බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. ඔහු මැණික් ව්‍යාපාරිකයෙකු බවයි සෞඛ්‍ය අංශ තහවුරු කලේ. මේ වන විට දිස්ත්‍රික්ක 03 කින් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වී තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ අවශ්‍ය වුවහොත් කොවිඩ් එන්නත් සිව් වන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ.
කොවිඩ් එන්නත් ගත්තේ නැති මිලියන ගණනක් තම රටේ සිටින බව, අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම වෛද්‍ය උපදේශකයා වන ඇන්තනී ෆව්සි මහතා ප්‍රකාශ කරනවා. එන්නත් ගත්තේ නැත්තම් ඔවුන්ට කොවිඩ් රෝගයෙන් බේරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය තුළ ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. දිනකට ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ හතරට ආසන්න වෙමින් පවතින බවයි […]
අදින් ආරම්භ වූ නව වසර ලංකාවාසී සියලු දෙනාටත්, ලෝකවාසී සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා යන්න සියත අපේ ප්‍රර්ථනාවයි. මෙම වසරේ ඉටු කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු බලාපොරොත්තු එලෙසින් ම ඉටු වේවා යන්න සියත අපි හදවතින් ම ප්‍රර්ථනා කරනවා.
ලබන 05 වනදා සිට බස් ගාස්තු සියයට 17 කින් ඉහළ යනවා. පෞද්ගලික බස් රථ සඳහා නව ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හෙට සිට ක්‍රියාත්මකයි. ඒ කියන්නේ ඒ බස් රථවලට කොන්දොස්තරලා අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ පෞද්ගලික බස් රථ සේවයේ පමණක් කොන්දොස්තරලා 20,000ක් පමණ සේවය කරනවා. ඔවුන්ගෙන් යැපෙන සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂයක්.
බොරතෙල් මිලදී ගැනීම සඳහා බලපා ඇති අමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව යළි තාවකාලිකව වසාදැමීමට සිදුවී තිබේ. බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එලෙස ජනවාරි 3වනදා සිට තෙල් පිරිපහදුව වසාදමන බවයි.
මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, එම සංචිත ප්‍රමාණය මේ වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.
මට්ටකුලිය ප්‍රදේශයේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ 4ක් යොදවා ඇත.
ඉදිරියේ දී ප්‍රබල ආහාර අර්බුදයකට මුහුණ දීමට රටේ ජනතාවට සිදු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සිය ධූර කාලය තුළ වසර 04 කට වැඩි කාලයක් තමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කළ බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. තමන්ට ඉදිරිපත් නොකළ කොන්දේසි වත්මන් රජයට ඉදිරිපත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.
ජනමාධ්‍ය අමාත්‍යාංශයට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරු පත්කර ඇති බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි. අනූෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.
ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ඇඟයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව ඇයට කොළඹ නගරයේ පර්චස් 9.6 ක බිම් කොටසක් ලබා දීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ.
ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ආරම්භ වීමට නියමිතයි. ඒ උදුවප් පොහොයත් සමඟයි. වන්දනාවට එක්වන බැතිමතුන්ට එන්නත් කාඩ්පත අනිවාර්ය කරමින් පසුගියදා අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කළා. සුමන් සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සදාතුක කරඬුව රැගත් රථ පෙරහර අද අලුයම ශ්‍රී පාද මළුව වෙත ගමන් ආරම්භ කර තිබෙනවා.
නිවසක් නොමැතිව, උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. “කොළොම්තොට සරසවි උයන” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ.