News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

රට විරුවන් නිසා දකුණු කොරියාවේ හොදම එක ශ්‍රී ලංකාවට.

2018 Views


රට විරුවන් නිසා දකුණු කොරියාවේ හොදම එක ශ්‍රී ලංකාවට.

දකුණු කොරියාව කියන්නේ මැද පෙරදිගට පස්සේ වැඩිම ශ්‍රමිකයින් පිරිසක් ලංකාවෙන් යන රට. දකුණු කොරියාව තුල ලංකාව හොඳ නමක් දිනාගෙන තියෙනවා. එක අයෙත් සැරයක් තහවුරු කරන්න ලංකාව සමත් වුනා. ඒ දකුණු කොරියාවට ශ්‍රමිකයින් එවනු ලබන රටවල තානාපති කාර්යාල අතුරින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2017 වසරේ හොඳම තානාපති කාර්යාලය විදියට .

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරපු නිවේදනයකට අනුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තේරිලා තියෙන්නේ රටවල් 16 ක තානාපති කාර්යාල අතුරින්. හොඳම ක්‍රමවේද හා උපාය මාර්ගික සැලසුම් භාවිත කරලා තමන්ගේ සේවකයින්ට හොඳම සේවාවක් සපයන තානාපති කාර්යාලය විදියට තමයි ලංකාව මේ හොඳ නම දිනාගෙන තියෙන්නේ. දකුණු කොරියාවේ කම්කරු හා රැකියා අමාත්‍යංශය විසින්තමයි මේ වැඩසටහන පවත්වලා තියෙන්නේ. දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනයෙන් තමයි ඔවුන් මේ සඳහා නිර්දේශ ලබා ගෙන තියෙන්නේ.

  • වීසා බලපත්‍ර නොමැතිව දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රමිකයන් අවම කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම
  • සේවය නිම කර මව් රට බලා යන ශ්‍රමිකයින් සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු සංවිධානය කිරිම
  • රැකියා සඳහා පැමිණෙන නවක ශ්‍රමිකයින් දැනුවත් කිරීම
  • ධීවර ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් දැනුවත් කිරීම
  • රැකියා හා සුබසාධන කටයුතු
  • ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග

කියන කරුණු තමයි හොඳම තානාපති කාර්යාලය තෝරන්න පාදක කරගෙන තියෙන්නේ. හැබැයි වීසා බලපත්‍ර නැතුව නීති විරෝධී විදියට රැඳී ඉන්න පුද්ගලයන් නිසා දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා කෝටා ප්‍රමාණය මේ වසරේ දී අඩු වෙලා කියලත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා කිව්වා. මේ වෙද්දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 25,000 අධික පිරිසක් දකුණු කොරියාවට යවලා තියෙනවා. ඉන් 5,000 වැඩි සංඛ්‍යාවක් වීසා බලපත්‍ර නැතුව නීති විරෝධී විදියට රැකියා කරනවා කියලයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ.

කොහොම වුනත් ලංකේ කිහිප දෙනෙක් දකුණු කොරියාවේදී කරපු නොසන්ඩාල ක්රිආ ඛිපයක්ම පහුගිය කාලයේ කතා වුනා. ඒ වුනත් මේ වගේ හොඳ නමක් ලංකාවට දිනා ගන්න පුළුවන් වීම ගැන රටක් විදියට හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන්.

 


News Articles
Latest Videos
Most Popular Post