News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

හමුදාවේ සොල්දාදුවෙක්‌ විදිහට ඇවිත් පොලිස්‌ S.I. වෙලා, රග්බි කැප්ටන් වුණ රසිත් 

1488 Views


හමුදාවේ සොල්දාදුවෙක්‌ විදිහට ඇවිත් පොලිස්‌ S.I. වෙලා, රග්බි කැප්ටන් වුණ රසිත් 

Rugby කුසලාන දිනා ගැනීම වෙනුවෙන් කණ්‌ඩායම් 8 ක්‌ කරට කර පොරබදන ලීග් රග්බි තරගාවලිය ඊයේ පටන් ගත්තා. මෙවර කණ්‌ඩායම් අටේම නායකයන් වෙනසකට ලක්වෙලා තියෙනවා. අද අපි ඔබට කියන්න යන්නේ ශ්‍රී ලංකා පොලිස්‌ Rugby කණ්‌ඩායමේ නායක උප පොලිස්‌ පරීක්‌ෂක රසිත් සිල්වා ගැන තොරතුරු ටිකක්. මේ සාකච්ඡාවෙන් ඔබට ගෙන එන්නේ අද ඔහු ඉන්න තැනට ඔහු ආවේ කොහොමද කියල සහ ඔහුගේ දක්ෂතා ගැන.

නම – රසිත් ජයංග සිල්වා

ගම – මොරටුව

වයස – 29

පාසල – මොරටුව වේල්ස්‌ කුමර

පවුලේ විස්‌තර – අම්මා, අයියා,

ක්‍රීඩා සමාජය – පොලිස්‌

රැකියාව – උප පොලිස්‌ පරීක්‌ෂක

මේ වාරයේ පොලිස්‌ කණ්‌ඩායමේ නායකයා ඔබ ?

ඒ ගැන සතුටු වෙනවා. ලොකු දෙයක්‌ පොලිස්‌ කණ්‌ඩායම වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ ලැබිලා තියෙන්නේ ලොකු වගකීමක්‌ ?

ඒකනම් ඇත්ත. ඒත් සාමාන්‍ය විදිහට කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

නායකත්වය ගැන බලාපොරොත්තුවක්‌ තිබුණා කිව්වොත් ?

හිතුවේවත් නැති දෙයක්‌ මේ.

ටීම් එකේ කොල්ලන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

කණ්‌ඩායමේ කොල්ලෝ සේරම උනන්දුවෙන් ප්‍රැක්‌ටිස්‌ කරනවා. ඒකේ ප්‍රතිඵලයක්‌ තියෙයි අනිවාර්යයෙන්.

මේ අවුරුද්දේ සේරම ඉන්නේ ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ක්‍රීඩකයින්, කොන්ත්‍රාත් පදනමේ එක ක්‍රීඩකයෙක්‌වත් නෑ?

කොන්ත්‍රාත් පදනමේ ක්‍රීඩකයින් අවුරුද්දක්‌ දෙකක්‌ වගේ තමයි ක්‍රීඩා කරන්නේ. ඒ නිසා අපි අවුරුදු තුනක නව සැලැස්‌මකට අනුව දැන් යන්නේ. පොලිස්‌ ක්‍රීඩකයින්ට ලොකු දෙයක්‌ මේ පාර කරන්න පුළුවන් වෙයි.

මේ වාරයේ අලුත් පුහුණුකරුවෙක්‌ ඉන්නේ ?

ඔව්. දැන් අපේ පුහුණුකරු ශම්මි නවාස්‌. ඔහු ක්‌ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක්‌. අපේ ක්‍රීඩකයින්ගේ ලොකු වෙනසක්‌ තියෙනවා ඔහුගේ පැමිණීමත් සමග.

පළවෙනි මැච් එක කාත් එක්‌කද?

හැව්ලොක්‌ස්‌ එක්‌ක. රාත්‍රී තරගයක්‌ ලෙස හැව්ලොක්‌ස්‌ පිටියේමයි තියෙන්නේ.

කොහොමද මේ රග්බි ක්‍රීඩාවට යොමු වුණේ ?

මොරටුව වේල්ස්‌ කුමර විදුහලෙන් තමයි රග්බි ක්‍රීඩාවට යොමු වුණේ. අවු. 13 න්, 15න්, 17 සහ 19 න් පහළ යන කණ්‌ඩායම් වල නායකයා වශයෙන් කටයුතු කළා.

එතකොට පොලිසියට පැමිණියේ ?

2008 දී යුද හමුදාවට බැඳුණා සාමාන්‍ය සොල්දාදුවෙක්‌ විදිහට එතකොට රග්බි සෙල්ලම් කළා. ඊට පස්‌සේ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ උප පොලිස්‌ පරීක්‌ෂකවරුන් බඳවා ගන්න ගැසට්‌ කරලා තිබුණා. ඒකෙන් තමයි පොලිස්‌ සේවයට ආවේ.

රාජකාරියයි ක්‍රීඩාවයි කොහොමද සමබරව කරන්නේ ?

රග්බි සීසන් එකේදී හදිසි රාජකාරියකදී ඇරෙන්න අපිව නිදහස්‌ කරලා තියෙන්නේ. සීසන් එක ඉවර උන ගමන් සුපුරුදු රාජකාරියේ අපි නිරත වෙනවා.

විවාහකද?

නැහැ.

Rugby රග්බි කියන්නේ නිරන්තරයෙන් ආබාධ ඇතිවෙන ක්‍රීඩාවක්‌. ගෙදරින් අකමැති නැද්ද ?

අම්මානම් තාමත් කැමැත්තක්‌ නැහැ රග්බි වලට. ඒත් ආසාව මේකටනේ.

විවේකයක්‌ ලැබුණාම මොකද කරන්නේ ?

ෆිල්ම් බලනවා.

ටීම් එකේ නාහෙට අහන්නේ නැත්තේ කවුද ?

එක්‌කෙනෙක්‌ නෙමයි වජිත්, උදය, සංදේශ්, ශෙයිඩ්, චමෝද් මේ සේරම ඒ කාණ්‌ඩයට අයිති වෙනවා.

ගියවර මැච් දෙකයි දිනුවේ?

ඔව්. ඒත් අපි මේ පාර ඊට වඩා දෙයක්‌ අනිවාර්යයෙන් කරලා. හොඳම කණ්‌ඩායම් අතරට එන්න උත්සාහ කරනවා.

රග්බි ක්‍රීඩකයෙක්‌ විදිහට අමතක නොවන සිදුවීම ?

2014-2015 වසරේදී පිළිමළුන් පිටු දැකීමේ වටයේ මහනුවර කණ්‌ඩායමත් එක්‌ක අවසන් වටයට ආපු එක අමතක වෙන්නේ නෑ.

පොලිස්‌ හෝ යුද හමුදා නිලධාරියෙක්‌ නොවුණානම් ?

එහෙනම් මේ වෙද්දි මොරටුවේ ලී බඩු සාප්පුවක වැඩ කරයි.

 


News Articles
Latest Videos
Most Popular Post