. යාපනය ප්‍රදේශයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ මෙලෙස එළවළු මිල […]