News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

ඔබ ජිවිතේට එක පාරක් හරි කෝච්චියේ ගිහින් තියෙනවද? ඒත් ඔබ මේ ටික නම් දැකලා නැතුව ඇති.

2153 Views


ඔබ ජිවිතේට එක පාරක් හරි කෝච්චියේ ගිහින් තියෙනවද? ඒත් ඔබ මේ ටික නම් දැකලා නැතුව ඇති.

ඔබ ජිවිතේට එක පාරක් හරි කෝච්චියේ ගිහින් තියෙනවද? ඔබේ උත්තරය ඔව් නම්, ඔබත් කෝච්චියක යද්දී දැනෙන වෙනස් අත්දැකීම් විඳපු කෙනෙක්. මුහුදුබඩ දුම්රිය මාර්ගයට වඩා උඩරට දුම්රිය මාර්ගයේ යද්දී ඔබට ලබාගන්න තියෙන සුන්දර අත්දැකීම් ප්‍රමාණය වැඩියි. විශේෂයෙන්ම බිං ගෙවල් ඇතුලෙන්, උස කඳු වලින් ඇද හැලෙන දිය ඇළි අතරින් යන ගමන ජිවිතයට එකතු කරන්නේ අමුතුම අත්දැකීම් ටිකක්. ඔබ කොහොම, මොන දුම්රිය මාර්ගයෙන් ගියත් මේ දුම්රිය යන පීල්ලේ ඉඳල අපට හදල දුන්නේ සුද්දා. එහෙමත් නැත්නම් විදේශිකයින් අපේ රට පාලනය කරන කාලේ. ඉතින් 1858 අගෝස්තු 30 වෙනිදා තමයි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය හදන්න හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා විසින් පළමු පස් පිඬ කපන්නේ. මේ විදිහට වැඩ පටන්ගත්ත ශ්‍රී ලංකා දුම්රිය මාර්ගයේ, 1864 දෙසැම්බර් 27 වෙනිදා පළවෙනිම දුම්රිය ගමන් කරනවා. ඒ කොළඹ ඉඳලා අඹේපුස්ස වෙනකන්.

මේ තියෙන්නේ සියත 24 බලන ඔබ වෙනුවෙන් අපි ගෙනාපු ලංකාවේ මුල්ම දුම්රිය මාර්ගය හදන්න පටන්ගත්ත තැන ඉඳලා, කෝච්චි පාර හැදුන හැටි ගැන තියෙන අතිශය දුර්ලභ ඡායාරුප එකතුවක්.

 

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ  ( බෙන්තොට පාළම ) ගිං ගඟ හරහා තියෙන පාලම 1894 දී තිබුනේ මෙහෙමයි.

 

මේ තියෙන්නේ බම්බලපිටිය දුම්රිය ස්ථානය මීට අවුරුදු 150 කට කලින් තිබුන විදිහ

මේ තියෙන්නේ පොතුහැර දුම්රිය ස්ථානය 1890 දී තිබුන විදිහ

 

මේ තියෙන්නේ කඩුගන්නාව දුම්රිය ස්ථානය අතීතයේ තිබුන විදිහ


News Articles
Latest Videos
Most Popular Post