ලෝකයේ මිල අධික පළතුරක් වන පෙපිනෝ නමැති කොමඩු ගෙඩියකට සමාන විශේෂිත පලතුරු වර්ගය නුවරඑළියේ සරුවට වැවිය හැකි බව ඒ පිළිබඳව ගවේෂණයක නියලුණු නුවරඑළියේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් සොයා ගෙන තිබෙනවා.
දැනටමත් මෙම පෙපිනෝ නමැති පළතුරු වර්ගය නුවරඑළියේ බොහෝ නිවාසවල මල් පෝච්චිවල වවා තිබෙන නමුත් මෙම පළතුර ලෝකයේ මිල අධික එමෙන්ම ඖෂධීය පළතුරක් බව බොහෝ දෙනකු දන්නේ නැහැ.
ඇතැම් රටවල මෙම පළතුරු ගෙඩියක් ලංකාවේ මුදලින් රුපියල් 700 ක් පමණ වන බවත් මෙහි විශේෂත්වයක් වන්නේ ගොළුබෙල්ලන් හැර අන් කිසිදු කෘමියෙකුගේ හානියට ලක් නොවීමයි. මාස තුනකට වරක් පෙපිනෝ පඳුරකින් ගෙඩි 15-20 ත් අතර ප්‍රමාණයක් නෙලාගැනීමට හැකියාව ඇති අතර මෙහි නිජබිම ලෙස සැලකෙන්නේ පේරු හා ලී රාජ්‍යයන්.
මෙම පළතුර අනුභව කිරීමෙන් දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග, ආඝාතය වැනි රෝගවලට ගුණදායක ඹෘෂධීය පළතුරක් බවට අන්තර්ජාලයේ සඳහන් වනවා.
කොළොම්බියාව, නවසීලන්තය, බටහිර ඕස්‌ට්‍රෙලියාව, ජපානය හා යුරෝපයේ බොහෝ රටවල වාණිජමය වශයෙන් දැනට පෙපිනෝ පළතුර වගා කරනු ලබන අතර මෙම පළතුර නුවරඑළිය අවට ඇතැම් විවිධ පිරිස් විසින් වෑංජනයක් ලෙස සකසා ආහාරයට ගන්නවා.