News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

Facebook වලට සීමා නොවූ දුවකගේ සැබෑ පිය සෙනෙහස.

2153 Views


Facebook වලට සීමා නොවූ දුවකගේ සැබෑ පිය සෙනෙහස.

මේ දවස්වල Facebook එකේ ගොඩක් අයගේ Wall වල Share වෙන Status එකක් තමයි පහතින් තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ තාත්තා කෙනෙක් සහ දුවකගේ තියෙන බැඳීම කොච්චර ප්‍රබලද කියලා. මුලින් ඒක කියවලා ඉන්නකෝ. ඊට පස්සේ අපි කතාවට යමු.

තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති බවත්, තාත්තා නොදන්නා මගුලක් නැති බවත්, තාත්තා මාර පොරක් බවත් කෙල්ල සිතා සිටීම ඊට හේතුවයි.

කෙල්ල අම්මා එක්ක දාගන්නා වලි සියල්ලේ ඇරියස් කවර් කරන්නේ තාත්තාගෙනි. අම්මා එපා කියූ සියල්ල කරන්නට පර්මිෂන් ගන්නේ ද තාත්තාගෙනි. එසේ පර්මිෂන් දුන් කළ අම්මා තාත්තා සමග වලි දාගන්නා බව කෙල්ලට අදාල නැත. ඒකිගේ ලෝකයේ වීරයා තාත්තා ය. ඉතිං අම්මා සමග දාගන්නා වලි වලින්ද තාත්තා දිනන බව ඒකිට ෂුවර් ය.

කෙල්ල සමග නිදා ගැනීමද ලේසි නැත. ඒකිය නින්ද යන තෙක් තාත්තාගේ අත පය තිබිය යුත්තේ ඒකිට ඕනෑ හැටියට ය. ඒකි කම්ෆර්ටබල් වනතුරු තාත්තාගේ අතපය හතර එහෙට මෙහෙට අඹරවමින් ඒකිට ඕනෑ කම්ෆර්ටබල් එක ලබා ගන්නා අතර, තාත්තාගේ කම්ෆර්ටබල් එක ඒකිට අදාලම නැත. නින්ද ගිය පසුව ද එය වෙනසක් නොවේ. බොහෝ විට රෑ මැදියමේ දී කෙල්ලගේ කකුල් දෙක ඇත්තේ තාත්තාගේ ඔළුව උඩ ය.නැත්නම් බඩට ඔළුව තියා තාත්තා ඇඳෙන් වැටෙන තුරු තල්ලු කිරීම ද නින්දෙන් කෙල්ල කරන සෙල්ලමකි. ඇහැරෙන ඇහරෙන වාරයක් පාසා ඒකි දෙපයින් ඇන විසි කරනා රෙද්ද ගෙන ඈට පෙරවීම තාත්තලා අනිවාර්යයෙන් කළ යුතු ය. කොච්චර රස්නයක හිටියත් කෙල්ල සීතලේ යැයි තාත්තලාගේ හිත නිතර කියයි.
තාත්තා යන්නේ කොතැනද ඒ ඕනෑම තැනකට එල්ලී ඒමට කෙල්ල දත කට මැදගෙන සිටී. හැන්දෑවට පොඩ්ඩක් සෙට් වෙන්න හැදුවද ඉස්සෙල්ලාම බලන්නේ කෙල්ලගේ මූඩ් එක කොහොමද කියා ය. කෙල්ල ෂේප් නම් අම්මාව ගොඩ දමා ගැනීම සිම්පල් ය.

ඇබ ඇට, බටු ඇට ගානට හිඳිනා කෙල්ලන් ලොකු වෙද්දී උනට අවශ්ය කළමණාද වෙනස් වේ. ඒවට තට්ටු වෙන්තේ තාත්තාගේ පර්ස් එකට ය. තාත්තාලගේ පර්ස් එක හිස් කිරීමේ මහත් වූ හැකියාවක් කෙල්ලන් සතුව තිබේ. ඉල්ලන ඉල්ලන ඕනෙ මගුලක් තාත්තා අරන් දෙන බවට කෙල්ලන්ට ඇති විශ්වාසය ඊට හේතුවයි.

තාත්තාට කෙල්ලව වඩාගෙන සිටීමට අම්මා අවසර දෙන කාලය ඉකුත් වීමට දැන් ආසන්න ය. ඒත් තාත්තාට අදටත්, හෙටටත් කෙල්ල කෙල්ලම ය. ඒකී වඩාගෙන යෑමට බැරි උනත් කරේ අත දමාගෙන යාමට හෝ තාත්තාට හිඳිනා හොඳම යාළුවා ය. කෙල්ලගේ හොඳම යාළුවා ද තාත්තා නම් , තාත්තාට කෙල්ල ගැන බය වීමට කිසි හේතුවක් නැත.

ඉතින් මේ විදිහේ කතාවක් සමාජ ජාල උණුසුම් කරද්දී, තමන්ගේ ජීවිතයම කැප කරලා, වකුගඩුවෙන් කොටසක් දන් දුන්න රූමත් දුවෙක් ගැන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා, වකුගඩු රෝගයකින් අසාධ්‍ය තත්වයෙන් හිටපු ඇයගේ තාත්තා බේර ගන්න මේ දුව සිය අක්මාවෙන් කොටසක් දන් දීලා තියෙනවා.

ඇයගේ නම පුජා බිජර්නියා. මේ වෙද්දී මුළු ලොකයේම කතා බහට ලක් වෙන ඇයට, නිර්භීත දියණිය කියන නාමයද පට බැඳිලා ඉවරයි.හැමෝටම ආදර්ශයක් දුන් පුජා බිජර්නියා සහ ඇයගේ තාත්තාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.


News Articles
Latest Videos
Most Popular Post