පහුගිය දවස් කීපයේම අපේ රටේ අය එනකන් බලන් හිටපු කෙනෙක් තමයි නෙවෙස්කා ලේඩි. ලේඩි කෙනෙක් කිව්වට මෙයා තෙල් නැවක්. ඉතිං ඔන්න අපට ඕන කරන තෙල් ටික අරගෙන එයා ඊයේ අවා. කට්ටිය මේ විදිහට නැව් ගැන කතා කරද්දී සියත 24 අපි හොයල බැලුවා නැව් ගැන තොරතුරු ටිකක්. ඒ තියෙන්නේ අපි නැව් ගැන ඔබට කියන්න හොයාගත්ත විස්තර.
Zoroaster Tanker Ship
මේක තමයි ලෝකේ මුල්ම තෙල් නැව. මේක හදලා තියෙන්නේ 1878 අවුරුද්දේ. මේ නැව මීටර් 56 ක් දිගයි වගේම තෙල් ප්‍රවාහනය කරන්න පුළුවන් ටැංකි දෙකක් තියෙනවා.
ඉස්සර ඉඳලම ප්‍රවාහන කටයුතු පාවිච්චි කරපු දෙයක් තමයි නැව් කියන්නේ. එත් මේ නැව් වල ප්‍රවාහනය කරන බොරතෙල් හරි ඒවායේ නිෂ්පාදන ද්‍රව්‍ය අනුව කොටස් දෙකකට බෙදෙනවා.
1. Product Tanker
පෙට්‍රෝලියම් ද්‍රව්‍ය යොදාගෙන කරන නිෂ්පාදන ප්‍රවාහනය කරන නැව් තමයි මේ නමින් හඳුන්වන්නේ.
2. Crude Tanker
බොරතෙල් ප්‍රවාහනය කරන නැව් තමයි මේ නමින් හඳුන්වන්නේ.
Hydrogen Tankers
ද්‍රව තත්වයේ තියෙන හයිඩ්‍රජන් ප්‍රවාහනයට යොදා ගන්නේ මේ ජාතියේ නැව්.
1. Seawise Giant
ලෝකේ විශාලම නැව විදිහට සැලකෙන්නේ Seawise Giant නැව. මේක Titanic නැව වගේ දෙගුණයකටත් වඩා ආසන්න විශාලත්වයකින් යුක්ත වෙනවා. Happy Giant, Jahre Viking, Knock Nevis කියන නම් වලිනුත් මේ නැව හඳුන්වනවා. මේ නැව හදලා තියෙන්නේ Suitomo Heavy Industries සමාගමෙන්. මේ නැව දියත් කරේ 1981අවුරුද්දේ. වර්ගමීටර් 31,541 ක ධාරිතාවක් තියෙන ටැංකි 46 ක් මේ නැවේ තියෙනවා.
2. Pierre Guillaumat
(1977 – 1983)
සම්පුර්ණ දිග : 414.2 m
සම්පුර්ණ බර (ටොන්) : 555,051
වේගය: නොට් 16
3. Battilus
(1976 – 1985)
සම්පුර්ණ දිග : 414.22 m
සම්පුර්ණ බර (ටොන්) : 554,000
වේගය: නොට් 16
4. Bellamya
(1976 – 1986)
සම්පුර්ණ දිග : 414.22 m
සම්පුර්ණ බර (ටොන්) : 553,662
වේගය: නොට් 16
5. Pririal
(1979 – 2003)
සම්පුර්ණ දිග : 414.22 m
සම්පුර්ණ බර (ටොන්) : 555,046
වේගය: නොට් 16
6. Esso Atlantic
(1977 – 2002)
සම්පුර්ණ දිග : 406.57 m
සම්පුර්ණ බර (ටොන්) : 508,628
වේගය: නොට් 15.5
7. Esso Pacific
(1977 – 2002)
සම්පුර්ණ දිග : 406.57 m
සම්පුර්ණ බර (ටොන්) : 508,628
වේගය: නොට් 15.5