පහුගිය දවස්වල ලංකාවේ හැම ප්‍රදේශයකින්ම වගේ හොරකම් කිරීම ගැන සිද්ධි වාර්තා වුනා. ඒ වගේම මේ හොරකම් වල විශේෂිතම දේ වෙන්නේ කොමියුනිකේෂන් වලට කඩා පනින මේ හොරු, සල්ලි හැර අනෙකුත් දේවල් හොරකම් කරගෙන යන එක. ඒ ගැන පහුගිය දවසක නුගේගොඩ විජේරාම ප්‍රදේශයෙන් වාර්තා වුන හොරකමක CCTV දර්ශන වලත් පැහැදිලිව සටහන් වෙලා තිබුනා. ඉතින් මේ හා සමානම තවත් හොරකමක CCTV දර්ශන වගයක් අද සමාජ ජාල වල Share වෙනවා. මේ තියෙන්නේ ඒ අලුත්ම කොමියුනිකේෂන් හොරුන්ගේ CCTV දර්ශන.
https://youtu.be/T6rUTg878rY
වෙළඳසල්වල සහ කොමියුනිකේෂන් වල මුදල් නැතුව වෙනත් දේවල් හොරකම් කරගෙන යන මේ හොර කල්ලි ගැන පොලිස් පරීක්ෂණ මේ වෙනකොටත් ශ්‍රී ලංකා පොලිසියෙන් ලංකාව පුරාම පටන් අරගෙන තියෙනවා. මේ වෙනකොට ලැබිලා තියෙන CCTV දර්ශන වලින් සැකකරුවන් අඳුරගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්න සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.