News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

මත්ද්‍රව්‍ය පෙවූ උකුස්සන් 23 ක් අත්අඩංගුවට.

2319 Views


මත්ද්‍රව්‍ය පෙවූ උකුස්සන් 23 ක් අත්අඩංගුවට.

ඈත අතීතයේ ඉදන්ම කුරුල්ලන්ව විවිධ වැඩ සඳහා මිනිසුන් යොදා ගත්තා. විශේෂයෙන්ම පණිවිඩ හුවමාරු කර ගන්න කුරුල්ලන් භාවිතා කරා. අපිකාව වගේ රටවල දඩයම් සොයා ගන්න උකුස්සන් පාවිච්චි කරා කියලත් සඳහන් වෙනවා.

කුවේටය සහ ඉරාකය අතර පිහිටි අල්-ඊබ්ඩෙල්ලි දේශසීමාව හරහා ගමන් කරන්න උත්සහ කළ පුද්ගලයෙකු පරීක්ෂා කරනකොට, ගමන් මලු තුල නීතිවිරෝධි විදිහට හිරකරගෙන අරන් යන්න උත්සහ කළ උකුස්සන් 23 ක් අත්අඩංගුවට ගන්න කුවේට් රේගු නිලධාරීන් සමත් වෙලා තියෙනවා.

මේ උකුස්සන් ගොදුරු ඇල්ලීමට පුරුදු කළ උකුස්සන් බවත්, අරගෙන යන්න පහසු වෙන විදිහට මත්ද්‍රව්‍ය පොවාලා හිටියා කියල අනාවරණය වෙලා තියෙනවා.

මේ අල්ලගත්ත උකුස්සෝ 20 ක් කුවේට් පරිසර අධිකාරියේ බලධාරීන් විසින් ඉරාක බලධාරීන්ට භාර දීලා තියෙනවා. එත් අධික තෙරපීම නිසා උකුස්සන් තුන්දෙනෙකු මියගිහින්.

වඳ වී යෑමේ තර්ජනයට ලක් වෙලා තියෙන සත්ව සහ ශාක විශේෂ වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට අනුව, උකුස්සන ජාවාරම් කිරීම නීතිවිරෝධි වැඩක්.


News Articles
Latest Videos
Most Popular Post