බොලිවුඩ් චිත්‍රපට වල රගපාන්නේ ඉන්දියාවේ නළු නිළියන්. එත් ඔබ දන්නවද බොලිවුඩ් වල ජනප්‍රිය ගොඩක් නළු නිළියන්ට ඉන්දියාවේ පුරවැසිභාවය නෑ කියලා. පුදුම වෙන්න දෙයක් නෑ. මේ අයට ඉන්දියානු සම්බවයක් තිබ්බට විදේශ රටවල තමයි ඉපදිලා තියෙන්නේ. බලන්නකෝ මේ අතරේ ඔබ ආදරය කරන බොලිවුඩ් නළු නිළියොත් ඉන්නවද කියලා.
ආලියා බාත් : ආලියාට තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය. ඇයගේ අම්ම නිසා තමයි ආලියාට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබිලා තියෙන්නේ.
ආක්ෂේ කුමාර් : ආක්ෂේ මීට අවුරුදු කිහිපයකට කලින් කැනඩාවේ පුරවැසිභාවයට ඉල්ලුම් කරා. දැන් ඔහු කැනඩාවේ පුරවැසියෙක්. මේ වෙද්දී ඔහු කැනඩාවේ ව්‍යාපාරත් පටන් අරන් තියෙන්නෙ.
ඉම්රාන් ඛාන් : ඉම්රාන් ඇමරිකානු පුරවැසියෙක්. ඔහුගේ තාත්තාටත් ඇමෙරිකානු පුරවැසිභාවය වගේම බෙංගාලි පුරවසිභාවයත් තියෙනවා.
කත්‍රිනා කායිෆ් : කත්‍රිනා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ඒ වගේම ඇයට ඉන්දියාව එක්ක කිසිම පවුල් සම්බන්ධතාවක් වත් නෑ.
එමි ජැක්සන් : ඇයත් බ්‍රිතාන්‍ය පුරවැසියෙක්.
ජක්ලීන් ෆර්ඩිනැන්ඩිස් : ජැක්ලින් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. හැබැයි ඇය ඉපදිලා තියෙන්නෙ බහරේන් වල.
එව්ලින් ෂර්මා : ඇය ජර්මන් පුරවැසියෙක්.
නාර්ගීස් ෆක්රී : ෆක්රී ඇමරිකානු පුරවැසියෙක්.
දීපිකා පදුකෝන් : පුදුමයි නේද දීපිකාත් මේ ලයිස්තුවේ ඉන්නවා කියලා ඔබ පිළිගන්නවද? දීපිකා ඩෙන්මාර්ක් පුරවැසියෙක්. හැබැයි ඇය ලොකුමහත් වෙලා තියෙන්නේ ඉන්දියාවේ බැන්ගලෝර් වල.