News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

පෙට්‍රල් අර්බුධය ගැන බුකිය පුරාවට පැතිරුණු හොඳම Post ටික මෙන්න.

2707 Views


පෙට්‍රල් අර්බුධය ගැන බුකිය පුරාවට පැතිරුණු හොඳම Post ටික මෙන්න.

දැනට දවස් දෙක තුනක ඉඳලා තියෙන තෙල් අර්බුධය ගැන රට වටෙන්ම එක එක කතා ඇහෙනවා. සමහර අයට තමන්ගේ වාහනේට තෙල් ටිකක් ගහගන්න පය ගණන් පෝලිම් වල රස්තියාදු වෙන්නත් සිද්ධ වුනා. තවත් අය තෙල් ටිකක් ගන්න බෝතල්, බූලි, කෑන් රැගෙන ගියත් අද ඉඳන් ඒවට තෙල් නොදෙන්න චක්‍රලේඛයක් මේ වෙද්දී රජයෙන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ හැම කතාවක් ගැනම නිර්මාණාත්මක දේවල් එලියට එන තැනක් තමයි Facebook එක. ඉතින් ඒ විදිහට Facebook එක පුරාම මේ තෙල් අර්බුධය ගැන පලවුන නිර්මාණාත්මක දේවල් එකතැනකින් දැන් ඔබට බලන්න පුළුවන්.

ඛණිජ තෙල් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ඇමති

ඛණිජ තෙල් අරපිරිමැස්මෙන් භාවිතා කරීම සදහා යෝජනා..

1. යන ගමන භාගයක් දුර ගොස් ආපසු හැරී ගෙදර ඒම

2.පොඩි වාහන ලොරි ටිපර් වලට පටවා ප්‍රවාහනය කර අවශ්‍ය තැනින් බා ගැනීම

3. තෙල් චුට්ට චුට්ට දමා චුට්ට චුට්ට යාම

4. තෙල් නාස්ති කරන වාහන තරවටු කර හදා ගැනීම

5. වාහන එන්ජින් වලට තත්වය පහදා දී නව ඉන්ධන නැව එනතෙක් තෙල් භාවිතා කිරීම අවම කිරීමේ ගිවිසුමක් ගැසීම.

6. අඩුවෙන් තියෙන පෙට්‍රල් වැඩියෙන් තියන භූමිතෙල් සමඟ මිශ්‍ර කර හොලවා ඉන්ධන ගැසීම ( හෙලවීම අනිවාර්යයි)

7. ඉන්ධන ටැංකි පු‍ංචි කර අඩු ඉන්ධන ප්‍රමානයකින් ෆුල් ටෑන්ක් වැදෙන පරිදි තෙල් මීටරය සකසා ගැනීම.

8. ඇඟේ තෙල වැඩි මිනිස්සුන්ගෙන් තෙල් ණයට ඉල්ලා ගැනීම

9. ජනාධිපති නියමය පරිදි තවත් කමිටුවක් පත් කරගැනීම

10. පොඩි උං කීප දෙනෙක් සමඟ පෙළ ගැසී කුඩා කල මෙන් ඈං ඈං පීප් පීප් කිරීම. ??

උපුටා ගැනීමක්


News Articles
Latest Videos
Most Popular Post