News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

තාමත් මඟ එන තෙල් නැව මෙන්න.

2096 Views


තාමත් මඟ එන තෙල් නැව මෙන්න.

පෙට්‍රල් හිඟය නිසා මේ වෙනකොට රට පුරාම පෙට්‍රල් වාහන හිමියන් දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. මේ නිසා පසුගිය දවස් කිහිපයෙදීම ජනතාව පීඩාවට පත් වුනා. තවත් අය ඉන්ධන ලබා ගන්න උදේ පාන්දර ඉඳන්ම ඉන්ධනහල් ලඟ දිග පෝලීම් දකින්නත් තිබුනා.

මේකට හේතුව වෙලා තියෙන්නේ ඉන්ධන නැවක් ප්‍රමාද වීම කියල තමයි ඊයේ තිබුන මාධ්‍ය සාකච්ඡාවේදී ඇමතිතුමා කිව්වේ. මේ නැව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුනේ 02දා බවත්,එය 09 වනදා දක්වා කල්ගිය බවත් එහිදී කිවුවා. කොහොම වුනත් ඉන්ධන නැවක් පැමිණීම දින කිහිපයක් ප්‍රමාද වුන පළමු අවස්ථාව මෙය බවත් ඔහු එහිදී කිව්වා.

මේ විදිහට කොළඹ වරාය වෙත පැමිණීමට නියමිතවෙලා තියෙන්නේ ‘නෙවස්කා ලේඩි’ නම් නෞකාව. ලයිබීරියානු ටෑන්කර් වර්ගයේ නෞකාවක් වන මෙය 2005 වසරේ නිපදවූවක්. මේ නැව තෙල් මෙට්‍රික් ටොන් 27, 505 ක් ගබඩා කළ හැකි නැවක්.


News Articles
Latest Videos
Most Popular Post