News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

සංගා මහේල අධිකරණය හමුවට.

3297 Views


සංගා මහේල අධිකරණය හමුවට.

ලංකාවෙන් බිහිවුණු සුපිරිම වමත් දකුණත් පිතිකරු යුගලය තමයි මහේල සහ සංගා. ක්‍රිකට් වලට වගේම ව්‍යාපාර වලටත් සංගා මහේල දක්ෂයි. ඒ බව ඔප්පු වෙන හොදම තැන තමයි Ministry of crabs. මීට වසර ගණනාවකට කලින් සංගා මහේල එකතුවෙලා පටන් ගත්ත කකුළුවන් මුල් කරගත්ත අවන්හලක්. මේ වෙද්දී දෙස් විදෙස් බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම අවන්හල බවට මේ කකුළු අමාත්‍යංශය පත් වෙලා තියෙනවා.

හැබැයි දවසෙන් දවස සංගා මහේලගේ අවන්හලේ දියුණුව බලාගෙන හිටපු තව පිරිසක් Ministry of crabs ලාංඡනයට සමාන ලාංඡනයක් සහිතව Black Crabs නමින් අවන්හලක් පහුගිය කාලයේ පටන් ගත්තා. ඒ අනුව ලාංඡන සමාන නිසා මේ අවන්හල Ministry of crabs අවන්හලේ සාමාජිකයෙක් කියලා බොහෝ පාරිභෝගිකයන් රැවටුණා. මෙන්න මේ අවනඩුව ලිහා ගන්න සංගා මහේල කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නීතියේ සරණ පැතුවා.

මේ නඩුව විභාග වීමේදී හෙළිවුණේ Black Crabs අවන්හල පවත්වා ගෙන යන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසද ඔවුන්ට මීට පෙර දන්වා තිබුණත් එයද නොතකා අවන්හල දිගටම පවත්වාගෙන ගිය බවයි. කොහොම වුනත් නොවැම්බර් 22 දක්වා අතුරු නියෝගයක් එහිදී අධිකරණය නිකුත් කරා.


News Articles
Latest Videos
Most Popular Post