News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

උදය ශ්‍රී BBC Radio Asian Network වෙත යයි…

1764 Views


උදය ශ්‍රී BBC Radio Asian Network වෙත යයි…

Centrigratedz කණ්ඩායමෙන් අයින් වෙලා උදය ශ්‍රී වික්‍රමසිංහ තමන්ගේම ගමනක් යනවා. ඉතින් ඒ යන අතරමඟ උදය ශ්‍රී ට ගල්,මුල්, මල් මේ හැම දේකටම මුහුණ දෙන්නත් සිද්ධ වුනා. ඒ අතරේ උදය ශ්‍රී ට එයාගේ සංගීත ජිවිතයේ තවත් වැදගත් කඩඉමක් පහු කරන්න අවස්ථාවක් පහුගිය දවසක ලැබුනා. ඒ තමයි “සුහුඹුල් සෙනෙහේ” ගීතය ජනප්‍රිය ජාත්‍යන්තර ගුවන් විදුළි නාලිකාවක් වන BBC Radio Asian Network එකේ Release කරලා තිබුනා. ඒ ගැන උදය ශ්‍රී එයාගේ Facebook එකේ තියපු සටහන තමයි මේ.

මගේ සංගීත ජීවිතයේ ඉතා සතුටුදායක ආරංචියක් අද උදේ මට ලැබුණා. ඒ තමයි ජනප්‍රිය ජාත්‍යන්තර ගුවන් විදුළි නාලිකාවක් වන BBC Radio Asian Network එකේ, මගේ “සුහුඹුල් සෙනෙහේ” ගීතය Release වුණා… ඒ වගේම Airplay ලැබුණා. ඊට අදාළ හඬපටය ඔයාලට පහළින් අහන්න පුළුවන්. ඒ වගේම එදින එහි ගීත පෙලගැස්ම සමග සම්පූර්ණ වැඩසටහන ඔයාට මෙන්න මේ Link එකට ගිහින් අහන්න, බලන්නත් පුළුවන්. ඉතින් මේ ජයග්‍රහණය, සතුට සහ ස්තූතිය මේ ගීතයට සම්බන්ධ වූ සියලුම ශිල්පීන්ටත්, මේ වැඩසටහනට සම්බන්ධ BBC Radio Asian Network හි සියලුම දෙනාටත්, නිරතුරුවම මා ඉහළින් ඔසවා තබන ප්‍රේක්ෂක ඔබටත් අනිවාර්යයෙන්ම බෙදී යායුතු බව ආදරයෙන් සඳහන් කරමි.

අදාළ හඬපටය  පහළින් අහන්න පුළුවන්…

https://www.facebook.com/udaya.wickramasinghe/videos/1507988392620461/


News Articles
Latest Videos
Most Popular Post