අද 2017 ඔක්තෝම්බර් මාසයේ 30 සදුදා
රාහු කාලය පෙ.ව 07.27 සිට 08.56
සුභ දිශාව නැගෙනහිර
මරු සිටින දිශාව වයඹ

වෘත්තිමය කටයුතු වලට ගේදොර සම්බන්ධ කටයුතු වලට යාන වාහන සම්බන්ධ කටයුතු වලට වැඩි උනන්දුවක් දක්වන දවසක්. ආර්ථික කටයුතු ශක්තිමත්ව පවත්වාගෙන යාමේ හැකියාව වාසනාව ඔබට උදා වෙනවා. සතුරු කරදර තිබුණානම් ඒවා ගැන හරියටම දැන ගන්න හැකි වෙනවා. සුරතල් සතුන් පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා. කොන්ද ආශ්‍රිත රෝග තත්ව වලින් පිඩා වින්දානම් ඒවා දුරු කර ගත හැකි වෙනවා.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 03

කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව වලින් පුංචි හෝ පීඩාකාරී තත්වයක් ඇති වේවි. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. සහෝදර ඥාතීන් අතර හොදහිත වර්ධනය වෙනවා. තමන්ගේ ශක්තිය මුල්කරගෙන ඔබට දක්ෂයෙක් වීරයෙක් වෙන්න පුළුවන්. අලුත් දේවල් මිලදී ගන්න එතරම් සුභ දවසක් නොවේ. සමාජ ගෞරවයට පාත්‍ර වීමේ දවසක්.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 03

තමන්ගේ කටයුතු තරමක් අඩාල විය හැකියි. අධ්‍යාපනික කටයුතු වල පවා පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි. වාග් ශක්තිය මුල්කර ගෙන බොහෝ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉවසීම අත්‍යවශ්‍යයි. ගෙදරදොර අලංකරණය සදහා ඉතාමත්ම යහපත් දවසක්. තමන්ගේ මව් දෙමාපියන්ගේ යහපත් ප්‍රතිචාර ලැබෙනවා. වෘත්තිමය කටයුතු වල නම් තරමක් බාධා එල්ල විය හැකියි.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 07

කායික ශක්තිය වර්ධනය කරගැනීමේ ඉඩකඩක් ඇති වුනත් මානසික ශක්තිය නම් යම් ප්‍රමාණයකට නම් අඩාල වෙනවා. විවිධ අදහස් විටින් විට පහල වීම හේතු කරගෙන ගැටලුකාරී තත්ව වලට මුහුණ දෙන්න සිදු වෙනවා. තමන්ගේ අරමුණ එක මතයක තබා ගැනීමට නොහැකි වෙනවා. ඒ පිලිබදව කල්පනාකාරී වෙන්න. ගෘහාශ්‍රිත කටයුතු දියුණු කරගන්න පුළුවන්. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. තරගකාරි කටයුතු වලින් පවා ජයග්‍රහණය හිමි වෙනවා. සෑම කටයුත්තක්ම සාර්ථකව කෙරුණත් අවසානයේදී මනසට පුංචි හෝ පිඩාවක් ඇති වෙනවා.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 06

වියදම් පාර්ශවය ඉහල යනවා වගේම තමන්ගේ සෞඛ්‍යටත් යම් ආකාරයක බාධාවක් ඇති වෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න යහපත් දවසක් නොවේ. වැඩිහිටියන්ගේ සෞඛ්‍යට පවා අහිතකරතා ඇති වෙනවා. පාද ආශ්‍රිත රෝග තත්ව වලින් දෛනික කටයුතු වෙනස් කිරීමට සිදු වෙනවා. අතගහන බොහෝ කටයුතු නිරන්තරයෙන්ම වෙනස් කිරීමට සිදුවන නිසා මනසට පුංචි හෝ පීඩාකාරී ස්වභාව ඇති වෙනවා. ප්‍රේමනීය සබදතා විවාහ සබදතා ශක්තිමත් කර ගැනීමේ වාසනාව පවතිනවා. අධ්‍යාපනික කටයුතු වලට පුංචි හෝ මන්දගාමී ස්වභාවයක් ඇති වෙනවා.
ජය වර්ණය රන්වන්පැහැය ජය අංකය 04

ආර්ථික ශක්තිය දියුණු කර ගැනීමේ වාසනාව පවතිනවා. සංචාරක කටයුතු වැනි කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. වෘත්තිමය කටයුතු දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. පපුව ආශ්‍රිත රෝග තත්ව සෙම් සහිත රෝග තත්ව වලට ලක්විය හැකියි. කොහොඹ වෘක්‍ෂයකට ජලය වත් කරන්න.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 07

වෘත්තිමය කටයුතු වල නිතර වෙනස්කම් ඇතිවිය හැකියි. දණහිස ආශ්‍රිත රෝග වුවත් ඇතිවිය හැකියි. වෘත්තිමය කටයුතු ජවසම්පන්නව පවත්වාගෙන යන්න ඔබ උත්සහ කරනවා. එවැනි කටයුතු වලින් ආදායම් මාර්ග උත්පාදනය කරගැනීමේ හැකියාව පවතිනවා. හැඟීම් පාලනය කරගෙන බුද්ධියට ඉඩ දුන්නොත් ඇති වෙන්න පුළුවන් බොහෝ බාධක දුරු කරගෙන වාසනාව තමන් සතු කරගන්න පුළුවන්. අසල්වාසීන් සමග හොදහිත පළුදු වෙන්න පුළුවන්. කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. සමාජ තත්වය වර්ධනය වෙනවා. ඉවසීමත් ඔබම වර්ධනය කරගත යුතුයි.
ජය වර්ණය ලා දම් පැහැය ජය අංකය 07

පෙර පින ඉස්මතු කරගැනීමේ හැකියාව පවතිනවා. කාලයක් අතහැර තිබු කටයුතු නැවත ආරම්භ කරනවා . යාන වාහන සම්බන්ධ සිහින සැබෑකරගන්නවා . ආකර්ෂණ ශක්තිය ඉහල යනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. ඔබ තුල තිබුණු මන්දගාමී ස්වභාවය යම් ප්‍රමාණයකට යටපත් වෙලා වාසනාව ශක්තිය ඔබ කරා ලං වෙනවා.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 08

වෘත්තිමය කටයුතු වලට යම් ආකාරයක බාධාකාරී තත්ව ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. කායික ශක්තිය දුර්වල වෙනවා. මානසික ශක්තිය වර්ධනය වෙනවා. පාද ආශ්‍රිත රෝග තත්ව ඇති වීමේ වැඩි අවධානමක් පවතිනවා. තමන් කරන කටයුතු පිලිබදව වෙනදට වඩා සැලකිල්ලක් දැක්වීම වඩා වැදගත්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. රැකිරක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව වැඩි උනන්දුවක් සහ වගකීමක් පවත්වා ගෙන යා යුතුයි. තමන්ගේ ආර්ථික මට්ටම වගේම තමන්ගේ මානසික මට්ටමත් තදබල ආකාරයට කැඩී බිදී යා හැකියි. පියපස ඥාතීන්ගෙන් බොහෝ උදව් උපකාර ලබා ගන්න පුළුවන්.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 03

ඔබගේ විවාහ සම්බන්ධතා ප්‍රේමනීය සම්බන්ධතා පිලිබදව පුංචි හෝ මතවාද ගැටුම් ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා පවතිනවා. වියදම් පාර්ශවය ඉහල යනවා. අත්සන් තැබීම වැනි කටයුතු වලදී බොහෝ සෙයින් වගකීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 08

කායික ශක්තිය වර්ධනය වෙනවා. සමාජයේ ගෞරවය ඉහල යනවා. තමන්ට එරෙහිව තිබ්බ චෝදනාවක් නිදොස් කර ගැනීමේ හැකියාව පවතිනවා. සෞඛ්‍ය තත්වය ඉහල මට්ටමක පවතිනවා. අන් අයව විශවාස කරලා කරන කටයුතු වලින් ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. යාලු හිතමිත්‍රයන් පවා තමන්ගේ කටයුතු වලට උදව් කරනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. සමාජ ආර්ථික පදනම දියුණු කරගන්න හැකියාව උදා වෙනවා.
ජය වර්ණය ලා නිල්පැහැය ජය අංකය 03

තරගකාරි කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත්කර ගන්න පුළුවන්. අධ්‍යාපනික කටයුතු වලට නම් එතරම් යෝග්‍ය නොවේ. තමන්ගේ දු දරුවන්ගේ කටයුතු පිලිබදව අවධානය යොමු කරන්න. සෙම් සහිත රෝග වලින් වගේම චිත්ත පීඩා ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. යන එන ගමන බිමනේදී ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න. පියපස ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. ප්‍රේමනීය සබදතා ශක්තිමත් කරගන්න තවමත් ඉඩකඩ පවතිනවා.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 05
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය : 0766 765 353