News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

ලබන වසරේ සිට දුම්වැටි අලෙවිය තහනම් – පාප් වහන්සේගෙන් නියෝගයක්.

1707 Views


ලබන වසරේ සිට දුම්වැටි අලෙවිය තහනම් – පාප් වහන්සේගෙන් නියෝගයක්.

දුම්වැටි එහෙම නැත්නම් සිගරට් කියන්නෙ ශරීරයට ඉතාම අහිතකර දෙයක්. දුම්වැටි භාවිතය නිසා දවසකට ලෝකය පුරා සිය ගණනක් මැරෙනවා. ගොඩක් රටවල ප්‍රධානම බදු අාදායම ලැබෙන්නෙ දුම්වැටි නිසා. හැබැයි මේ වෙද්දි ගොඩක් රටවල් දුම්වැටි භාවිතය අවම කරන්න කටයුතු කරමින් ඉන්නවා. ලංකාවේත් පහුගිය කාලයේ දුම්වැටි පැකට්වල 60% ක දුම්බීමේ අාදීනව දැක්වෙන ඡායාරූප පල කරන්න නියම කරා. එ්ත් කොච්චර දුරට එ් නිසා දුම්වැටි භාවිතය අඩුවෙලාද කියලා හොයලා බලන්න ඕන.

කොහොම වුනත් පාප් වහන්සේ ලබන වසරේ ඉදන් වතිකානුවේ සිගරට් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න නියෝග කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වතිකානුවේ දුම්වැටි අලවියෙන් අවුරුද්දකට යූරෝ මිලියන 10 ක අාදායමක් ලබනවා. වතිකානුවේ දෙවෙන බදු අාදායම් මාර්ගය වෙන්නෙත් මේක. එ් වුනත් දුම්වැටි නිසා මිනිසුන්ට වෙන හානිය වැඩි නිසා මේ තීරණය ගත්තා කියලයි ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ කිව්වේ. මේ තීරණය ලෝකයේ අනිත් රටවලටත් හොද අාදර්ශයක්. ලංකාවෙත් එක එක නම් දාගෙන දුම්වැටි භාවිතය නවත්වන්න හදන වෙලේ මේ වගේ කෙලින් තීරණයක් ගත්තා නම් ගොඩක් වටිනවා කියලයි අපිට කියන්න තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post