News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

වසර 8 කට පසු ලාහොර් වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් ප්‍රහාරයක්.

3269 Views


වසර 8 කට පසු ලාහොර් වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් ප්‍රහාරයක්.

වසර 8 කට පස්සේ අායෙත් සැරයක් පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වුනා. එ් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන්. ලෝකයම බලාගෙන හිටිය තුන්වෙනි T20 දැවැන්ත පරාජයක් ලබා ගන්න ලංකාවට සිද්ධ වුනා. එත් එක්කම T20 තරඟාවලියත් 3 -0 විදියට ජයග්‍රහණය කරන්න පාකිස්තානය සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත්ත තිසර දෙවෙනියට පන්දුවට පහර දෙන්න තීරණය කරා. හොඳ අාරම්භයක් ලබා ගත්ත පාකිස්තාන පිතිකරුවන් පළවෙනි කඩුල්ලට ලකුණු 57 ක් රැස් කරා. ෆාකර් සමාන් ලකුණු 31 යි. උමාර් අමීන් ලකුණු 45 යි. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ හයේ පහරක් අැතුලත් වුනා. ඊට පස්සේ පිටියේ එක්වුණ ෂොයිබ් මලික් සහ බාබර් අසාම් 3 වෙනි කඩුල්ලට ලකුණු 75 ක සබදතාවක් ගොඩනැගුවා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ෂොයිබ් මලික් ලකුණු 54 යි. එ් 4 පහර 5 ක් සහ 6 පහර 2 ක් එක්ක. බාබර් අසාම් නොදැවී ලකුණු 34 යි.

පන්දුවාර 20 අවසන් වෙද්දී පාකිස්තානය ලකුණු 180 ක් ලබා ගත්තා. එ් කඩුලු 3 ක් විතරක් දැවී. ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් 8 දෙනෙක් පන්දු යැව්වා. නමුත් එ් කාටවත් පාකිස්තානයේ ප්‍රහාරයෙන් ගැලවෙන්න බැරි වුණා. විකුම් සංජය, ඩිල්ෂාන් මුණවීර සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

ලකුණු 181 ක ඉලක්කයක් හඹා යන්න පිටියට අාපු ලංකාවේ මුල් කඩුලු 3 ඕවර 4 ක් තුලදී බිද වැටුණා. ලංකාවේ ඉනිම ගොඩ ගන්න උත්සහ කරපු දසුන් ශානක වේගවත් ලකුණු 54 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක සහ 6 පහර 3 ක් අැතුලත් වුණා. චතුරංගද සිල්වා ලකුණු 21 යි. නායක තිසර ලකුණු 10 කට දැවී ගියා. සීක්කුගේ ප්‍රසන්න 6 පහර 2 ක් සමඟින් ලකුණු 16 යි. අනෙක් කිසිම ක්‍රීඩකයෙන්ට සාර්ථක වෙන්න පාකිස්තානයේ පන්දු යවන්නන් අවසර දුන්නේ නෑ.

පන්දුවාර 20 අවසන් වෙද්දී ලංකාවට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 144 ක් විතරයි. ලංකාවේ කඩුලු 9 ක්ම බිඳ වැටුණා. ශ්‍රී ලංකාවේ පිතිකරුවන් දඩයම් කරපු මොහොමඩ් අමීර් කඩුලු 4 යි. ෆහීම් කඩුලු 2 යි. තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා සම්මාන දෙකම ෂොයිබ් මලික්ට හිමි වුණා.

ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් තවත් අෑතට ගිහින් තියෙන්නෙ. එක්දින තරඟාවලියේ වගේම T20 තරඟාවලියේත් දැවැන්ත පරාජයන්ට මුහුණ දෙන්න ලංකාවට සිද්ධ වුණා. මීලඟට තියෙන්නේ ඉන්දියානු සංචාරය. වැරදි දැන්ම හදා ගත්තේ නැත්තම් ශ්‍රී ලංකා ක්‍රිකට් වල අවසානය ලියවෙන දවස වැඩි අෑතක නොවෙන්න පුළුවන්.

 


News Articles
Latest Videos
Most Popular Post