ලංකාවේ රේඩියෝ නාලිකාවක, ඔබ නිර්මාණය කළ ගීතයක් ප්‍රචාරය කරගන්න එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඒ ගීතය ගුණාත්මක නිර්මාණයක් වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අදාල නාලිකාවේ සංගීත අංශ ප්‍රධානියාගේ ඉඳලා නාලිකා ප්‍රධානියා දක්වා ගීතය අනුමත වෙන්නත් ඕනේ.
ඔය හැම දේකටම වඩා අමාරු කාරණාව තමයි සිංහල ගීතයක් ජාත්‍යන්තර රේඩියෝ නාලිකාවක ප්‍රචාරය කරවගන්න එක. හැබැයි පහුගිය දවසක BBC ආසියානු රේඩියෝවේ ගීත දර්ශකයට සිංහල ගීතයක් අැතුලත් කර ගන්න ලංකාවේ ගායකයෙකුට හැකි වුනා. එ් තමයි ටිරාන් යාපා. මේ ගීතය නම් කරලා තියෙන්නේ “සසල සෙනෙහස” කියලා.
මේ ගීතය BBC ආසියානු රේඩියෝවට ගියේ කොහොමද? ටිරාන් යාපා කියන්නෙ කවුද? මේ වගේ ප්‍රශ්න ගොඩක් මේ මොහොතේ ලංකාවේ ගීත රසිකයන්ට අැති වෙලා තියෙනවා. එ් නිසා ඔබ වෙනුවෙන් අපි ඔහුගෙන් එ් ප්‍රශ්න අැහුවා. මේ තියෙන්නෙ ටිරාන් යාපා සමඟ සියත 24 කළ සංවාදය.
සටහන – චාමර නුවන්
සංවාදය – සජීව ද සිල්වා