ලංකාවේ ලකුණු මැෂිම සදීරව පාකිස්තානය එක්ක අවසන් එක්දින තරඟ දෙකට කැදවලා තිබ්බා. එත් තාමත් සදීර අබුඩාබියට ගිහිල්ලා නෑ. ඔහුගේ දෙමව්පියන් ඔහුව යවන්න කැමති වෙලා නෑ කියලා තමයි අපිට අාරංචි වුනේ. එ්කට හේතුව වෙලා තියෙන්නෙ එක්දින තරඟ දෙකට අබුඩාබියට ගියෝතින් ඔහුවත් අනිවාර්යෙන් ලාහෝර් තරඟයට සහභාගී කරවන නිසා. හැබැයි තාමත් සදීර එක් දින තරඟාවලියට යන්නෙ නෑ කියලනම් කියලා නෑ. එත් ඔහු තාමත් ඉන්නෙ ලංකාවේ කියන එක නම් අපිට ස්ථීරවම කියන්න පුළුවන්.