අද 2017 නොවැම්බර් මාසයේ 06 සඳුදා
රාහු කාලය පෙ.ව 07.27 සිට 08.56
සුභ දිශාව: නැගෙනහිර
මරු සිටින දිශාව: වයඹ

තරමක් වියදම් අධික වීමේ ස්වභාවයක් පෙන්නුම් කරලා පවතිනවා. දකින දකින දේ මිලදී ගන්න දරන උත්සාහය ඔබගේ ආර්ථිකයට අසුභ විදියට බලපානවා. ආදායම් තත්වය ඉහල නංවා ගන්න සමාජ සේවා කටයුතු පොදු කටයුතු තුලින් ඔබට වාසනාව උදා වෙනවා. සමාජය තුල ඔබට තිබුණු ගෞරවය තත්වය ඉහල නංවා ගන්න හැකියාව පවතිනවා. අන් අය ඔබ සොයා පැමිණෙනවා. වගකීම් පැවරෙනවා. වගකීම් හරහා ඔබට ගෞරවය හිමි වෙනවා. බාධා කම්කටොලු අවහිරතා තිබුණානම් ඒ බාධා කම්කටොලු සියල්ල දුරු වෙලා වාසනාවන්ත දවසක් උදා වෙනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 03

හිත ඉතාමත්ම නිරවුල් මට්ටමකට පත් වෙනවා. මානසික පිඩා තිබුණානම් ඒවා දුරු කර ගන්න හැකියාව ලැබේවි. කායික ශක්තිය නිරෝගිමත්භාවයට පත් වේවි. පොදු කටයුතු වලින් ඔබට ජයග්‍රහණ අත් වෙනවා. මුල්‍ය පරිපාලන වැනි කටයුතු වලිනුත් යහපතක් උදා කර ගන්න පුළුවන්. භුමිය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත්. තරගකාරි කටයුතු වලින් ජයග්‍රහණ ලැබෙනවා. මෝර පිරිත සජ්ජායනා කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 08

තරමක් කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත්. බොහෝ යාලු හිතමිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලබා ගන්න අවස්ථාව උදා වුනත් ඔවුන් ඔබට වංචනික ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසාම සිතට යම් ආකාරයක පිඩාවක් දුකක් කරදරයක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. කායික ශක්තිය නිරෝගිමත්භාවයට පත් වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් ජයග්‍රහණයක් දියුණුවක් පෙන්වනවා. පොත්පත් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. තමන්ගේ දැනුම මුල් කරගෙන ජයග්‍රහණ ලගා කර ගන්න හැකියාවක් පවතිනවා. ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකුට යම් ආකාරයක ඇතිවන රෝගී තත්වයක් මුල් කරගෙන කාලය හා ධනය වියදම් කරන්න සිදු වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇති වෙනවා. වචන භාවිත කරද්දී ඉවසිලිවන්ත වීම අත්‍යවශ්‍ය වෙනවා.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09

සංචාරක කටයුතු කළමනාකරණ කටයුතු පොදු කටයුතු දියරමය දේවල් වගේම ඖෂධ හා සම්බන්ධවන කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත හා ඔබගේ පෞරුෂය හා සම්බන්ධ කටයුතු වලිනුත් වාසනාව උදා වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ගැනීම් ආදී කටයුතු පිලිබදවත් යම් හෝ කතිකාවතක් ඇති වෙනවා. අලුත් අලුත් බලාපොරොත්තු ඔබේ හිතේ නිර්මාණය වෙනවා. කහ පාට මල් ටිකක් එළඟි තෙල් පහනක් බෝධීන් වහන්සේ කෙනෙක් අබියස පූජා කරලා දවස ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 03

කායික ශක්තිය වර්ධනය වෙනවා. ව්‍යාපාරික කටයුතු දියුණු කරගන්න ඔබ උත්සහ කරනවා. ඒ හරහා අලුත් සමාජ සම්බන්ධතා දියුණු කරගන්න ලැබේවි. කොමිස් මුදල් ලැබීමේ කටයුතු ලේකම් ධුර වැනි කටයුතු අත්සන් තැබීමෙන් වාසි උදා වෙනවා. මනස වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. අලුත් යාලු හිතමිත්‍රාදීන් ඔබට උදව් උපකාර කරනවා. පියපස ඥාතීන්ගෙන් වැඩිහිටියන්ගෙන් ඔබ යමක් ගන්න බලාපොරොත්තු වෙනවානම් ඔබ ඉතාමත්ම පහසුවෙන් සෑම කටයුත්තක්ම සාර්ථක කරගන්න හැකියාව වාසනාව පවතිනවා. පුංචි පුංචි කේන්ති සහගත සිතුවිලි විටින් විට වර්ධනය වෙනවා.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 09

මානසික ශක්තිය වර්ධනය වෙනවා. කේන්ති සහගත සිතුවිලි පාලනය කර ගත්තොත් ඔබ තුල තියෙන දැනුම නිවැරදිව එලියට ගන්න අවස්ථාව හිමි වෙනවා. අලුත් වචන අලුත් සන්නිවේදන ක්‍රම පිලිබදව ඔබ අධ්‍යනය කරන්න. එවැනි කටයුතු වලින් ඔබට බොහෝ වාසනාව උදා කර ගන්න පුළුවන්. වචන භාවිත කිරීමෙන් පරිපාලන ශක්තිය උදා කර ගැනීමෙන් රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලින් වැඩි වාසි සහගත තත්වයක් උදා කරගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලිනුත් යම් යහපතක් පවතිනවා. සහෝදර පාර්ශවයේ ඥාතීන්ගෙන් බොහෝ උපකාර හිමිවන දවසක්. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. පාද ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 09

කරන කියන කටයුතු බොහොම කල්පනාවෙන් කරන්න ඕන. ඔබගෙන් උදව් ගත්ත පීරිස් ඇතැම් විට ඔබට කෙනෙහිලිකම් කිරීමේ ඉඩකඩක් පවතිනවා. පෙරලා උදව් බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් කරන්න එපා. චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව ඇති වෙන්න පුළුවන්. සතුටෙන් විනෝදයෙන් වගේම සැලසුම් සහගතව කටයුතු සම්පාදනය කරගන්න. අන් අයගේ උදව් උපකාර ලබා ගන්න හැකි වෙනවා. වැඩිහිටි ඥාතීන් පවා ඔබගෙන් උපකාර අපේක්ෂා කරනවා. ගුරුවරුන්ගෙන් යම් සහනයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. තාක්ෂණික මෙවලම් දියුණු වෙනවා. කෙටි ගමන් බිමන් පිලිබදව වෙනදට වඩා වැඩි අවධානයක් යොමු කරන්න සිදු වෙනවා. රැකිරක්ෂා කටයුතු වල දියුණුවත් ආර්ථිකය වර්ධනය කර ගැනීමේ ඉඩකඩක් පැහැදිලිව පෙන්නුම් කරනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 07

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා. සමාජ සේවා කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත්පත් කරගන්න හැකියාව ලැබේවි. ගෞරවාන්විතව කරන බොහෝ කටයුතු ගෞරවාන්විත ප්‍රතිචාර වලට ලක් වෙනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් පවා ජයග්‍රහණ උදා කරනවා. යාලුමිත්‍ර සම්බන්ධකම් ශක්තිමත් කරගන්න තරමට ඔබට වාසි සහගත තත්ව වැඩියෙන් උදා වේවි. ඒ නිසා ඉවසිලිවන්තව කල්පනාකාරීව හිතමිත්‍ර ලීලාවෙන් සෑම කෙනෙක් සමගම කටයුතු කරන්න. සුරතල් සතුන්ගෙන් පවා පීඩාවන් ඇති වේවි.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය ජය අංකය: 07

දුරබැහැර ගමන් යන්න විදේශගත වෙන්න ඉතාමත්ම යහපත්. ආගම දහම වෙනස් අයත් සමග ඥාතිත්වය නොවන අයත් සමග ගොඩනගා ගන්න සම්බන්ධතාවය තුලින් බොහෝ වාසි උදා වෙනවා. දුරබැහැර ගමන් බිමන් යන්න ආරාධනා නිරන්තරයෙන් ලැබේවි. එවැනි ගමන් බිමන් වලදී පුංචි පුංචි වියදම් සහගත තත්ව ඇති වෙනවා. උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වලදී සැලකිලිමත් වෙන්න. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව ඇති වෙන්න පුළුවන්. ඇස ආශ්‍රිත රෝග තත්ව හිසේ බර ගතිය වැනි රෝග තත්ව ඇතිවිය හැකියි. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු යම් ප්‍රමාණයකට සෞම්‍ය තත්වයකට පත් වෙනවා. කලාකාමී කටයුතු දියුණු වෙනවා.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07

රැකිරක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඔබ තුල පවතිනවා. අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න වාසනාවන්ත දවසක්. ඔබේ දූ දරුවන් පිලිබදව වෙනදට වඩා වෙහෙසෙන්න වෙනවා. තරමක් ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඥාතීන් නොවන පුද්ගලයන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී කල්පනාකාරී වීම ඉවසිලිවන්ත වීම වඩාත් වැදගත්. අත්සන් තැබීම වැනි කටයුතු වලින් පාඩු සහගත තත්ව ඇතිවිය හැකියි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 06

රැකිරක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව නම් වෙනදට වඩා වැඩි උනන්දුවක් ඔබ තුල දක්නට ලැබේවි. මානව සම්පත් කළමනාකරණය ඇගලුම් ක්ෂේත්‍ර ඉදිකිරීම් ක්ෂේත්‍ර වලට සම්බන්ධ කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කරන කටයුතු යන්ත්‍ර සුත්‍ර යොදාගෙන කරන කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. සතුරු කරදර බාධක කම්කටොලු තිබුණා නම් ඒවා පහසුවෙන් දුරු කරගන්න වෙනවා. පියපස ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. තමන්ගේ ධන ශක්තිය වර්ධනය කරගැනීම ආශ්‍රිත කටයුතු වලට යහපත්. රහසිගත මිතුරන් මුණ ගැසෙනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 09

අතගහන කටයුතු සාර්ථක කරගන්න අන් අයගේ උදව් උපකාර නිරන්තරයෙන්ම ඔබට හිමි වෙනවා. දණහිස ආශ්‍රිත රෝග තත්ව වලින් පුංචි පුංචි සෞඛ්‍ය පීඩා ඇති වෙනවා. ඔබගේ කොන්ද පිලිබදව වැඩි අවධානයක් යොමු කරන්න සිදු වේවි. වෘත්තිමය කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත් වුනත් ව්‍යාපාරික කටයුතු පිලිබදව මන්දගාමී තත්වයක් ඇති කරනවා. රහසිගතව සැලසුම් කරන්න යහපත් දවසක්. සමාජශීලි කටයුතු වලින් යහපතක් උදා වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් යහපත් වෙනවා. ඉහල නිලධාරීන් පවා ඔබට උපකාර කරනවා.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 03
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353