රෙස්ලින් කියන්නෙ වයස් බේදයක් නැතුව කවුරුත් අස කරන ක්‍රීඩාවක්. හබයෝ රෙස්ලින් ටිකක් භයානක ක්‍රීඩාවක්. මොකද නිසි පුහුණුවක් නැතුව රෙස්ලින් ක්‍රීඩා කරන්න බෑ. ඒ වගේම ජාත්‍යන්තර රෙස්ලින් පිටියට (WWE) යන්න හැමෝටම බෑ. එකට හොඳ හැකියාවක් තියෙන්න ඕන. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවෙන් පළවෙනි වතාවට කාන්තාවක් WWE තරඟ සදහා සහභාගී වෙලා තියෙනවා.
ජාත්‍යන්තර රෙස්ලින් පිටියට ආපු පළවෙනි ඉන්දීය කාන්තාවත් ඇය. “කවිතා දෙවි” (Kavitha Devi) කියලා තමයි ඇය රෙස්ලින් පිටියේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.විශේෂතවය තමයි ඇය බිරිඳක් වගේම මවක්. “විවාහ වෙලා දරුවෙක් ලැබුනට පස්සේ රෙස්ලින් පස්සේ යන්න එපා කියලා මට කිව්වා. එත් ගෙදර ඉන්නකොට මගේ හුස්ම හිරවෙනවා වගේ දැනුණේ. මම ජිවිතේ නැති කර ගන්නත් උත්සහා කරා.” කවිතා කිව්වේ එහෙමයි. ඒ වගේම රෙස්ලින් වළල්ල ඇතුලේ ඉන්නකොට ඇයට පුතෙක් සහ පවුලක් ඉන්නවා කියලත් අමතක වෙනලු. මේ වෙද්දී කවිතා ග්‍රේට් කාලි යටතේ පුහුණු වෙනවලු. ග්‍රේට් කාලි තමයි WWE පිටියට ගිය පළවෙනි ඉන්දියානුවා.
හැබැයි මේ දිහා බලලා ලංකාවේ කාන්තාවන් නම් මේ සෙල්ලම් දාන්න යන්න එපා. මොකද එහෙම වුනොත් නම් හොඳට තියෙන අතපය කඩා ගන්න තමයි වෙනනේ.