දිවයිනට ගිනිකොණ දෙසින් මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් කිහිපයකට අද දිනයේ වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම, මඩකලපුවේ සිට පොතුවිල් හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි එම […]
පකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය පස්වරු 3.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වීමට නියමිතව තිබුනද මේ වන විට කරච්චි නුවරට ඇදහැලෙන අධික වර්ෂාව නිසා තරගය අතහැර දමා තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වූ නිවාසවල හානි වූ විදුලි පරිපථ නොමිලයේ අළුත්වැඩියා කරදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක කණ්ඩායම් යොදවන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දි තිබෙනවා. දින ගණනාවක් මුළුල්ලේ දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ගස් කඩාවැටීම් සහ […]
අද (27) පස්වරු 06.00 ට ජනාධිපති කාර්යයාලයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ අනුව, පස්වරු 06.00 ට පෙර ජනාධිපති කාර්යයාලය වෙත පැමිණෙන ලෙස සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට එම කාර්යයාලය මගින් දැනුම් දී ඇති බව සදහන්. දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අද සවස විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මාධ්‍ය හමුවකට […]
ලොව විශාලතම පර්යන්තය සහිත ගුවන්තොටුපොළ චීනය පසුගියදා එරට ජනපති ෂී ජින් පින්ගේ ප්‍රධානත්වයෙන් ලොවට විවෘත කළා. එම ගුවන්තොටුපොළ ස්ටාර්ෆිෂ් සත්වයෙකුගේ හැඩයකින් යුතුව නිර්මාණය කර ඇති අතර චීනය කමියුනිස්ට් පාලනයට පත්වීමේ 70 වැනි සංවත්සරයට සමගාමීව මෙම නව ගුවන්තොටුපොළ විවෘත කෙරුණා. වසරකට මෙම ගුවන්තොටුපොළ ඔස්සේ මගීන් මිලියන 100කට අධික පිරිසකට පහසුකම් සැලසීමේ හැකියාව උදාවනු ඇති බවට බලධාරීන් […]
පකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගයට පස්වරු 3.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වීමට නියමිතව තිබුනද මේ වන විට කරච්චි නුවරට ඇදහැලෙන අධික වර්ෂාව නිසා තරග ආරම්භය ප්‍රමාද වී තිබෙනවා.
Harry සහ Meghan Markle කියන්නේ ලෝකම ආදරය කරන යුවළක්. ඔවුන් කියන කරන දේ ගැන මුළු ලෝකයම ඉන්නේ අවධානයෙන්. මේ යුවළ දින දෙකකට කලින් වයස මාස හතරක පුංචි පුතා ආචී සමග දකුණු අප්‍රිකාවේ තෙදින සංචාරයකට එක්වී තිබෙනවා. ආචීගේ ලස්සන ලෝකයම මුල්වරට දකින්නෙත් මේ සංචාරය අතරතුරයි. ආචිගේ ලස්සන පැපරාසි කැමරාවලට හසු වෙනවා. ඊයේ දින මේගන් කුමරිය එච්.අයි.වී […]
සෞදියේ ප්‍රධාන නගරයක මාර්ගයක් ඔස්සේ සිංහයෙක් සමග ඇවිද ගිය පුද්ගලයෙක් එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ සෞදි ජාතිකයෙක් වන අතර ආපනශාලාවක් ඉදිරිපිට මෙලෙස මෙම පුද්ගලයා සිංහයෙක් සමඟ සිටින විට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ අනුව සිංහයාව මහ නගරසභා බලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලුතිනන් කර්නල් නිලය දැරූ නිලධාරීන් 40 දෙනෙකු කර්නල් නිලයට උසස් කිරීමට සේනාවිධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසර ලබාදී ඇති බව යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් ඒ සඳහා අවසර ලබාදී ඇති බව සදහන්. එම උසස්වීම […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දින තරගය තව සුළු මොහොතකින් පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භ වෙනවා. ඒ අනුව පකිස්ථානයට ක්‍රිකට් වසන්තය උදා වුයේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්. පාකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ආරක්ෂාව සම්බන්දයෙන් තමන් අතිශයින් සෑහීමකට පත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක ලහිරු තිරිමාන්න ප්‍රකාශ කරනවා. එමෙන්ම […]
එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආර්ථිකය හෝ උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව කිසිවක් කථා කර නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාන්තිකර්මවේදීන්ගේ සම්මේනලය අමතමින් ඔහු මේ බව කියා සිටියා. ”දැන් නම් තොවිල් නටන්න වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මෙතෙක් කල් ගෙවල් ගැන කතා කළා මිසක් රටේ […]
පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් සාකච්ඡා කිරීම සදහා කැබිනට් මණ්ඩල අද පස්වරු 6.00 ට රැස් වීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කලේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. මෙම වර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කර තිබුණු […]