News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

දුර ගමන් නවත්වන්න, පෙට්‍රල් ඉවරයි.

2241 Views


දුර ගමන් නවත්වන්න, පෙට්‍රල් ඉවරයි.

ලංකාවේ ගොඩක් ප්‍රාදේශ ඇතුළුව කොළඹ හා තදාසන්න බොහෝ ප්‍රදේශවලත් ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් හිඟයක් නිර්මාණය වෙලා තිබෙනවා. කුරුණෑගල හා පේරාදෙණිය ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයන් තුළ ද ඉන්ධන අවසන් වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

ඉන්දීය තෙල් සමාගම විසින් ලංකාවට එන්න නියමිත තෙල් නැවක් ප්‍රමාද වීම නිසා ඉන්ධනහල් හිමියන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මේ විදිහට පෙට්‍රල් හිඟය නිර්මාණය වෙලා තියෙනවා කියල තමයි වාර්තා වෙන්නේ.

ඊයේ තිබුන පෝය නිවාඩුවත් සමග දින තුනක් අඛන්ඩව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොවන බවටත් වාර්තා පල වෙනවා.

මේ අතර පෙට්‍රල් රැගත් නෞකාවක් එළැඹෙන 8 දා ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත අතර, එම නැව ළගා වීමෙන් පසුව ඉන්ධන බෙදා හැරීම යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් දින දෙකක්වත් ගතවෙනු ඇති බව තමයි ඛණිජ තෙල් අමාත්‍යාංශය කියන්නේ.

කොහොම වුනත් මේ වෙනකොටත් ලංකාවේ ගොඩක් ප්‍රදේශවල තියෙන ඉන්ධන පිරවුම්හල් වල දිගු වාහන පෝලිම් තවමත් පවතිනවා. එත් ගොඩක් ඉන්ධන පිරවුම් හල් වලින් නිකුත් කරන්නේ ඩීසල් විතරයි. පෙට්‍රල් නිකුත් කරන පොම්ප වසා ඇති බව තමයි සියත 24 අපට දැකගන්න පුළුවන් වුනේ.

ඉතින් ඔබ පාවිච්චි කරන්නේ පෙට්‍රල් වාහනයක් නම්, මේ පෙට්‍රල් ප්‍රශ්නය යථා තත්වයට එනකන් ඒ වාහනයෙන් කරගන්න තියෙන අත්‍යාවශයම වැඩ ටික විතරක් කරගෙන පෙට්‍රල් ඉතුරුකරගන්න.


News Articles
Latest Videos
Most Popular Post