බුදු දහමට අනුව ලෝකයේ සෑම දෙයක්ම අනිත්‍යයයි. එ් කියන්නෙ අපි මේ ජීවත් වන පෘථිවිය පවා කවදා හරි දවසක විනාශ වෙනවා. කොහොම වුනත් ලෝක විනාශය ගැන එක එක අය විවිධ කතා කියනවා. 2012.12.12 ලෝක විනාශය සිද්ධ වෙනවා කියලා පහුගිය කාලයේ ලෝකු කලබගැනියක් වුනා. එ්ත් එදා නම් විශේෂ කිසිම දෙයක් වුනේ නෑ. හැබැයි ලෝකය විනාශ වෙන තවත් විදියක් ගැන මේ දවස්වල ලෝකය පුරාම කතා බහ කරනවා.
එ් තමයි “නිබිරු” අපේ පෘථිවිය විනාශ කරනවා කියලා. නිබිරු කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අෑත කෙලවරක පිහිටලා තියෙන උපකල්පිත ග්‍රහ ලෝකයක්. එළැඹෙන නොවැම්බර් 19 හෝ ඊට අාසන්න දවසක මේ අභිරහස් ග්‍රහලෝකය පෘථිවයේ ගැටෙනවා කියලයි විද්‍යාඥයින් මත පල කරන්නෙ. මීට කලිනුත් සැප්තැම්බර් 23 වෙනිදා මේ විදියටම ලෝක විනාශය වෙනවා කියලා ක්‍රිස්තියානි ගණිත ශාස්ත්‍රඥයකු කියලා තිබ්බා. නමුත් එදාත් සැලකිය යුතු කිසිම දෙයක් පෘථිවියට සිද්ධ වුනේ නෑ.
නිබිරු හෙවක් “ප්ලැනට් X” නමින් හදුන්වන මේ ග්‍රහලෝකය හිරු වටා එක වරක් භ්‍රමණය වෙන්න අවුරුදු 3600 ක් ගතවෙනවලු. සෞරග්‍රහ මණ්ඩලයේ අර්බුද ගැන මත පල කරන න්‍යායවාදීන් කියන විදියට මේ නිබිරු ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ශණ බලපෑම නිසා මීට වසර සිය ගණනකට කලිනුත් අනිත් ග්‍රහයනගේ කක්ෂයට බාදා අැති වෙලා තියෙනවලු. ඊළඟ විනාශකාරී පියවරත් ඕනෑම වෙලාවක වෙන්න පුළුවන් කියලයි ඔවුන් කියන්නෙ. නිබිරු ග්‍රහලෝකය පෘථිවියේ කෙලින්ම ගැටෙන්න හෝ පෘථිවිය මත විනාශකාරී කාලගුණික රටා අැති කරාවී කියලයි න්‍යායවාදීන් වැඩිදුරටත් කියන්නෙ.
මීට අවුරුදු 20 ක කාලයක විතර ඉදන් න්‍යායවාදීන් මේ ග්‍රහලෝකය ගැන පරීක්ෂණ කරනවා. Planetx.com වෙබ් අඩවිය හරහා ඔවුන් මේ ග්‍රහලෝකය ගැන අලුත් අදහස් ප්‍රකාශයට පත් කරනවා. මෑත කාලයේ අැතිවුන භූකම්පන, ගිණිකදු පිපිරීම් අාදිය නිබිරු ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණයේ බලපෑම් නිසා සිද්ධ වුන දේවල් කියලයි ඔවුන් කියන්නෙ.
කොහොම වුනත් නාසා අායතනය නම් මේ කතාව ප්‍රතික්ශේප කරනවා. න්‍යායවාදීන් කියන විදියේ ලෝක විනාශයක් කිසිම විදියකින් වෙන්නේ නෑ කියලයි නාසා අායතනය කියන්නේ. ප්ලැනට් X හෙවත් නිබිරු කියලා ග්‍රහලෝකයක් පෘථිවියේ ගැටෙන්න එනවා නම් අඩුම තරමේ මීට අවුරුදු 10 කට කලින්වත් හදුනා ගන්නවා කියලයි නාසා අායතනය කියන්නෙ. එහෙම ග්‍රහලෝකයක් නෑ කියලා ඔවුන් ස්ථිරවම කියනවා.
මේ වගේ මතවාද ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිර යනවා. එ් වගේම එ්වෙ විශ්වාස කරන ප්‍රමාණයත් වැඩී. හැබැයි ඉතිං මේ කතාව ගැනත් ඔබට බයක් අැති කර ගන්න අවශ්‍ය නෑ. කියන තරම් යකා කලු නෑ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.