News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

බංගලාදේශයේ ක්‍රිකට් ගොඩගත් හතුරා ලංකාව ගොඩගන්න මිතුරු වෙයිද?

2805 Views


බංගලාදේශයේ ක්‍රිකට් ගොඩගත් හතුරා ලංකාව ගොඩගන්න මිතුරු වෙයිද?

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් කාලයක් පහළටම වැටිලා තිබ්බේ. එහෙම වෙලාවක තමයි සුපිරි ගැලවුම් කාරයෙක් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එකතු වුනේ. විශේෂත්වය තමයි ඔහු ලංකාවේ පුද්ගලයෙක් වීම. එ් වෙන කවුරුත් නෙවෙයි. හිටපු ක්‍රීකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ.

අැත්තටම ඔහු බංගලාදේශයට මැජික් පෙන්නුවා. මොකද පල්ලෙහාම හිටිය බංගලාදේශ කණ්ඩායම බලාගෙන ඉන්දෙද්දි උඩට අාවා. එ් නිසා ලෝකය පුරාම ක්‍රිකට් වල අවධානය හතුරුසිංහට යොමු වුණා. අැත්තම කිව්වොත් ඔහු තමයි මේ මොහොතේ ලෝකයේ ඉන්න හොදම ක්‍රිකට් පුහුණුකරු. හැබැයි පහුගිය කාලයේ හතුරුසිංහ බංගලාදේශයෙන් අයින් වෙනවා කියලා කසුකුසුවක් අැහුවා. එත් බංගලාදේශ ක්‍රිකට් මණ්ඩලය එ් ගැන මුකුත්ම කිව්වෙ නෑ. කොහොම වුනත් හතුරුසිංහ ඉල්ලා අස්වීමේ ලියුම බාර දුන්නා කියලා ඊයේ බංගලාදේශ ක්‍රිකට් ප්‍රධානියා පිළිගත්තා. හතුරුසිංහ අස්වෙන්න පැහැදිලි හේතුවක් තමන් දන්නේ නෑ කියලයි ඔහු කිව්වේ.

“ඔහු පැහැදිලි හේතුවක් සදහන් කරලා නෑ ඉවත් වෙන්න. කොහොම වුනත් අවුරුද්දක විතර ඉදන් ලංකාවෙන් ඔහුට අාරාධනා කරලා තිබ්බා ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා. ලංකාවේ ජනාධිපතිතුමාත් ඔහුට කතා කරලා තිබ්බා. එ්ත් මට හරියටම කියන්න බෑ. එ්කමද හේතුව කියලා.” කියලයි බංගලාදේශ ක්‍රිකට් ප්‍රධානියා කිව්වේ.

කොහොම වුනත් හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර භාර ගන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. සියත 24 වෙත ලැබුණ විශ්වාසවන්ත අාරංචි මාර්ග අනුව පහුගිය සති කීපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය කුමාර් සංගක්කාර මගින් හතුරුසිංහට නැවතත් අාරාධනා කරලා තියෙනවා. එ්කට හතුරුසිංහත් යහපත් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා කියලයි අාරංචි වෙන්නෙ. වැටුණ බංගලාදේශ ක්‍රිකට් ගොඩගත්ත හතුරුසිංහ ලංකාවේ ක්‍රිකට් ගොඩදාන වැඩේ බාර ගනීවී කියලා, ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේම ක්‍රිකට් ප්‍රේක්ෂකයිනුත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ.

හතුරුසිංහ ලංකාවේ පුහුණුකරු තනතුර බාර ගත්තොත් වැඩිම මුදලක් ගෙවන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරු ඔහු වෙනවා. හැබැයි ඔහුගේ දක්ෂතාව එ් මුදලින් මනින්න බෑ. මොකද හතුරු කියන්නෙ මැජික් පෙන්වන කෙනෙක්. පළවෙනි කණ්ඩායම් 10 අතරටවත් එන්න බැරුව හිටිය බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම උඩට ගෙනාවේ ඔහු. හතුරුසිංහගේ කාලයේ බංගලාදේශයට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව සහ ලංකාව යන රටවල් පවා පරාජය කරන්න පුළුවන් වුනා. හතුරුසිංහ ලංකාවට නැවත්ත ක්‍රිකට් වසන්තය අරන් එනකන් අපි බලාගෙන ඉමු.

හතුරුසිංහ ලබන ජනවාරි මාසයේ ඉඳන් ලංකාවේ වැඩ බාර ගන්නව කියලයි ඉතාම විශ්වාසවන්ත අාරංචි මගින් අපිට දැනගන්න ලැබුණේ. එ් වගේම ඔහු 2019 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවය කරන්න ගිවිසුම් අත්සන් කරන්නත් නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post