වකුගඩු රෝගය කියන එක මේ වෙද්දී ලංකාවේ මුල්බැසගත් ප්‍රසහනයක් වෙලා තියෙනවා. ඉතින් මේ රෝගය ලංකාවෙන් තුරන් කරලා දාන්න රජයෙන් වගේම විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහාත් ලංකාවේ එක එක විදිහේ ව්‍යපෘති ක්‍රියාත්මක වෙනවා. මේ අතරේ වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් දෙයක් අපේ ගෙදරම තියෙනවා කියලා පෘතුගාලයේ පර්යේෂකයන් පිරිසක් හොයාගෙන තියෙනවා. අවුරුදු 12 ක කාලයක් සිදුකරපු අධ්‍යයනයකින් පස්සේ තමයි ඔවුන් මේ වාර්තාව එළිදක්වලා තියෙන්නේ. ඔවුන් කියන විදිහට දවසකට කෝපි කෝප්ප තුනක් බොන එක වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීමට හේතු වෙනවා.
වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 2300 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන සිදුකරපු මේ අධ්‍යයනයට අනුව කෝපි විශාල වශයෙන් පානය කරනු ලබන වකුගඩු රෝගීන්ට රෝගයෙන් මියයැමේ අවදානම සියයට 25 කින් අඩුකරගනන පුළුවන් වෙනවා.
දවසකට කෝපි කෝප්ප එකක් හෝ දෙකක් පානය කරන වකුගඩු රෝගීන්ට සියයට 12 කින් සහ කෝපි කිසිසේත් පානය නොකරන රෝගීන්ට සියයට 22 කින් මිය යාමේ අවධානම අඩුකරගන්න පුළුවන් කියලා පර්යේෂකයෝ කියනවා.
මෙම අධ්‍යයනය මෙහෙයපු උතුරු ලිස්‌බන්හි රෝහල් මධ්‍යස්‌ථානයේ වෛද්‍ය මිගුවෙලේ බිගොට් වියෙයිරාට අනුව මේ අධ්‍යයනයෙන් වකුගඩු රෝගයට ගොදුරු වූවන්ට කෝපිවල අඩංගු ‘කැෆෙන්’ සංයෝගය හරහා රෝගයෙන් මරණයට පත්වීම මගහරවා ගත හැකි බව තහවුරු වෙලා තියෙනවා.
පසුගියදා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව් ඕර්ලියනස්‌හි පැවති ඇමෙරිකානු වකුගඩු සංගමයේ සමුළුවේදී මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ඉදිරිපත් කර තිබුණා.