අද 2017 නොවැම්බර් මාසයේ 12 ඉරිදා
රාහු කාලය පෙ.ව 04.20 සිට 05.48
සුභ දිශාව දකුණ
මරු සිටින දිශාව උතුර

උනන්දුව උත්සාහය ක්‍රියාශීලිබව ඇතිව දවස ගෙවන ඔබ මංගල්‍යමය ගමන් බිමන් වැඩි වෙනවා. ස්ථානගත ගැටළුවක් විසදා ගැනීමට දුරබැහැර වීමට ඉඩ තිබෙනවා. නීති ප්‍රශ්නයක් හෝ නඩු හබ පැටලිලි වලට අවතීර්ණ වෙන්නටත් එවැනි දේකට ආරක්ෂක තත්වයක් ඇතිකර ගැනීමටත් උත්සහ දරන දිනයක්. අලංකාරය සම්බන්ධයෙන් යම් යම් මිලදී ගන්නත් ඔබට ගමන් බිමන් වැඩි වේවි. එකතැනක වී සිටීමට නොහැකිතාවයක් නිසා කාර්යබහුල දිනයක්. අලංකාරය පිණිස කරන වැඩ කටයුතු වලට බාධාවීම් ඇති නිසා කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 01

අලංකාරත්වය ලැබීම දියුණුව ඇති දිනයක්. කරගෙන යන වැඩ කටයුතු වෙනසක් කිරීමට ඔබට හැකියාව පවතින අතර ගෙදරදොරට අමතර කොටසක් ගැනීමක් හෝ යානවාහන සදීමක් එවැනි දේකට මිල මුදල් වියදම් කිරීමට ඉඩ තිබෙනවා. ඥාතීන් අතර කැපී පෙනෙන්නාවූ ගතියක් හෝ ඥාතීන්ගේ හොද හිත තමා වෙත ලබා ගැනීමට ඉඩ තිබෙන නිසා ඔවුන්ගෙන් අද යහපත්. මව්පියන් වෙනුවෙන් වැඩි කැපකිරීමක් කරන දිනයක්. මිල මුදල් තත්වය විටෙක අස්ථානගත වීම් ඇති නිසා බොහෝ විට ඔබගේ මුදල් පසුම්බිය පරිස්සම් කර ගැනීමටත් වගබලා ගන්න. නැතිනම් සුළු සුළු පාඩු හානි වීමට ඉඩ තිබෙනවා.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 02

මංගල්‍යමය ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීමට ඉඩ තිබෙන නිසා ඔබට කලකිරීම් ඇති වේවි. සෙම් කෝප ගති උෂ්ණ රෝග ඇති වෙනවා. කරගෙන යන වැඩ කටයුතු තරමක් ආපස්සට යාමක් හෝ චිත්ත පිඩා ඇති වීමට ඉඩ තිබෙන නිසා කල්පනාකාරී වෙන්න. ගණුදෙනු වලදී තරමක් ප්‍රවේසම් විය යුතුයි. සහෝදරයෙකු නිසා හෝ ඥාතියෙකු නිසා පාඩුහානි වීමට ඉඩ තිබෙනවා. මෙතෙක් කලක් කරගෙන ගියාවූ වැඩ කටයුත්තක් වෙනස් කිරීමක් හෝ දුරබැහැර වීමට ඉඩ තිබෙනවා. වන්දනා ගමන් පිනට දහමට සිත යොමුවන නිසා සාර්ථක වෙනවා.
ජය වර්ණය කොළ පැහැය ජය අංකය 02

උනන්දුව උත්සාහය ක්‍රියාශීලිබවකින් යුතුව දවස ආරම්භ කරත් දවස මැදදී අවුල් සහගත බවක් උසුලනවා. යම් යම් දේ ඔබ කෙරෙන් ඈත් වීමක් හෝ හිතවතුන් වියෝ වීමක් ඈත් වීමක් ඉඩ තිබෙන නිසා කල්පනාකාරී වෙන්න. ඔබට හොදින් සලකු කෙනෙක් ඈත් වීමක් හෝ මිතුරෙකු දුරස්ථ වීමකට ඉඩ තිබෙනවා. එයින් චිත්ත පිඩා මතු වෙනවා. රටින් පිට වීමක් හෝ ඥතීන් අතරින් ඈත් වීමක් තියෙන නිසා කාර්යබහුලත්වයකට ඉඩ වැඩියි. කරගෙන යන වැඩ කටයුතු දවස අවසානයේ සාර්ථක වෙනවා. අධ්‍යාපන කටයුතු වලට ඉතාමත්ම සුභයි.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 05

උනන්දුව උත්සාහය ක්‍රියාශීලිබවක් හෝ දුර බැහැර වීමක්ද රටින් පිට වීමක් හෝ රසවත් ආහාරපාන ලැබෙන අන්දමේ උත්සව අවස්ථාවක්ද ඔබට හිමි වෙනවා. ගෙදරදොර වැඩි වගකීමක් දැරීමට ඉඩ තිබෙන දවසක්. අන්‍යන් කෙරේ කැපවීම් කිරීමට ඉඩ තිබෙන නිසා ඔබට කාර්යබහුලත්වය ඇති වේවි. උඩ නැගීම වැටීම් වලින් තරමක් දුරට ප්‍රවේසම් වන්න. ඉකමන් තීරණ ගැනීමෙන් වලකින්න. අනුන් උදෙසා කැපවීම් කරත් ඔබ උදෙසා කැපවීම් කිරීමට කෙනෙක් නොමැති වීම නිසා සිතට කලකිරීමක් ඇති වෙනවා. වියදම් වැඩි දිනයක්.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 03
කන්‍යා ලග්නය

කරගෙන ආ වැඩ කටයුතු සාර්ථකව නිමා කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙන අතර සමාජමය කටයුතු සාර්ථකව කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉක්මන් ක්ෂණික තීරණ නිසා පාඩුහානි ඇති වෙනවා. ඔබ ගන්නාවූ තීන්දු තීරණ වෙනස් මගකට යොමු වන්නාවූ ඒවාට සතුරු කරදර යොමුවන නිසා වෙනස් මගකට යොමුකර ගැනීමට ඉඩ තිබෙනවා. අලංකාරය සම්බන්ධයෙන් ගන්නාවූ තීන්දු තීරණ සාර්ථක කර ගැනීමට හැකියාවක් තිබෙන අතර ගේදොර අලංකාර වීම් මිල මුදල් තත්වයද යහපත් තත්වයකට හැදෙනවා. සතුරු කරදර තරමක් දුරට බලපෑම නිසා ඔබට චිත්ත පිඩා ඇති වෙනවා. මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු සාර්ථකව නිමා කර ගැනීමට නම් සවස් යාමයේ හැකියාවක් තියෙනවා.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 06

අලංකාරය පිණිස යම් යම් දේ මිලදී ගන්නට ඔබට සිදු වේවි. සියලු දෙනා සමග එකතු වෙලා කරන කටයුතු සාර්ථක වන අතර කැපී පෙනෙන ගතියක් ඇති වෙනවා. ප්‍රභූ විශ්වාසයක් හෝ ප්‍රභුන්ගෙන් නම්බු නාම ලැබීමේ භාග්‍යක් තිබෙනවා. ඒ වගේම පුජක පක්ෂයේ අයගෙන් හිතවත් බවක් හෝ ඒ වගේ අය ලගට පැමිණෙන අතර ඔවුන්ගෙන්ද යහපත් ප්‍රථිපල අත් වෙනවා. ගෙයක් දොරක් සෑදීමක් හෝ අලංකාරය වෙනුවෙන් වැඩි වියදමක් දැරීමටද ඉඩ තිබෙනවා. ඥාතීන්ගේ කටයුතු සොයා බලා කිරීමට සිදු වෙනවා. අවිවේකි දිනයක්.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 07

ලැබීම අතින් යහපත් වන අතර ගමන් බිමන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන දිනයක්. ඥාති හිතවතෙකුගේ මංගල්‍යමය කටයුත්තක් හෝ උත්සවයකට සහභාගී වීමක් සිදුවන දිනයක්. අතමිට ලැබුනත් ඉක්මනින් වියපැහැදම් වෙනවා. නව නිර්මාණ සැලසුම් සාහිත්‍යක් හෝ කලා කුසලතාවයන් වර්ධනය කර ගැනීමට හැකියාවක් තියෙනවා. එයින් ඔබට යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ව්‍යපාරික අංශයේ කටයුතු කරන්නන්ට යහපත්. හෝටල් ව්‍යාපාර ආදී දෙයින් ඔබට අතමිට මුදල් සරුවන අතර ව්‍යාපාරිකයින්ට සහන ඇති වෙනවා.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 05

වෙනදට වඩා උද්‍යෝගය උත්සාහය මත කටයුතු සැලසෙනවා. අලංකාරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔබ වැඩි අවධානයක් යොමු කිරීමට ඉඩ තිබෙනවා. නොයෙක් දේ මිලට ගැනීම් නොයෙක් කටයුතු වලට දායක වීම් පුණ්‍යකාමී සිතුවිලි ඇති වීම තුලින් සියලු දෙනාගේ සිත ඔබ දෙසට යොමු වෙනවා. අලංකාරයට මිලදී ගැනීම් ලස්සන කිරීම නිර්මාණ කිරීම් වලට ඔබට දායක වීමට ඉඩ තිබෙනවා. එයින් සාර්ථකත්වය ලබනවා. නොයෙක් දෙන සමගින් එකමුතුව කරන කටයුතු සාර්තකවන අතර තනිව කරන කටයුතු වලින් තරමක් අයහපත ගෙන දෙනවා. අධ්‍යාපන කටයුතු වලින් ඔබට ඉහල යාමක් හෝ සාර්ථකත්වය දකින අතර නව රැකියා සොයන්නන්ට යහපත් ආකාරයට ලැබීම පවතිනවා.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 02

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මගකට යොමු වීමක් අලුත් අදහසකින් කටයුතු කිරීමටත් ලැබීම අතින් යහපත් වීමටත් අද දිනය තුලදී හැකියාවක් තිබෙන අතර නව නිර්මාණ කිරීමේ යෝගයක් යෙදී තිබෙනවා. ගෙදරදොර අලංකාරකරණයක් හෝ ඥාතීන් අතර හොදහිත පවත්වාගෙන යාමටද ඔබට හැකියාව තියෙනවා. ජලපිඩා ගිනි පිඩා ඇති බැවින් කල්පනාකාරී විය යුතුයි. එවැනි රැකියා කරනවානම් ප්‍රවේසම් වන්න. ගේදොර සබදතාද එවැනිම ආකාරයෙන් ප්‍රවේසම් කරගත යුතුයි. අවුල් සහිත ගතියක් ඇති දිනයක්. මානසික තෘප්තිය හවස් යාමයේ අඩු වෙයි.
ජය වර්ණය රෝස පැහැය ජය අංකය 02

උනන්දුව උත්සාහය තුලින් ඔබට ජයග්‍රහණ කීපයක් ලගා කර ගැනීමටද හැකියාවක් තිබෙනවා. අන්‍යන් කෙරේ කැපවීම් සමාජගත වීම් තුලින් අසරණයන්ට පිහිට වීම් තුලින් ඔබට හැකිතාක් දුරට සිත සනසා ගන්න පුළුවන් වෙන අතර ඔබට අන් අයගේ ප්‍රසංසා හිමි වෙනවා. අලංකාරය සම්බන්ධයෙන් කරන්නාවූ කටයුතු සාර්ථක වන අතර කලා කුසලතාවයන් වර්ධනය වෙනවා. ඔබ සමාජගත වීමක් හෝ දේශපාලනික අංශ කෙරේ යොමු වී නම් එවැනි දේවලින් සාර්ථකත්වයක් හිමි වෙනවා. වැඩ රාජකාරි බහුල වෙනවා. හවස් යාමයේ මංගල්‍යමය ගමනක් හෝ පෙම් සම්බන්ධතාවයක් වැඩි දියුණු වීමක් නිසා එවැනි දෙයක් ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 09

මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු වෙනස් මගකට යොමු වීමක් හෝ අලුතෙන් පටන් ගැනීමක් නව නිර්මාණයක් කිරීමට ඉඩ තිබෙන දිනයක්. බොහෝ විට කාර්යභාරයක් ඔබ මතට පැටවේවි. ක්ෂණික තීරණ නිසා ඔබට පාඩු හානි ඇති වීමට ඉඩ තිබෙනවා. දරුවෙක් නිසා ඥාති නිසා ඔබට ගැටළු සහගත තත්වයක් ඇති බැවින් කල්පනාකාරී වෙන්න. එකතැනකට වී සිටීමට නොහැකි නිසා ඇවිදීමට ප්‍රිය වෙනවා. ශාරීරිකව දුර්වලතා ඇති වෙනවා. යානවාහන පැදවීමේදී බාධා මතු වෙනවා. ගමන් බිමන් යාමේදී කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය රෝස පැහැය ජය අංකය 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය: 0112509386