ලොව පුරා රටවල් 47ක සාමාජිකත්වය දරන සත්වැනි බොදු සමුළුව ත්‍රයිනිකායික මහානායක මහහිමිපාණන් වහන්සේලා පෙරටුකොටගත් ලෝක බෞද්ධ නායකයින් රැසක් සමගින් ශ්‍රී ලංකාවේදී ආරම්භ වුනා.
අරලියගහ මන්දිරය කේන්ද්‍ර කරගනිමින් සත්වැනි බොදු සමුළුවේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් එක් වුණා. විදේශීය බෞද්ධ නායකයින් ඇතුළු සාමාජිකයින් 800ක් පමණ මෙම සමුළුව සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණ තිබිමද විශේෂත්වයක්.
හත්වැනි බෞද්ධ සමුළුව වෙනුවෙන් සමරු තැපැල් මුද්දරයක් ද නිකුත් කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලෝකයේ බෞද්ධ නායකයින් වෙත විශේෂ සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිළිගැන්වීමක්ද සිදුවුණා. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, සත්වැනි බොදු සමුළුවේ සංවිධායක කමිටු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් රචිත බුදු දහම පිළිබඳ විශේෂ ග්‍රන්ථයද ලෝක බෞද්ධ නායකයින් වෙත මෙහිදී පිළිගැන්වූවා.