ක්‍රිස් ගේල් කියන්නේ ක්‍රිකට් පිටියේ දැවැන්ත ප්‍රහාරකයෙක්. ඔහුගේ පිත්තේ වැදුන පන්දුවක් හතරේ සිමාවෙන් මෙහා නැවතුනා නම් ඒ හරිම කලාතුරකින්. ක්‍රිකට් පිටියේදී වගේම ඉන් එළියේදීත් ගේල් ටිකක් හිතුවක්කාර චරිතයක්. ඒ වගේම කාන්තාවන් නිසා නිතර තොප්පි වැටෙන කෙනෙක්. කාලෙන් කාලෙට ඔහු ගැන මොකක් හරි ප්‍රවෘතියක් එනවා. ළගදිත් කාන්තාවක් ඔහුට විරුද්ධව අධිකරණයට ගිහින් තිබ්බා. ඒ 2015 පැවැත්වුන ලෝක කුසලානය අතරතුර ක්‍රිස් ගේල් තමන්ට ලිංගික හිංසන කරා කියලා.
කොදෙව් කණ්ඩායමේ හිටපු සම්බාහකවරියක් තමයි මේ විදියට ගේල්ට එරෙහිව නඩු දාලා තිබ්බේ. කොහොම වුනත් අධිකණය ඒ චෝදනා වලින් ඔහුව නිදහස් කරා. අධිකරණයෙන් එළියට ආපු ගේල් මාධ්‍යට කිව්වේ “මම සතුටු වෙනවා ඇත්තටම වෙච්ච දේ මොකක්ද කියලා ජනතාවට දැනගන්න ලැබුණ එකට” කියලා. ඒ වගේම ඔහුට මේ ගැන කියලා මද ගහපු ඕස්ට්‍රේලියානු මධ්‍යජාලයකට එරෙහිව නඩු දානවා කියලත් ගේල් කිව්වා.
කොහොම වුනත් ඔහු මේ චෝදනා වලින් නිදහස් වුන එකට ලෝකය පුරාම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉන්නේ සතුටින්. පිටියේදී හිතුවක්කාර කම් කරාට පිටතදී ඔහු හරිම හොඳ කෙනෙක් කියලයි ඔහුට ආදරය කරන අය නම් කියන්නේ.