News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

අද ලග්න දෙකකට කෙටි ගමන් බිමන් තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1683 Views


අද ලග්න දෙකකට කෙටි ගමන් බිමන් තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 10 සිකුරාදා

රාහු කාලය: පෙ.ව 10.25 සිට 11.53

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: ගිනිකොණ

 

 

 

මේෂ ලග්නය

ඔබ කරන බොහෝ කටයුතු ශක්තිමත්ව ජවසම්පන්නව කරන්න හැකියාව ලැබෙනවා. අන්‍ය ආගමික අන්‍ය දේශිත පුද්ගලයන් පවා ඔබට උදව් කරනවා. වයසින් වැඩිමහල් කාන්තාවන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. සමහර කටයුතු නිසා පුංචි පුංචි චිත්ත පීඩා මානසික අසහන ඇති වෙන්න පුළුවන්. ගෘහාශ්‍රිත පරිසරය පිලිබදව පුංචි කලබලකාරී තත්වයක් ඇති වෙනවා. අලුත් අලුත් දේවල් මිලදී ගන්න යානවාහන ගමන් සැප පහසුවෙන් පවත්වා ගන්න හැකියාවක් පවතිනවා. කම්මැලි ගති ලක්ෂණ යම් ප්‍රමාණයකට යටපත් කර ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා ශක්තිමත්ව පවත්වා ගෙන යාමේ හැකියාව වාසනාව පවතිනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 08

වෘෂභ ලග්නය

තරමක් කල්පනාකාරීව කාලය ගත කිරීම වඩාත් වැදගත් වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග යටිබඩ ආශ්‍රිත රෝග තත්ව දෛනික කටයුතු වලට පුංචි පුංචි බලපෑම් එක් කරනවා. වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. අසල්වාසීන්ගෙන් ඥාතීන්ගෙන් සහෝදරයන්ගෙන් ඔබේ කටයුතු වලට බොහෝ උදව් උපකාර හිමි වෙනවා. රැකිරක්ෂා කටයුතු සවස් යාමයේ සාර්ථකත්වයට පත් වෙනවා. කල්ගත වුණු ප්‍රේම සබදතා ශක්තිමත් කර ගන්නත් සවස් යාමයේ හැකියාව වාසනාව උදා වෙනවා. අන් අයගේ උදව් උපකාර හිමි වීම නිසා සතුටෙන් සමාදානයෙන් කල්ගත කරන්න හැකියාව ලැබේවි. නිතර ප්‍රීතියෙන් කෙළිදෙලෙන් නිරවුල් මානසිකත්වයෙන් කටයුතු කරන්න කැමති වෙනවා. ප්‍රනීත ආහාරපාන වුනත් සවස් යාමය වනවිට ඉතා හොදින් ලැබෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                          ජය අංකය: 07

මිථුන ලග්නය

පුංචි පුංචි කලබගෑනි කිහිපයක්ම අද දවසට එකතු වෙනවා. වියදම් අධික විය හැකියි. දකින දකින දේ මිලදී ගන්න දරන උත්සාහය ඔබේ දෛනික කටයුතු වලට බාධා ඇති කරනවා. ඔබට ඉතා ඉක්මනින් කේන්ති යනවා. හැබැයි ඉතා ඉක්මනින් ඒ කේන්තිය නිවා ගන්නත් හැකියාව පවතිනවා. කේන්ති සහගත සිතුවිලි ශක්තිමත්ව පාලනය කරගන්න ඒ හැගීම් වලට වඩා බුද්ධියට ඉඩ දෙන්න ඔබට ජයග්‍රහණය හිමි වේවි. හවුල් ව්‍යාපාර කටයුතු පොදු කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. අන් අය සමග මිත්‍ර ලීලාවෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. සියුම් සතුරු කරදර නිර්මාණය වුනත් ඒ පිලිබදව දැන ගන්න අවස්ථාව ලැබෙනවා. පැහැදිලිවම විශ්වාසවන්ත යහළුවන් හැරෙන්න අන් අය දෙන කෑම බීම අද දවසේදී ගන්න හිතන්නවත් එපා.

ජය වර්ණය: ලා රතු පැහැය                      ජය අංකය: 03

කටක ලග්නය

පිවිතුරු විසල් මානසිකත්වයකින් කටයුතු කරන්න ඔබ උත්සහ කරනවා. ඔබේ හැගීම් විටින් විට වෙනස් වෙනවා. නමුත් ඒවා අලුත් නැවුම් හැගීම් බවට පත් වෙනවා. ඒ නිසාම අන් අයව ප්‍රබෝධයට පත් කරන්න හැකියාවක් පවතිනවා. අලුත් අදහස් ප්‍රකාශයට පත් කරන්න සමාජයේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන්. ඔබගේ පෞරුෂය ඉතාමත්ම උසස් මට්ටමකට වර්ධනය වෙනවා. අසල්වාසීන් ඔබගෙන් උදව් සොයාගෙන පැමිණෙනවා. සතුරු කරදර විටින්විට උදා වුනත් සතුරන් කවුද කියලා හරියටම දැන කියාගන්න සතුරන් සමග උපහාසාත්මකව ගණුදෙනු කරන්නත් හැකියාව පවතිනවා. ඒ හරහා සතුරන්ව මිතුරු කර ගන්නත් හැකියාව පවතිනවා. යානවාහන ගෙවල්දොරවල් ස්ථානීය පිලිබදව වාසනාව පවතිනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                                   ජය අංකය: 05

 

සිංහ ලග්නය

කරන කියන කටයුතු පිලිබදව වෙනදට වඩා සිහිකල්පනාවෙන් කටයුතු කිරීම වඩාත් වැදගත්. ගන්න තීන්දු තීරණ ඔබේ චිත්ත පිඩාවන්ටම හේතු වෙනවා. අධ්‍යාපනික කටයුතු වලට නම් බාධා එල්ල වීමේ ඉඩකඩ ඉහලයි. තමන්ගේ දු දරුවන් පිලිබදවත් වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. තරග විභාග කටයුතු වලින් ජයග්‍රහණ අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. තරගකාරි කටයුතු වලින් තීන්දු තීරණ ගන්න ස්ථාන වලදී කල්පනාකාරී වුනොත් ජයග්‍රහණ අත්පත් කර ගන්න හැකියාව ලැබෙනවා. ගෘහාශ්‍රිත කටයුතු සවස් යාමයේදී පහසුවෙන් දියුණු කර ගන්න පුළුවන්. කලාකාමී කටයුතු වලට යෝග්‍යයි. තාක්ෂණය හා මිශ්‍ර වුණු කටයුතු වලින් ආදායම් තත්වය වර්ධනය කර ගැනීමේ හැකියාව උදා වෙලා පවතිනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 02

කන්‍යා ලග්නය

කලාකාමී කටයුතු වලට යෝග්‍යයි. වචන භාවිතා කරන කටයුතු වලින් යමක් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. වෙනදට වඩා වචන බහුල වෙනවා. ප්‍රිය වචන කතා කරන්න අවස්ථාව උදා වෙනවා. සතුටෙන් සමාදානයෙන් කල්ගත කරන්න හැකියාව ලැබේවි. ආගමෙන් දහමෙන් වගේම දුර බැහැර පුද්ගලයන් සමග මිශ්‍ර වෙලා කටයුතු කරන්න අවස්ථාව උදා වෙනවා. එවැනි කටයුතු වලින් මනසට යම් සැහැල්ලුවක් සැනසීමක් අත්කර ගත හැකි වෙනවා. තමන්ගේ සමීපතමයන් නිසා පුංචි කේන්ති සහගත තත්ව නෝක්කාඩු සිතුවිලි ඔබේ සිත තුල ඇති වෙන්න පුළුවන්.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 07

තුලා ලග්නය

කල්පනාකාරීව තීන්දු තීරණ ගත්තොත් අසල්වාසීන් තමන්ගේ වෘත්තීය කරන ස්ථානය ඒවගේම තමන්ගේ අවට පරිසරය තමන්ට අවශ්‍ය විදියට පාලනය කරගැනීමේ හැකියාව පවතිනවා. කෙටි ගමන් බිමන් කිහිපයක්ම යන්න සිදු වේවි. ඒ ගමන් බිමන් වලින් අලුත් පුද්ගලයන්ව දැන හදුනා ගන්න අවස්ථාව උදා වෙනවා. තමන්ගේ ආගමෙන් දහමෙන් වෙනස් අයත් සමග ගණුදෙනු කරන්න අවස්ථාවන් උදා වෙනවා. මැදිවියේ කාන්තාවන් ගෙනුත් උදව් උපකාර ලබා ගන්න පුළුවන්. තමන්ට වඩා වැඩිහිටියන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී ඉවසීම අත්‍යවශ්‍යයි. පපුව ආශ්‍රිත සෙම් සහිත රෝග වියලීම නිසා හට ගන්නා රෝග නිසා පුංචි පුංචි පීඩාකාරී තත්ව ඇතිවිය හැකියි. වචන භාවිතා කිරීමේ සෞම්‍ය ස්වභාවය මුලික කරගෙන ඕනෑම කෙනෙක්ව වසග කරගැනීමේ හැකියාව පවතිනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 08

 

වෘශ්චික ලග්නය

 

කල්පනාකාරී වීම වඩාත් වැදගත්. වියදම් පාර්ශවය පාලනය කරගන්න තරමක් ඉවසිලිවන්තව කටයුතු කරන්න සිදු වෙනවා. අනවශ්‍ය වියදම් ඉහල යනවා. තමන්ගේ වචන භාවිතා කරලා අන් අයව වසග කරගන්න පුළුවන් වුනත් කල්පනාකාරීව කටයුතු නොකලොත් ඔබේ වචනයම ඔබේ පරහට සිටින්න පුළුවන්. දුර බැහැර ගමන් ආගමනුකුල ගමන් යන්න ආරාධනා ලැබෙනවා. තමන්ගේ මිත්‍රයන්ගෙන් පවා උදව් උපකාර ලබා ගන්න සිදු වෙනවා. නමුත් අතිශය කාර්යබහුල ස්වභාවයක් වගේම වියදම් අධික ස්වභාවයකුත් මුලික කරගෙන ඔබේ මුදල් පසුම්බිය පිලිබදව සැලකිල්ලක් දැක්වීම වෙනදට වඩා සැලකිල්ලෙන් සිදු කරන්න. රෝගිවීම් හේතු කරගෙන තමන්ගේ පිය පාර්ශවයේ ඥාතීන් හේතු කරගෙන ආරෝග්‍ය ශාලා ස්ථාන ආශ්‍රිත කටයුතු බහුල වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 09

ධනු ලග්නය

බොහෝ කල්පනාකාරීව කටයුතු කල යුතුයි. සෙම් සහිත රෝග වලින් ජලය සම්බන්ධ පරිසර වලදී විදුලිය හා සම්බන්ධ වන පරිසර වලදී ඔබේ අනතුරු දායක ස්වභාවය ඉහල යනවා. වම් අත වම් පාදය ආශ්‍රිත රෝගී තත්ව ඇති වේවි. වැටීම් තැලීම් තුවාල වීම් වැනි තත්ව වලට ඔබට ලක් වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. හිස ආශ්‍රිත රෝග තත්ව තදබල ලෙස පිඩා ගෙන දෙනවා. තීන්දු තීරණ ගන්න ඔබ උත්සහ කරත් නිවැරදි තීන්දු තීරණ ගන්න පුළුවන් මානසික තත්වයක් ඔබ තුල නිර්මාණය වෙන්නෙ නැහැ. ඒ නිසා තීන්දු තීරණ ගනිද්දී ඔබට වඩා උගත් උසස් සමාජයේ වැදගත් කමක් පවතින පුද්ගලයෙක්ගේ ඇසුර ලබා ගන්න. ඒ හරහා ධන ශක්තිය වර්ධනය කර ගැනීමටත් හැකි වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 03

 

මකර ලග්නය

තමන් විසින්ම පෞද්ගලිකව ගන්න තීන්දු තීරණ තමන්ගේ අභිවෘද්ධිය පිණිස හේතු වන්නේ නැහැ. උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වල වගේම තමන්ගේ නිවස බටහිර දිශාව අද දවසේ කල්පනාකාරීව හසුරුවා ගන්න. අද දවසේ ඔබේ නිවසේ බටහිර දිශාවේ මුදල් තැන්පත් කිරීම එතරම් යහපත් වන්නේ නැහැ. කල්පනාකාරීව කටයුතු කරන්න. වැඩිහිටියන්ට උදව් උපකාර කිරීම ඔබගේ ප්‍රමුඛතම කාර්ය වෙනවා. කලාකාමී කටයුතු සෞන්දර්යාත්මක කටයුතු උපදේශනාත්මක කටයුතු රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු වලට යම් සහනයක් සලසා ගැනීමේ හැකියාව ලැබෙනවා. එක ආදායම් මාර්ගයකට වඩා වැඩි ආදායම් මාර්ග පවතවාගෙන යන අය කල්පනාකාරී විය යුතු වෙනවා. කඩා වැටීම් චිත්ත පිඩා ඇතිවීම් වෙන්න  පුළුවන්. ප්‍රේමනීය සබදතා වලට බාධා ගෙන දෙනවා. විවාහ ජීවිතය තුල පුංචි පුංචි අර්බුධකාරී තත්ව ගොඩ නැගේවි.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 09

කුම්භ ලග්නය

උදෑසන කාලය අතිශය කාර්යබහුල වෙනවා. මානව සම්පත් කළමනාකරණය පිඩාවට පත් වුණු මිනිසුන් සමග කරන ගණුදෙනු කිරීම්, ගල්වැලි සිමෙන්ති ඉදිකිරීම් සම්බන්ධ ක්ෂේත්‍රයන් වලින් වාසි හිමි වෙනවා. සතුරු කරදර තිබුණානම් ඒවා දැන ගන්න, ඒවා යටපත් කරගන්න තමන්ව ස්ථාවර කරගන්න හැකියාව වාසනාව පවතිනවා. අලුත් අලුත් අදායම් මාර්ග පිළිබඳව වෙනදට වඩා වැඩි උනන්දුවක් පවතිනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. මානසික ශක්තිය වර්ධනය වෙනවා. ගුරුවරුන්ගේ දෙගුරුන්ගේ ආශිර්වාදය පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. පුංචි පුංචි චිත්ත පිඩා කම්මැලි ගති ඇතිවිය හැකියි. අලුත් ඇදුම් පැළදුම් ලබන්න පවා වාසනාව පවතිනවා. කෙටි ගමන් බිමන් වලින් අලුත් යාළුවන් හදුනා ගන්න පුළුවන්.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය               ජය අංකය: 08

මීන ලග්නය

රැකිරක්ෂා වෙළඳාම් කටයුතු සම්බන්ධව පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වෙනවා. වෘත්තීය කරන ස්ථාන වල ඉහළ නිලධාරීන් සමග ගණුදෙනු කරද්දී කල්පනාකාරී වන්න. සවස් වනවිට ඒ තත්වය සමතයකට පත් වෙනවා. කලහකාරී ස්වභාවයන් යටපත් වෙලා මානසික ඒකාග්‍රතාවයට මනස ලක් කර ගන්න පුළුවන් වෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කර ගන්න යහපත් දවසක් නොවේ. රැකිරක්ෂා වෙළදාම් කටයුතු වගේම හවුල් ව්‍යාපාර පිලිබදවත් එක සිතකින් මනස පවත්වා ගෙන යන්න ඔබට අවස්ථාව හිමි වන්නේ නැහැ. තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණ අත් කරගන්න පුළුවන්. ඉතිරි කිරීම් සම්බන්ධව වෙනදට වඩා සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 07

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 

 

 


News Articles
Latest Videos
Most Popular Post