News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

රන්න ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට හෙට ජල කප්පාදුවක්

Generic placeholder image

හෙට පෙරවරු අටේ සිට පැය 12 ක කාලයක් අලුත්වැඩියාවක් හේතුවෙන් රන්න ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කළා. ඒ අනුව රන්න, තාලූන්න, කට්ටකඩුව, යාය විස්ස, නෙටොල්පිටිය, යාය 18, යාය 19, පට්ටියපොල, ගුරුපොකුණ ආදි ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති. එසේම තංගල්ල – මැදකැටිය, දංකැටිය, මැඩිල්ල සහ හේනකඩුව […]


Nov
5

බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු රෝහලේ

Generic placeholder image

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිවංගුව ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන්ගත් මගීන් 29 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරුට බව වාර්තාවනවා. මාතර සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වැල්ලවාය ප්‍රදේශයේ සිට තණමල්විල දක්වා […]


Nov
5

ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවට බාරදෙයි

Generic placeholder image

ජනාධිපතිවරණය සදහා රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවට අද (05) බාරදීමට රජයේ මුද්‍රණාලය කටයුතු කර තිබෙනවා. රජයේ මුද්‍රණාලය මඟින් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති බව සදහන්. එමෙන්ම ජනාධිපතිවරණයට අදාළ පෝරම හා වෙනත් පත්‍රිකා සියල්ලම රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය […]


Nov
5

දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය 4ක්

Generic placeholder image

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 8, 9 සහ 11 යන දිනයන්හිදී එම දුම්රියයන් ධාවනයට එක්කර ඇති බවයි. එම දිනවලදී කොළඹ කොටුවෙන් රාත්‍රී 7.35 ට පිටත් වන දුම්රිය අලුයම 4.33 ට බදුල්ලට ළඟාවීමට නියමිතව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව […]


Nov
5

කෝලි සිය 31 වෙනි උපන්දිනය සමරයි

Generic placeholder image

ඉන්දීය සුපිරි ක්‍රීඩක වීරත් කෝලි අද ඔහුගේ 31 වන උපන් දිනය සමරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සහ ඔහුගේ බිරිද ඉන්දීය සුපිරි නිළි අනුෂ්ක ශර්මා සමග මේ දිනවල භූතානයේ සංචාරයකද නිරත වෙනවා.


Nov
5

MCC ගිවිසුම ගැන රතන හිමිගේ මතය කියයි

Generic placeholder image

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අනිවාර්යෙන් පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. අද කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළා. එහිදී උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ මෙවැනි ගිවිසුමක් මේ මොහොතේ අත්සන් […]


Nov
5

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අල්ලයි

Generic placeholder image

මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී ඊයේ හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 250ක් සහ මුදල් රුපියල් 22560ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිලධාරීන්ට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවවෙකු වු අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකු බවට පොලීසිය කළ විමර්ශනයේදී වැඩි දුරටත් අනාවරණය වී තිබෙනවා. මේ පිලිබදව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.


Nov
5

චීලි රාජ්‍යයේ භූකම්පනයක්

Generic placeholder image

චීලි රාජ්‍යයේ රිච්ටර් මාපකයේ ඒකකය හයයි දශම බින්දුවක ප්‍රබලතාවයකින් යුතු භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චීලි රාජ්‍ය තුළ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙන අතරවාරයේ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇත. කෙසේ වෙතත් භූකම්පන තත්ත්වය හේතුවෙන් සිදුවූ හානිය පිළිබද මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.


Nov
5

ජනතා ගැටලුවලට දිනකින් විසදුම් දෙනවා – සජිත් කියයි

Generic placeholder image

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වුණ ජන රැළියක් ඊයේ මින්නේරිය ප‍්‍රදේශයේ පැවැත්වුණා. එහිදී අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලේ ජනතාවගේ තිබෙන ගැටලුවලට තමා බලයට පත් වූ පසු දිනයක් තුල විසදුම් ගෙන දෙන බවයි.


Nov
5

ආරක්ෂක අංශ වෙත යළි බලය පවරනවා – ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

බුද්ධි අංශ ආරක්ෂා කිරීමට නව නීති ගෙන එමින් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත යළි බලය පවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ හලාවත පැවති ජනරැලියක් අමතමින්ය.


Nov
5

ගෑස් ගැටලුව විසදෙන ලකුණු

Generic placeholder image

පවතින ගෑස් හිගය හේතුවෙන් බේකරි කර්මාන්තකරුවන් හා සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයකට පත් ව තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශයන්වල මෙම ගෑස් හිගය මවාපාමින් පාරිභෝගික ජනතාව මුලාවට පත් කල කූට වෙළෙදුන් ගැනද පුවත් වාර්තා වුණා. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ රජයේ හදිසි මිලදී ගැනීම් යටතේ අද දිනයේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් පැමිණෙන […]


Nov
5

උඩුදුම්බර කාශ්‍යප හිමි මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය පාමින් උපවාසයක

Generic placeholder image

පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් අද කොළඹ නිදහස් චතුරශ්‍රයෙදී උපවාසයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය පල කරමින්ය.


News Articles
Latest Videos
Most Popular Post