News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

ශ්‍රී ලංකා – පාකිස්ථානය තෙවැනි දිනටත් තරග බිමට

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවැනි එක්දින තරගය අද කරච්චි ක්‍රීඩාංගනයේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ටයි. තරග 03 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර දෙවන තරගයෙන් ලකුණු 67කින් පාකිස්තානය ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව පාකිස්ථානය මෙම තරගාවලියේ […]


Oct
2

ජනපති සහ බැසිල් අතර තවත් හමුවක්

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර තවත් හමුවක් ඉදිරි දින දෙක තුළදී සිදුවීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන් සිදුකළ විමසීමකදී ප්‍රකාශ කළා. මෙම හමුවේදී නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිතයි. පෙරේදා දිනයේ […]


Oct
2

වැඩබලන සොලිසිටර් ජනරාල්වරයෙක් පත් කරයි

Generic placeholder image

සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය වැඩ තහනමකට ලක් කිරීම හේතුවෙන් එම තනතුරේ වැඩ බැලීමට අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මතභේදයකට තුඩු දී තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ සහ ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පැවැත්වූ බව කියන දුරකතන ඇමතුමට සම්බන්ධ සිද්ධිය […]


Oct
2

සජිත්ට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ලෙස කටයුතු කල හිටපු අමාත්‍යවරයෙක් වෙන ආතාවුද සෙනෙවිරත්න මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඩබ්.බී. ඒකනායක මහතා සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. මේ පිලිබදව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී විශේෂ මාධ්‍ය […]


Oct
2

පරිපාලන නිලධාරීන්ට 15 000 ක පොදු දීමනාවක්

Generic placeholder image

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15 000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සදහා පරිපාලන රාජ්‍ය ආමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය හිමිව තිබෙනවා. පසුගියදා පරිපාලන නිලධාරින්ද වෘත්තීය ක්‍රියාවලට මෙම වැටුප් විෂමතා මුල් කරගෙන යෙදුනු අතර ඒ අනුව […]


Oct
2

අලුත් වුණු ප්‍රදීපාගාර

Generic placeholder image

1860 වසරේ පමණ ඉදිකෙරුණු ත්‍රිකුණාමලය වරායේ පිහිටි පැරණි ප්‍රදිපාගාර දශක ගණනාවකට පසු ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණයකට ලක් කර තිබෙනවා. ඒ සුර්ය බලශක්තියෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අකාරයටයි. මෙලෙස අලුත්වැඩියා කර ඇත්තේ සාම්පුර්, කෙවිලියාතුඩුව හා රවුන්ඩ් දුපතේ තිබු ප්‍රදීපාගාරයි.


Oct
2

දරුවන් සුරකින්නට යුද හමුදාවෙන් මිලියන 10 ක්

Generic placeholder image

ඊයේ දිනයට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව “දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදලට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළා. ඒ අනූව යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒඑම්ආර් ධර්මසිරි මහතා විසින් එම චෙක්පත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නා. මිල මුදල් නොමැතිව අසරණ දරුවන් වෙනුවෙන් මෙම […]


Oct
2

ගෝඨාභගේ පුරවැසිභාවය පිළිබද පෙත්සම අද සලකා බැලීමට

Generic placeholder image

පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය එරෙහිව ගොනුකළ පෙත්සම අද සලකා බැලීමට නියමිත බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක වූ උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ මෙම පෙත්සම පදනම් විරහිත කරුණු මත ඉදිරිපත් කර ඇති බවත් ගෝඨාභගේ ජයග්‍රහණය දරා ගත නොහැකි අන් පක්ෂ මෙම ඔහු ජනපතිවරණය ඉදිරිපත් වීම වැලක්වීමට මෙවැනි […]


Oct
2

ජනපති අපේක්ෂකයින් 17ක් ඇප මුදල් තැන්පත් කරයි

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනපති අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂයින් 09 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බවත් අනිත් අපේක්ෂකයින් 08 දෙනා ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් වී ඇති බවයි. මේ අනුව තව දුරටත් ඇප මුදල් තැන්පත් කිරීමට […]


Oct
2

දුම්රිය වර්ජනය තව දුරටත්

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිදු කරනු ලබන දුම්රිය වැඩ වර්ජනය අද 07 වන දිනට ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සදහන් කලේ දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත් කොට වැටුප් විෂමතා විසඳීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ මෙසේ ප්‍රකාශ කර තිබියදීත් මෙලෙස වැඩ වර්ජනයක නිරත […]


Oct
2

සවස් කාලයේ දිවයින පුරා වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාතේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග තද සුළං තත්වයක් ඇති විය හැකි බවද එමෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ දුරටත් සදහන්.


Oct
1

අතුරු සම්මත ගිණුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි

Generic placeholder image

ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට අප්‍රේල් මස 30 වනදා දක්වා පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ කාලය තුළ රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ අරමුණින් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලබනවා. නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් ලබන වසර සදහා විසර්ජන […]


News Articles
Latest Videos
Most Popular Post