එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක සෙබළුන් පිරිසක් අද මාලි රාජ්‍ය බලා යෑම සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා. මේ අවස්ථාවට ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සාම සාධක හමුදාවට එක්වන මෙම භට පිරිස් සදහා සුභ පැතුම් එක් කිරීමට ගුවන් තොටුපොල පරිශ්‍රය වෙත එක්ව සිටියා.
ඉදිරි ජනපතිවරණයට අදාළව ප්‍රධාන අපේක්ෂකයින් තම ජනතාව අමතන අවසන් ජන රැළි ඇමතීමට ඔවුන් සුදානම්ව සිටිනවා. ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙන අතර ඒ අනුව පොදු ජන පෙරමුණෙ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද කැස්බෑවේදී සිය අවසන් ජන රැළියට සහභාගී වීමට සුදානම් වන අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස […]
ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැවතුනු වායු දූෂණයේ බලපෑම හේතුවෙන් අද සහ හෙට දිනයේ කොළඹ නගරයට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බව වාර්තා වෙනවා. ඒ අනුව වයස්ගත පුද්ගලයින්, කුඩා දරුවන් සහ ස්වසන අපහසුතාවලින් පෙලෙන පුද්ගලයින් කොළඹ නගරය තුල මුඛ ආවරණ පැළඳ සිටීම තුලින් යම් තාක් දුරට හෝ ඒ තුලින් ආරක්ෂා වීමට හැකි බවයි පැවසෙන්නේ.
ඉදිරි ජනපතිවරණය සදහා සියලු ජනපති අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් පසු සිදුකරන ප්‍රචාරක දැන්වීම් නීතිවිරෝධී බවයි එම කොමිසම වැඩි දුරටත් සදහන් කරන්නේ.
දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු ඇතිවීමේ අවධානමක් පවතින බවයි. මේ හේතුවෙන් නාවික ප්‍රජාව සහ ධිවර ජනතාව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පවුලේ සාමාජිකයින් සහ සමීපතමයන් කිහිපදෙනෙකු සමඟ පසුගිය දිනක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන තොරතුරු අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. මෙහිදී ජනාධිපතිවරයා පසුගිය වසර 5ක කාලයක් තුළ ගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව කණගාටුව පළ කළ ඇති අතර ඒ සම්බන්ධ කරුණු ජනතාවට ලබන නොවැම්බර් […]
වඩාත් බලගතු සහ මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ තරම් විනාශයක් සිදු කළ හැකි ප‍්‍රබළ සුළි කුණාටුවක් ලෝකය අභියස ඇති බව විද්‍යාඥයින් අනතුරු අගවනවා. වසර සියයකට පෙර තිබූ තත්ත්වයට වඩා තුන් ගුණයකින් යුතු ප‍්‍රබළ සුළි කුණාටුවක් ඇති විය හැකි බවට ඔවුන් පෙන්වා දී තිබෙනවා. එහි ප‍්‍රබලත්වය මෙන්ම සිදු විය හැකි හානියද පුරෝකථනය කළ නොහැකි බව විදඥයින්ගේ අදහස […]
කඩුවෙල, හෝකන්දර ප්‍රදේශයේ සුවිසල් නිවසක සුනඛයින් තිස් දෙදෙනෙකුගේ අධි ආරක්ෂාව යටතේ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට අනාවරණය වී තිබෙනවා. සැකකරු දැනට කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය භාරයේ පසුවන බව එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. පසුගියදා සැකකරු රැදී සිටි නිවස වැටලීමට ලක්කළ අතර එහිදී එම නිවසට යාමට පොලිස් නිලධාරීන්ට නොහැකි වූයේ […]
මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා. ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියළුම පාසල් අනිද්දා පාසල් වේලාවෙන් පසු අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීන් වෙත ලබා දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව දිවයින පුරා දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු […]
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,856 ක් සඳහා එක් ඡන්ද මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනකු බැගින් යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා. ඊයේ (11) ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. බහුතරයක් ඡන්ද පොළවල් සඳහා පිරිමි නිලධාරීන් දෙදෙනෙක් වශයෙන්ද, ඇතැම් ඡන්ද පොළවල් සඳහා […]
නැගෙනහිර බංග්ලාදේශයේ කස්බා නගරය ආසන්නයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 58 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඩකා අගනුවර වෙත ගමන් ගත් නගරාන්තර සීග්‍රගාමී දුම්රියක්, චිතගොං නගරය වෙත ගමන් ගත් දුම්රියක ගැටීමෙන් අද අලූයම මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහිදී දුම්රියේ මැදිරි 3ක් පීලි පැනීමට ලක්ව ඇති අතර, අනතුරට හේතුව […]
ඉන්දියාවේ පළමු අලි ඇතුන් අනුස්මරණ උද්‍යානය පසුගියදා විවෘත කෙරුණා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිවි අහිමිවූ අලි ඇතුන් උදෙසා, ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ පිහිටි මතුරා නගරයේ මෙම අනුස්මරණ උද්‍යානය ඉදිකර තිබෙනවා. උද්‍යානය නිර්මාණය කිරීමට මූලිකවී කටයුතු කළේ මතුරාහි වනජීවී සංරක්ෂණ මධ්‍යස්ථානයයි. එම උද්‍යානය ඉකුත් සිකුරාදා සිට ජනතාවට විවෘතකර ඇති බව සදහන්. මිනිස් ක්‍රියාකාරකම් වලින් දිවි අහිමිවූ අලි ඇතුන්ගේ […]