News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

අද ලග්න හතරකට ඥාතීන්ගේ ගැටළු. ඔබට කොහොමද කියලා මෙතනින් බලන්න.

1650 Views


අද ලග්න හතරකට ඥාතීන්ගේ ගැටළු. ඔබට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 28 සෙනසුරාදා

රාහු කාලය පෙ.ව 08.55 සිට10.25

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව නැගෙනහිර

 

 

මේෂ ලග්නය

ඔබට විශේෂයෙන් අලුත් අදහස් මතුවෙන අලුත් දේ කරන්න බලාපොරොත්තුවක් තිබෙන්නේ නම් ඒවා ක්‍රියාත්මක වීමට හැකියාවක් පවතිනවා. රැකියා ව්‍යාපාර කටයුතු අලුතෙන් පටන් ගැනීමට සුභ වෙන අතර අලුත් අදහස් මතුවන දවසක්. දුරබැහැර ගමන් බිමන් විදේශගත වීම් වැනි දේවල් වලට අතහිත යෙදවීමට සුභයි. දරුවන්ගේ කටයුතු සාර්ථකව නිමා කර ගැනීමට හැකි වෙනවා. කලක් තිබුනාවූ මංගල ප්‍රශ්නයකට විසදුම් සොයා යාමට අද හැකියාවක් තියෙනවා.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 05

වෘෂභ ලග්නය

වෙනදට වඩා බාහිර බලපෑම් චිත්ත පිඩා ඇති වෙනවා. ඥාතීන්ගේ ගැටළු නිසා විවේකය අඩු වෙනවා. සිතට කනස්සල්ලක් අසතුටක් ඇති වීමට ඉඩ තියෙනවා. තමන් කරන්නාවූ පුන්‍යකර්ම ඒ වගේම අසරණයින්ට පිහිට වීම් ආදී තුලින් ඔබට යහපත් දිනයක්. නව අදහස් තුලින් ඔබ ක්‍රියාත්මක වන්නාවූ කරුණු කාරනා ඉෂ්ට කර ගන්න හැකි නිසා අනුන්ගේ බහට කන්දෙන නිසාත් ඔවුන් අතර ජනප්‍රිය වෙනවා. යටිබඩ ආශ්‍රිත රෝග උෂ්ණ රෝග ඇති අය ප්‍රවේසම් විය යුතුයි. ජල පිඩා ඇති වෙනවා. තමන් සතු දෙයක් අන් සතු වීමට ඉඩ තිබෙනවා.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 05

 

මිථුන ලග්නය

අලුත් අදහස් අලුත් ක්‍රියාත්මක වීම් ඇති දිනයක්. නිර්මාණශීලිත්වයක් නිර්මාණ වලට දායක වීමක් ඇති වෙනවා. විහාර දේවාල වලදී කටයුතු කර ගැනීමේ හැකියාව තිබෙන අතර නිර්මාණවලට දායක වීමක් ඇති වෙනවා. ඒ වගේම විහාර දේවාල ආදී කටයුතු කර ගැනීමට හැකියාව තිබෙන අතර ගෙදරින් බැහැරව බොහෝ දේ සිදු වෙනවා. ඒ වගේම තමන්ගේ තිබෙන්නාවූ මිල මුදල් ආරක්ෂා කර ගැනීමට සිදුවන අතර චෝදනා වලින් ප්‍රවේසම් විය යුතුයි. සහෝදරයින් ඥාති හිතමිත්‍රාදීන්ගෙන් ගැටළු මතු වෙනවා. බොහෝ විට ඔබට සිතට අසහනකාරී තත්වයක් ඇති වේවි. ජලපිඩා ඇති වෙනවා.

ජය වර්ණය තද කොළ පැහැය                 ජය අංකය 02

කටක ලග්නය

තමන්ගේ පවතින්නාවූ ගැටළු නිරාකරණය කරගෙන හොද හිත පතුරවමින් ගමන් කරනවා. අවිවාහක අයෙක් නම් මංගල යෝග උදා කරනවා. බාහිර අකමැති වූ කෙනෙක් ලගට පැමිණෙන දිනයක්. එයින් සිතට සහනයක් නැගේවි. ඔබ ලගට එන අයගෙන් තරමක් කල්පනාකාරීව බුද්ධියෙන් කටයුතු සලස්වා ගැනීම හොදයි. නැතිනම් ඔබට මන්දෝත්සාහී ගතියක් චිත්ත පිඩා ඇති වේවි. කරගෙන යන වැඩ රාජකාරී වලට අකුල් හෙලීමක් සිදුවනු ඇති.

ජය වර්ණය ක්‍රීම් පැහැය                ජය අංකය 02

 

සිංහ ලග්නය

යම්කිසි කෙනෙක් කියන දෙයක් නිසා චිත්ත පිඩාවක් ඇතිවිය හැකියි. ඥාතීන්ගෙන් හිතවතුන්ගෙන් හැකිතාක් දුරට ඈත් වී හෝ කලකිරීමෙන් යුතුව පසුබැසීමක් කල යුතුයි. නැතිනම් ඔවුන්ගෙන් තාඩන පීඩන නින්දා අපහාස මතු වේවි. බොහෝ විට ඊර්ෂියාකාරයින්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. යටිකුට්ටු ව්‍යාපාර කරන්නන් නිසා කලකිරීමක් ඇති වෙනවා. තමන්ගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට නොහැකිතාවයක් ඇති වන නිසා මේ දිනයේදී ඔහු විශේෂයෙන් තමන් ගැන සිතා කටයුතු කරන්න.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 05

කන්‍යා ලග්නය

හැකිතාක් දුරට වෙනස් මගක් ගද්දි නිසි අධ්‍යාපනයක් කිරීමට ලැබෙන අතර අධ්‍යාපනික ස්ථාන වලින් සෑහීමකට පත් විය හැකියි. ඔබගේ දක්ෂකම් ඉස්මතුවන අන්දමේ කටයුතු කීපයක් එම ස්ථානයේ කෙරෙනවා. අධ්‍යාපනය ලබන්නාවූ තැන් වෙනස් කිරීමක් හෝ ස්ථාන මාරුවකට ඉඩ තියෙනවා. එවැනි දේකට දායක වීමක් තුලින් ඔබගේ මතගැටලු විසදා ගැනීමට හැකි වෙනවා. ඥාති විරෝධතා හෝ සතුරු කරදර ඇති වුවත් ඒවා අබිභවා යන ගතියක් පෙන්නුම් කරනවා. අලුත් අදහස් මත කරන කටයුතු නිර්මාණ කටයුතු සාර්ථක වෙනවා.

ජය වර්ණය තද කොළ පැහැය                   ජය අංකය 05

තුලා ලග්නය

මෙතෙක් කලක් කරගෙන ආ වැඩ රාජකාරි වෙනස් මගකට යොමුකර ගැනීමක් හෝ වාසිදායක අන්දමින් තමාට යහපත් ලෙස ක්‍රියාත්මක වීම නිසා ලැබීමට යහපත් වන දිනයක්. අලුත් අදහස් අලුත් මතවාද ගොඩනගමින් ඔබගේ තත්වය බලය පහ කිරීමට හෝ සතුරු කරදර ඇති වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුයි. පාද ආශ්‍රිත රෝග උෂ්ණ රෝග උදරාබාධ ඇති අය තරමක් ප්‍රවේසම් විය යුතු අතර ශල්‍යකර්ම වලට පවා ඉඩ තිබෙන දිනයක්. ඥාතීන් ඇසුරු කරන්නන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබේවි.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 02

 

වෘශ්චික ලග්නය

 

වෙනදට වඩා උද්යෝගිමත්ව ක්‍රියාකාරීව කටයුතු කලත් බාහිර බලපෑම මත චිත්ත පිඩා කලකිරීම් ඇති වෙනවා. සතුරු කරදර තුලින් ඔබට නොහැකිතාවයක් ඇති කිරීමට ඉඩ තිබෙන නිසා උද්යෝගිමත් වීම නුවණට හුරු දිනයක්. නව රාජකාරියක් අලුත් කටයුතු පටන් ගැනීමක් හෝ නව ව්‍යාපාරයක් රැකියාවක් තුලින් ඔබගේ තත්වය බලය වැඩි දියුණු කර ගැනීමට ඉඩ තිබෙනවා. ණය මුදලක් ගැනීමක් හෝ ණය දීමනාවක් ඇති වීමට ඉඩ තිබෙන නිසා එවැනි දේ ගැන සැලකිලිමත් විය යුතුයි. අමුත්තෙකු ගෙදරට පැමිණීමක් හෝ අලුත් දාරක ශක්තියකට හේතු සාධක ඇති බැවින් යහපත් වෙනවා.

ජය වර්ණය රෝස පැහැය             ජය අංකය 02

ධනු ලග්නය

ඔබ නිහඩව නොසිට කරන කටයුතු කිරීමටත් වැරදි මතවාද වලට ප්‍රතිප්‍රහාර දෙමින් යහපත් ලෙස ඔබගේ පැත්තට බලය රදවා ගැනීමට හැකියාවක් තියෙනවා. ගෙදර දොරට අමුත්තන් පැමිණීමක් හෝ ඔවුන් හා සතුටු සාමිචියක යෙදෙමින් රසවත් ආහාරපාන භුක්ති විදීමටත් හැකියාව තියෙනවා. වියදම් වැඩි වේවි. ලැබීම අතින් යහපත් වුවත් ඉක්මන් වියහියදමක් නිසා ඔබට මුදල් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීමට සිදු වෙනවා. තමන්ගේ ඥාතියෙක් නිසා තමන්ට සිත් තැවුල් ඇති වේවි.

ජය වර්ණය රන්වන්කහ පැහැය                 ජය අංකය 02

 

මකර ලග්නය

වෙනදට වඩා උද්යෝගිමත් එඩිතර විලාසයක් ගෙනහැර පැවත් අවසානයේ ඔබට කලකිරීම් මතු වේවි. චිත්ත පිඩා මතු වේවි. යාන වාහන සම්බන්ධයෙන් ගැටලුකාර තත්වයක් ඇති වෙනවා. ලැබීම අතින් යහපත් වුවත් වියදම් වැඩි වෙනවා. ඔබට තියෙන දේ මනා ශක්තියකින් යුතුව කර ගැනීමෙන්ද අන්‍යන්ගේ දේට ඇගිළි ගැසීමෙන් වලකිමෙන්ද සිටිය යුතුයි. එයින් ඔබට යහපත උදා වෙයි.

ජය වර්ණය රෝස පැහැය              ජය අංකය 05

කුම්භ ලග්නය

කරගෙන යන වැඩ කටයුතු අසාර්ථක වීමක් හෝ බාධා වීමකින් තොරව කරගෙන යාමක් සිදු වෙනවා. පාද ආශ්‍රිතව රෝගාබාධ ඇතිවිය හැකියි. යානවාහන ගමන් කිරීම් උස නැගීම වැටීම් ආදියෙන්ද ප්‍රවේසම් විය යුතු දිනයක්. අන්‍යන් සතු දෙයක් ඔබ මතට පැවරීමක් හෝ වගකීමක් දරන්නට සිදු වෙනවා. තමන්ගේ උරුමහිමිකම් ලබා ගැනීමට සුභ දිනයක්.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 02

මීන ලග්නය

වෙනදට වඩා උද්යෝගයෙන් කටයුතු කලද සුළු සුළු බාධාවන් නිසා කලකිරීම් ඇති වේවි. මෙතෙක් කලක් කරගෙන ගිය ව්‍යාපාරයක වෙනසක් හෝ ස්ථාන මාරුවකට ඉඩ ඇති දිනයක්. ඒ වගේම කරගෙන යන වැඩ කටයුතු විශේෂයෙන් කර ගැනීමේ හැකියාවක් තියෙන අතර නවතාවයකින් යුතුව මිල මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියාවක් පවතිනවා.

ජය වර්ණය රන්වන් කහ පැහැය                 ජය අංකය 05

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 0766 765 353


News Articles
Latest Videos
Most Popular Post