News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

තරඟාවලිය පැරදුනත් ICC යෙන් තිසර පෙරේරාට උසස්වීමක්.

2552 Views


තරඟාවලිය පැරදුනත් ICC යෙන් තිසර පෙරේරාට උසස්වීමක්.

පකිස්තානය සමග පවතී T20 තරඟය නිමාවීමත් එක්කම ICC ය අලුත්ම T20 ශ්‍රේණිගතකිරීම් නිකුත් කරලා තියෙනවා. හැබැයි ලංකාවට නම් සැලකියයුතු වර්ධනයක් ලැබිලා නැ. හැබැයි තිසර පෙරේරාට නම් පන්දු යවන්නන්ගේ සහ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ ස්ථාන කිහිපයක් ඉහලට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා. T20 කණ්ඩායම ශ්‍රේණිගතකිරීම් වල ලංකාව තාමත් 8වෙනි ස්ථානයේ රැදී ඉන්නවා. පාකිස්තානයේ ස්ථානයේත් කිසි වෙනසක් වෙලා නෑ. ඔවුන් 5 වෙනි ස්ථානයේ රැදී ඉන්නවා.

පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 39 වෙනි තැන හිටිය කුසල් පෙරේරා 41 දක්වා පහත බැහැලා තියෙනවා. 51 හිටිය තිසර 56 ටත් 59 මැතිව්ස් 63 දක්වාත් පහලට ඇවිත් තියෙනවා. කපුගෙදර 68 ඉදලා 74 දක්වා පසුබැහැලා තියෙනවා. කොහොම වුනත් මිට කලින් ICC ශ්‍රේණිගතකිරීම් වල නොහිටිය දනුෂ්ක ගුණතිලක 95 වෙනි තැනට ඇවිත් තියෙනවා.

ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම් වල 21 වවන ස්ථානයේ හිටිය කුලසේකර 28 දක්වා පහළට ඇවිත් තියෙනවා. 36 වෙනි ස්ථානයේ හිටිය මාලිංග 44 දකවා පහළ දමන්න ICC ය කටයුතු කරලා තියෙනවා. හැබැයි මිට කලින් 80 වෙනි ස්ථානයේ හිටිය තිසර පෙරේරා 74 වෙනි ස්ථානය දක්වා ඉහළට ඇවිත් තියුඑනවා. ඒ වගේම මිට කලින් ICC පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම් වල නොහිටිය විකුම් සංජය සහ ඉසුරු උදාන අලුත්ම ශ්‍රේණිගතකිරීම් වලට ඇවිත් ඉන්නවා. විකුම් 95 වන තැනටත් ඉසුරු 96 වෙනි තැනටත් ඇවිත් තියෙනවා.

T20 තරඟ වල තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගතකිරීම් වල 18 වෙනි ස්ථානයේ හිටිය තිසර පෙරේරා 16 වෙනි ස්ථානය දක්වා උසස් කරන්න ICC ය කටයුතු කරලා තියෙනවා. හැබැයි කලින් 12 වෙනි ස්ථානයේ හිටිය ඇන්ජලෝ මැතිව්ස් 18 දක්වා පහළට අවිට්‍ර්හ් තියෙනවා.

t20 පිතිකරණ ශ්‍රේණිගතකිරීම

t20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම

t20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගතකිරීම


News Articles
Latest Videos
Most Popular Post