News Line| Off Air
Generic placeholder image

Dec
4

“ශ්‍රී ලංකාව ඊයේ පිටිය මැද්දේ නාට්‍යයක් පෙන්නුවා.” – ඉන්දීය මාධ්‍ය සහ ICC වෙබ් පිටුව කෝලිට කඩේ යයි.

2213 Views


“ශ්‍රී ලංකාව ඊයේ පිටිය මැද්දේ නාට්‍යයක් පෙන්නුවා.” –  ඉන්දීය මාධ්‍ය සහ ICC වෙබ් පිටුව කෝලිට කඩේ යයි.

විෂ දුම වසා ගත්ත ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ ගැන ලෝකයම කතා කරා. ලෝකයේ ක්‍රිකට් තරඟයක පළවෙනි වතාවට මුඛ අාවරණ භාවිතා කරන්නත් ඊයේ ලංකාවට සිද්ධ වුණා. එ් වගේම ලංකාවේ වේග පන්දු යවන්නන් තරඟයෙන් ඉවත් වුණා. එ් නිසා ලංකාවේ පන්දු රැකීමේ පුහුණුකරු සහ අභ්‍යාසක දෙන්නා පන්දු රකින්නත් සූදානම් වුණා. මේ කලබල නිසා තරඟය දෙසැරයක්ම තාවකාලිකව නවත්තන්නත් විනිසුරුවන්ට සිද්ධ වුණා.

කොහොම වුනත් ලංකාවේ ක්‍රීඩකයන් මුඛ අාවරණ පැළදගෙන ක්‍රීඩා කරපු එකට ඉන්දියාව නම් සතුටු වුණේ නෑ. එ් බව ඉන්දීය ක්‍රිකට් විචාරකයන්ගේ කතා වලින් හොදටම තේරුණා. සංජේ මන්ජේකාර්, සුනිල් ගවස්කාර්, හර්ෂ බෝග්ලේ සහ ඕස්ට්‍රේලියානු විචාරක මැතිව් හේඩ්න් පවා ලංකාවට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරා. හැබැයි ලංකාවේ ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ගැන ඔවුන්ට පොඩිවත් ගැටලුවක් තියෙන බවක් පේන්න තිබ්බේ නෑ. ඔවුන් කොච්චර එ් ගැන විරුද්ධ වුණාද කියනවා නම් විරාත් කෝලී දැවී ගියේ ලංකාව මුඛ අාවරණ පැළදගෙන හිටිය නිසා කියලත් චෝදනා කරා. ඉන්දීය විචාරකයන් එ් තරමටම මෝඩද එහෙම නැත්තම් රටට වුණ කැළල වහගන්න කිව්වාද කියලා දන්නේ ඔවුන්ම තමා.

ඉන්දියාව විසින් අල්ලේ නටවන ICC යත් ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහනක් තියලා තිබ්බා. ඔවුන් කියලා තිබ්බේ ඊයේ දවස “නාට්‍යක් රඟ දක්වපු දවසක්” ක් කියලා. කොහොම වුනත් අැත්ත නැත්ත මොකක්ද කියලා අපි දන්නේ නෑ. හැබැයි ඊයේ තරඟය බලපු අයට නම් තේරෙන්න අැති ලංකාවේ ක්‍රීඩකයන් කොච්චර අපහසුවෙන්ද හිටියේ කියලා.


News Articles
Latest Videos
Most Popular Post