News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ජලයෙන් පීඩා සහ ආහාර අගුණ වීම් ඇතිවිය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1473 Views


ජලයෙන් පීඩා සහ ආහාර අගුණ වීම් ඇතිවිය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 05 ඉරිදා

රාහු කාලය ප.ව 04.21 සිට 05.50

සුභ දිශාව: දකුණ

මරු සිටින දිශාව: උතුර

 

 

මේෂ ලග්නය

උත්සහයක් උනන්දුවක් දරාගෙන ඉදිරියට යාමේ හැකියාවක් තියෙනවා. ලැබීම අතින් යහපත් වෙනවා. ඔබ ඇසුරු කරන්නන්ගෙන් තරමක් දුරට ප්‍රවේසම් වන්න. යම් යම් බාධා මැදින් ඔබට දවස ගෙවීමට සිදු වේවි. රැකියා කටයුතු වැඩියෙන් කරන අතර කාර්යබහුලත්වය වැඩියි. හදිසි ධන ලාභ වලට නම් හේතු සාධක තියෙන නිසා ලොතරැයි ජයග්‍රහණයක් ලැබීමේ ඉඩ වැඩි දිනයක්. බැංකු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අද දිනය තුලදී යහපත්වන අතර මිල මුදලක් දුන්නාවූ දෙයක් ලබා ගැනීමටත් උත්සහයක් දරන්න.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 02

වෘෂභ ලග්නය

සාමකාමී වටපිටාවකින් යුතුව සියලු දෙනා එකමුතුව කරන සිතුවිලි බහුල දිනයක්. ඕනෑම කෙනෙක්ගේ හිත දිනා ගැනීමට ඔබට අද ශක්තියක් තියෙන නිසා සතුරන් මිතුරු කරගැනීමටද අවකාශ ලැබේවි. අධ්‍යාපනය සම්බන්ධයෙන් නීති වෘත්තීය ඉංජිනේරු වෘත්තීය වැනි කාර්මික වෘත්තීන් වැනි දේට සුභ ඵල දෙන අතර එවැනි දේ කරන්නන්ට වාසිදායක තත්වයක් ඇති වෙනවා. ඔබ ගෘහ ලාභයක් හෝ ගෙයක් දොරක් සෑදීමේ අරමුණක් ඇත්නම් අද දිනය ඒ හා සම්බන්ධයෙන් කටයුතු කිරීමට යහපත් වෙනවා. සුළු සුළු බාධා නිසා චිත්ත පිඩා මතු වෙනවා. දුරබැහැර ගමන් බිමන් වැඩි නිසාම කාර්යබහුලත්වය වැඩියි.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 03

මිථුන ලග්නය

යම් යම් ගැටළුකාරී තත්වයක් මතු වුනත් ඔබ ධෛර්ය සම්පන්නව ඔබ ඉදිරිපත් වීමේ ශක්තිය නිසා ජයගන්නවා. අඹුසැමියන් අතර සුළු සුළු මතභේද ඇති වෙනවා. දරුවන්ගේ කටයුතු අධ්‍යාපන තත්වය ඉතා සුභවාදිව පෙන්නුම් කරන නිසා අද දවස ශක්තිමත් කර ගැනීමේ හැකියාව තියෙනවා. අලුත් අදහස් අලුත් දේ නිර්මාණයක් ඔබට දායක විය හැකියි. අලුත් වැඩ කටයුතු කීපයක් ඉටු කර ගැනීමටද ඉඩ තිබෙනවා. ඔබගේ ආදායම එයින් වැඩි කරගත හැකියි. මන්දගාමී නොවී දිරිමත්ව කටයුතු කරන්න.

ජය වර්ණය: කහ පැහැය               ජය අංකය: 05

කටක ලග්නය

ඔබගේ තත්වය බලය ශක්තිය ඇති දිනයක්. අලුත් අදහස් ඇති වෙනවා. පවුලේ ප්‍රශ්න ගැටළු නිසාම කලකිරීම් ඇති වේවි. ආර්ථිකය කෙසේ හෝ ශක්තිමත් වන අතර ගෙයක් දොරක් යහපත් ආකාරයට සාදා ගැනීමක් එවැනි අභිලාශයක් ඇත්නම් ඒ ගැන උනන්දු වීම් අද දිනය තුලදී දැකිය හැකියි. විශේෂයෙන් යාන වාහන මිලදී ගැනීමක් හෝ මුදල් එකතු කරගන්නේ නම් ඔබට සාර්ථකත්වය ලැබෙනවා. කිසිවක් එලියට නොකියා හිත ඇතුලේ තබා ගැනීමෙන් ඔබට කරදර ඇතිවිය හැකියි. කතාවෙන් හා ක්‍රියාවෙන් සියලු ඔප්පු කරන්න.

ජය වර්ණය: කහ පැහැය                            ජය අංකය: 02

 

සිංහ ලග්නය

රැකියා කටයුතු සාර්ථක වන අන්දමේ කටයුතු සිදු වෙනවා. අලුත් අදහස් මතුවන දිනයක්. ඒ වගේම යාන්ත්‍රික කාර්මික අංශයේ කටයුතු කරන්නන්ට රාජ්‍ය සේවයේ කටයුතු කරන්නන්ට බොහෝ විට වාසනාවන්ත ගතියක් ඇති වෙනවා. උසස් වීම් ලැබීම ඇතිවන දිනයක්. ව්‍යාපාරිකයින් තරමක් දුරට සිතාබලා කටයුතු කල යුතුයි. ජල පිඩා ඇති බැවින් ප්‍රවේසම් වන්න. ඉවසීමෙන් හා ක්‍රමානුකුලව කටයුතු කරන්නනේ නම් නොයෙක් පිඩා වලින් වැළකීමට හැකි වෙනවා.

ජය වර්ණය: රන්වන් කහ පැහැය                 ජය අංකය: 05

කන්‍යා ලග්නය

ඔබගේ දෛනික කටයුතු යහපත් ආකාරයට කරගන්නා වූ දිනයක්. පුණ්‍යකාමී සිතුවිලි ඇති වේවි. අන්‍යන් කෙරේ කැපවීම් අසරණයන්ට සරණ වීම් වැනි දෙකින් ඔබට තෘප්තිමත් විය හැකි දිනයක්. ඉක්මන් කිපිම් නුරුස්සන ගතිද ඇතිවිය හැකියි. විශේෂයෙන් ඔබ ඇසුරු කරන්නන් ඥාතීන් දූදරුවන් ආදී දෙනාගේ කටයුතු වලදී ඔබ ඉක්මන්කාර බවක් හෝ ක්ෂණික තීරණ ගැනීම තුලින් ඔවුන් හා වාදභේද ඇතිවිය හැකියි. එබැවින් ඒ ගැන මදක් සිතා බලන්න. ඔබ ඔබගේ තත්වයට අනුව කටයුතු කිරීමට වගබලා ගත යුතු දිනයක්. අලුත් හිතවතුන් මුණ ගැසේවි. පුණ්‍යකාමී ගතියක් ඇති වේවි.

ජය වර්ණය: කහ පැහැය                 ජය අංකය: 04

තුලා ලග්නය

බුද්ධියෙන් යුතුව ගතකල යුතු දිනයක්. ජලයෙන් පීඩා නින්දෙන් පීඩා හෝ ආහාර පීඩා ඇති බැවින් හා ආහාර ගන්නා වූ දේ කල්පනාකාරීව ගත යුතුයි. යම් යම් රෝග ඇතිඅය ප්‍රවේසම් විය යුතුයි. ජලපිඩා ඇති බැවින් ඒ පිලිබදව අවධානය යොමු කරන්න. ඔබ අනුන් ගැන සිතා කටයුතු කරන නිසාම ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමටද හැකියාව තියෙනවා. බුද්ධිමත්ව තීරණ ගනු ලැබුවත් ඒවාද වරදින්නට ඉඩ තිබෙනවා.

ජය වර්ණය: කහ පැහැය                ජය අංකය: 05

 

වෘශ්චික ලග්නය

 

කරදර කම්කටොලු ඉවත් වෙමින් සාර්ථක දිනයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අඹුදරුවන් ඥාතීන් හිතවතුන් අතර හොදහිත පැතිරීමත් සියලු දෙනා එකමුතුව කරන වැඩ රාජකාරී සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාවක් තියෙන අතර මිලට ගැනීම් ගමන් බිමන් වැඩි වේවි. විදේශගත වීමක් හෝ එවැනි දේකට සම්බන්ධ වීමක් තිබෙනවා. දුරබැහැර ගමනක් හෝ ඥාති හිතවතුන් දැකීමට යාමක්ද තියෙනවා. පිනට දහමට සිතුවිලි උපදින අතර පවුලේ අය අතර එකමුතුව කටයුතු කිරීමත් තියෙනවා.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 02

ධනු ලග්නය

අන්‍යන් කෙරේ හොදහිත පැතිරීමටත් ඔවුන් හා සාමුහිකව කටයුතු කිරීමටත් හැකියාවක් ඇති ඔබ දුකසැප බෙදා හදා ගෙන ජිවත් වීමට දන්නාවූ ඔබ ධාර්මිකව කටයුතු කරාවි. අනුන් ගැන හිතන අසරණයින්ට සරණ වන ලාභ ලැබෙන දේට හිත යොමුවන දිනයක්. ව්‍යාපාරිකයෙක් නම් ඔබට නව අදහස් මතු වේවි. ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් වන්න. ඉක්මන්කාරී බව නිසාම තරමක ගැටළු මතු වෙනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 02

 

මකර ලග්නය

අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්නා වූ තීන්දු තීරණ සාර්ථකව ගැනීමටත් එයින් ඔබට යහපතක්ද උදා වෙනවා. ව්‍යාපාරිකයින්ට වාසනාවන්ත වන අතර අතමිට මුදල් ගැවසෙනවා. සියලු දෙනා එකමුතුව කරන කටයුතු වලින් ඔබට ඇති ගෞරවය වැඩෙනවා. සිත එකග කරගෙන කල්පනාවෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.

ජය වර්ණය: රෝස පැහැය                         ජය අංකය: 02

කුම්භ ලග්නය

අලංකාරය සම්බන්ධයෙන් යම් යම් දේ මිලදී ගැනීමට ගමන් බිමන් යාමට සිතා සිටියේ නම් ඒවා සාර්ථක කර ගැනීමටත් හැකියාව තිබෙන අතර අන්‍යන් ගැන දුක්පීඩා ගැන හිතන දිනයක්. ඔබ ඔවුන්ගේ කටයුතු කර ගැනීමට පහසුවන අන්දමේ උපදෙසක් හෝ කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතිනවා. එසේම අසරණයින්ට සරණ වීම් තුලින් ඔබට ගෞරවය වැඩෙනවා. දුන් මුදල් නැවත ලබා ගැනීමක් හෝ අතමිට මුදල් ගැවසේවි. ඉක්මන් වියදම් තියෙන නිසා අනවශ්‍ය වියදම් වලින් වැලකි සිටින්න. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්නාවූ තීන්දු තීරණ සාර්ථක වෙනවා.

ජය වර්ණය: දම් පැහැය                  ජය අංකය: 05

මීන ලග්නය

කලක් කරගෙන ගිය ව්‍යාපාරයක් නැවත අලුත් අදහස් මත ක්‍රියාත්මක වීමට ඉඩ වැඩියි. අලංකාරය සම්බන්ධයෙන් යම් යම් දේ මිලදී ගන්න ගමන් බිමන් යන්න සිදු වේවි. අන්‍යන්ගේ මංගල කටයුතු හෝ උත්සව අවස්ථාවකට සහභාගී වීමකට ඉඩ තිබෙනවා. කාර්යබහුලත්වය වැඩි නිසා ගන්නාවූ ආහාරපාන ගැන සැලකිලිමත් වෙන්න. උදරාබාධ ඇති අය ප්‍රවේසම් වන්න.

ජය වර්ණය: කහ පැහැය                ජය අංකය: 09

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය: 011 2 50 93 86


News Articles
Latest Videos
Most Popular Post