News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

ලග්න දෙකකට ප්‍රේමනීය සබඳතා ශක්තිමත් වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1575 Views


ලග්න දෙකකට ප්‍රේමනීය සබඳතා ශක්තිමත් වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 01 බදාදා

රාහු කාලය පෙ.ව 11.54 සිට 01.23

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව නිරිත

 

 

මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා වලට ඉතාමත්ම යෝග්‍යයි. විවාහ ජීවිතය ඇතුලේ පුංචි හෝ බාධා කම්කටොලු තිබුණානම් ඒවා දුරු කරගත හැකියි. අලුත් ව්‍යාපාර කටයුතු අලුත් ආයෝජන මාර්ග පිලිබදව අවධානය යොමු වෙනවා. ප්‍රේමනීය සබදතා ශක්තිමත් වෙනවා වගේම මිතුරන් සමග කරන ආදායම් මාර්ග සම්බන්ධ කටයුතු වලිනුත් යම් යහපතක් උදා කරගැනීමේ හැකියාව පවතිනවා. ගෘහාශ්‍රිත කටයුතු උදෙසාත් යම් කැපවීමක් වෙහෙසක් දරන්න සිදු වෙනවා. කොන්ද තුනටිය ආශ්‍රිතව තිබුණු රෝග තත්ව යටපත් වෙනවා. චිත්ත පිඩා ඇති වීමේ යම් ඉඩකඩක් පවතිනවා.

ජය වර්ණය දීප්තිමත් කොළ පැහැය                        ජය අංකය 06

වෘෂභ ලග්නය

කායික ශක්තිය ඉහල යන මට්ටමක් පෙන්නුම් කරනවා. ක්‍රීඩාශීලි කටයුතු වලට ජවසම්පන්න කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. පපුව ආශ්‍රිත පුංචි රෝග තත්ව ඇති වීමේ අවධානමක් පවතින නිසා සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කිරීමත් වඩාත් වැදගත් වේවි. ගෙදරදොරේ කටයුතු වලට දක්වන උනන්දුව වෘත්තිමය කටයුතු වලට නොදැක්වීම නිසා ඉහල නිලධාරීන්ගේ යම් ආකාරයක දෝෂ දර්ශනයකට ලක් වෙනවා. ජලාශ්‍රිත කටයුතු දියරමය කටයුතු කොමිස් මුදල් හිමි වෙන කටයුතු වලින් යම් ජයග්‍රහණයක් වාසියක් උදා කරගැනීමේ හැකියාව පවතිනවා. අලුත් ආදායම් මාර්ග විවර කරගැනීමට අද දවස එතරම් යහපත් නොවේ. මානසික තෘප්තිය ඉතාමත්ම උසස් මට්ටමක පවත්වා ගත හැකියි.

ජය වර්ණය විසිතුරු පැහැය                        ජය අංකය 03

මිථුන ලග්නය

අධ්‍යාපනික කටයුතු තරගකාරි කටයුතු ජයග්‍රාහී ලෙස පවත්වා ගත හැකියි. දරු මුණුබුරන් සමග කරන කටයුතු වලින් පවා බොහෝ සතුටක් ඔබට එකතු වෙනවා. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු පිලිබදව වෙනදට වඩා සැලකිල්ලක් දක්වන්න. ඔබගේ උගත්කමට සාපේක්ෂව යම් ආදායම් මාර්ගයක් විවර කරගන්න උසස්වීම් අපේක්ෂා කරා නම් එවැනි කටයුතු සාර්ථක කරගන්න වාසනාව පවතිනවා. මුත්‍රාශය කොන්ද ආශ්‍රිත රෝග ඇති වේවි.

ජය වර්ණය ලා කොළ පැහැය                  ජය අංකය 06

කටක ලග්නය

අලුත් දේපල යානවාහන ආදී දේවල් මිලදී ගන්නත් ඉතාමත්ම යහපත් දවසක්. ඔබ නිතර නිදා ගන්නා ස්ථානයේ යම් වෙනස් වීමකට ලක් වීමට ඉඩ තියෙනවා. බොහෝ කටයුතු ඔබට අවශ්‍ය විදියට සැහැල්ලුවෙන් ඉටු වේවි. මව්පස ඥාතීන්ගෙන් බොහෝ දේවල් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පුංචි පුංචි චිත්ත පීඩා ඇති වෙනවා. අන් අයට උදව් උපකාර කරන්න. හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව මන්දගාමී ස්වභාවයක් පවතිනවා. තමන්ගේ වෘත්තිමය කටයුතු නම් දියුණු කරගන්න හැකි වෙනවා.

ජය වර්ණය ක්‍රීම් පැහැය                ජය අංකය 02

 

සිංහ ලග්නය

කායික ශක්තිය මානසික ශක්තිය ඉහල යන දවසක්. ඔබේ අසල්වාසීන් සමග තිබුණු මිතුරුකම් වඩාත් වර්ධනය වෙනවා. පුංචි පුංචි චිත්ත පීඩා තිබුණානම් ඒවා යටපත් කරගෙන වාසනාව ලගා කරගන්න හැකි වෙනවා. දුර බැහැර ගමන් වලින් පාද ආශ්‍රිත රෝග තත්ව ඇති වෙනවා. කලාකාමී කටයුතු වලට ඉතාමත් යෝග්‍යයි. අලෙවිකිරීම් වැනි කටයුතු වලටත් යෝග්‍යයි. ආදායමට සාපේක්ෂව වියදම ඉහල යනවා.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 07

කන්‍යා ලග්නය

ඥාන ශක්තිය වර්ධනය වෙනවා. කල්පනාකාරීව තීන්දු තීරණ ගත යුතුයි. බුද්ධිය යටපත් වෙන්න ඉඩ තබන්න එපා. ව්‍යාපාරික කටයුතු වලින් බොහෝ ධන ලාභ ලැබිය හැකියි. දුරබැහැර ගමන් වලින් ධන ලාභ මිතුරු ලාභ ලැබෙනවා. ජිවිතයට යම් බලාපොරොත්තු එකතු කරගන්න හැකියි. මෙත්තානිසංස සුත්‍රය වරක් හෝ සජ්ජායනා කරන්න.

ජය වර්ණය ලා කොළ පැහැය                     ජය අංකය 03

තුලා ලග්නය

හැකියාවන් වර්ධනය කරගත හැකියි. ආදායම් මාර්ග විවර වෙනවා. අන්‍යාගමික අන්දේෂිත පුද්ගලයන් සමග පවා සබදතා ගොඩනගා ගත හැකියි. කායික ශක්තිය නිරෝගී වෙනවා. මානසික ශක්තිය උසස් බවට පත් වෙනවා. යාලු හිතමිතුරන් ඔබට උදව් කරන දිනයක්. රැකිරක්ෂා වෙළදාම් කටයුතු තුලින් ආදායම් වර්ධනය කරගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් සාර්ථක වෙනවා.

ජය වර්ණය කහ පැහැය                ජය අංකය 02

 

වෘශ්චික ලග්නය

 

අතගහන කටයුතු වලට පුංචි හෝ බාධාවක් ඇති වෙනවා. ඒ නිසා කල්පනාකාරී වීම සැලසුම් සහගත වීම අත්‍යවශ්‍ය වෙනවා. පාද ආශ්‍රිත රෝග තත්ව වලිනුත් පුංචි හෝ පිඩාවක් ගෙන දෙනවා. වෘත්තිමය කටයුතු දියුණු කරගන්න හැකි වෙනවා. අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු තාක්ෂණික මෙවලම් සන්නිවේදන කටයුතු යානවාහන හා සම්බන්ධ කටයුතු වලටත් ඉතා යහපත්. ව්‍යාපාරික කටයුතු දියුණු කරගන්න අවශ්‍ය මංපෙත් විවර වෙනවා. ඥාතීන්ගෙන් උදව් හිමි වෙනවා.

ජය වර්ණය ලා රතු පැහැය                        ජය අංකය 07

ධනු ලග්නය

කායික ශක්තිය නිරෝගී වෙනවා. මානසික මට්ටම උසස් මට්ටමකට පත් වෙනවා. බොහෝ ජයග්‍රහණ අත් පත් කරගන්න හැකි වෙනවා. පාද ආශ්‍රිත රෝග තත්ව වලින් පුංචි පුංචි පිඩා ඇති වේවි. අධික කාර්යබහුලත්වය මුල් කරගෙන කටයුතු අතපසු වෙනවා. කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝගයයි. තාක්ෂණික කටයුතු වලට නිල ඇඳුම අදින වෘත්තීන් වලට සාර්ථක වෙනවා. ගෙවල් දොරවල් ඉදිකිරීම් සම්බන්ධ කටයුතු ඉතාමත්ම යහපත්. අධ්‍යාපනික කටයුතු උසස් මට්ටමක පත් වෙනවා. දරුවන් සම්බන්ධ කටයුතු වලින් සතුටු වෙන්න හැකි වෙනවා. වචන භාවිතා කිරීමේ දුර්වලතාවයක් මතු වෙනවා.

ජය වර්ණය ලා කහ පැහැය                       ජය අංකය 05

 

මකර ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු දියුණු කරගැනීමේ හැකියාව පවතිනවා. උගත් උසස් පුද්ගලයන් ආශ්‍රය කරන්න යමක් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් ඔබ කල්පනාකාරී විය යුතුයි. ඔබගේ ආඩම්බර ගති ලක්ෂණ යම් ප්‍රමාණයකට අඩුකර ගත්තොත් නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කලොත් පමණක් ජයග්‍රහණය උදා කරගත හැකියි. කලාකාමී කටයුතු දියුණු කරගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු බොහෝ පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. හවුල් ව්‍යපාර කටයුතු වලින් පවා ජයග්‍රහණ අත් වෙනවා. ප්‍රේමනීය සබදතවිවාහ සබදතා වලට පුංචි හෝ බාධවක් ඇති වෙනවා.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය               ජය අංකය 08

කුම්භ ලග්නය

පෙරපින ඉස්මතු වෙනවා වගේම උගත් උසස් අයගේ දැනුම ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබට හිමි වෙනවා. පින මුල් කරගෙන කරන සෑම කටයුත්තක්ම සාර්ථක වෙනවා. ගුරුවරුන් මුල් කරගෙන කරන කටයුතු වලින් භාග්‍ය උදා වෙනවා. යාලු හිතමිතුරන් වැඩිහිටියන් මුල්කරගෙන කරන කටයුතු වලින් ආර්ථික ශක්තිය දියුණු වෙනවා. කෙටි ගමන් බිමන් රැසක් යෙදෙනවා. ප්‍රේම සබදතා විවාහ සබදතා පහසුවෙන් සාර්ථක වෙනවා. ඔබට තිබුණානම් යම් ගැටළුවක් එයත් නිමා වෙනවා.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 03

මීන ලග්නය

කටයුතු ආරම්භ කරද්දී තරමක් කල්පනාකාරී වෙන්න. ජයග්‍රහණ අපේක්ෂාවෙන් අලුත් කටයුතු ආරම්භ කරන්න එතරම් යහපත් දවසක් නොවේ. වැඩිහිටියන් සමග සබදතා ශක්තිමත් කර ගන්න මහන්සි වෙන්න ඕන. වෘත්තිමය කටයුතු වලදී ලැබෙන බාධක මැඩගෙන ඉස්සරහට යන්න කල්පනාකාරී වීම වඩාත් වැදගත්. අධ්‍යාපනික කටයුතු වලට පුංචි බාධා ඇති වෙනවා. තරගකාරි කටයුතු වලින් ඔබට බොහෝ ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. නිරන්තරයෙන් ඔබ කරන කටයුතු වලට අන් අයගේ උපකාර හිමි වෙනවා. කලාකාමී කටයුතු දියුණු වෙනවා. ජලාශ්‍රිත කටයුතු වලින් පවා ජයග්‍රහණ අත්කර ගත හැකියි.

ජය වර්ණය ලා කොළ පැහැය                   ජය අංකය 07

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 0766 765 353


News Articles
Latest Videos
Most Popular Post