News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

“මම ලංකාවේ ඔක්කොම ණය එක දවසින් ගෙවනවා “- 2020 එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා කියයි.

211076 Views


“මම ලංකාවේ ඔක්කොම ණය එක දවසින් ගෙවනවා “- 2020 එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා කියයි.

අපි ණය ගන්නෙ බැංකුවෙන්. හැබැයි අපේ රට ණය ගන්නෙ පිට රටවලින්. සෙල්ලම් නෑ මේ වෙද්දි අපි ඇමෙරිකාව, චීනය, ඉන්දියාව වගේ රටවලට විතරක් නෙවෙයි ලෝක සංවිධාන කීපයකිනුත් ණය අරන් තියෙනවා. ඒ කොච්චරක්ද කියලා කියනවනම් මේ වෙද්දි ඉපදෙන්න ඉන්න දරුවන් පවා ලක්ෂ ගණන් වලින් පිට රට වලට ණයයි. මේ ණය කවදා, කොහොම ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙයිද?

හැමදාමත් අපි හිතන ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න අපේ රටේ මහාචාර්යවරයක් ඉදිරිපත් වෙලා . ඔහු නමින් රොහාන් පල්ලෙවත්ත. Toyota, Honda, Volvo, BMW,Aston Martin, Opel, වගේ වාහන රැසක එයා(ර්) බෑග් එකේ සෙන්සර් එක නිෂ්පාදනය කරන්නෙත් ඔහුට අයිති ලංකාවෙ සමාගමක. ඒකට පේටන්ට් අයිතියත් ඔහු සතුයි. රොහාන් මහත්තයා කියන විදිහට 2020 ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරොත් එක දවසෙන් මේ රටේ ණය ටික ඔහුට ගෙවලා දාන්න පුළුවන්ලු. ඔහු මේ බව කියල තිබුනේ අද ඇපල් පත්තරේට දීලා තිබුන සම්මුඛ සාකච්ඡාවකදි. මේවා කියන විදිහටම සිද්ධවෙයි ද කියලා නම් අපි දන්නෙ නැහැ. ඒත් එහෙම කතාවක් කියන්න තරම් වැඩකාරයෙක් ලංකාවේ ඉන්න බව දැනගන්න එක ඔබේ හිතට හොදයි කියලා අපිට හිතුනා. මේ තියෙන්නේ අද නිකුත් වුනු, ඉරිදා apple පත්තරේ සමග රොහාන් පල්ලෙවත්ත මහතා පල කළ අදහස්…

උපුටා ගැනීම : ඉරිදා Apple පුවත්පත (2017 අගෝස්තු 20 ඉරිදා)


News Articles
Latest Videos
Most Popular Post