News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

ඔබේ ජංගම දුරකතනයේ සැඟවුණ තොරතුරු හොයා ගන්න මේ Code ටික මතක තියා ගන්න.

4269 Views


ඔබේ ජංගම දුරකතනයේ සැඟවුණ තොරතුරු හොයා ගන්න මේ Code ටික මතක තියා ගන්න.

Mobile Phone එකක් කියන්නේ දැන් හැමෝම ලඟ තියෙන දෙයක්. ගොඩක් අය Mobile Phone එකක් ගනිද්දී බලන්නේ, දැනට තියෙන හොඳම Performance තියෙන Mobile Phone එක ගන්න. එත් හැම Mobile Phone එකකම පෙනෙන පැත්තක් සහ නොපන පැත්තක් තියෙනවා තියෙනවා කියලා ඔබ දන්නවද? අපි ගොඩක් වෙලාවට Mobile Phone එකේ දැකුම්කළු බව, වේගය ආදී දේවල් විතරයි. එත් Mobile Phone එකක හැංගිලා තියෙන දේවල් ගැන ගොඩක් දෙනෙක් දෙනෙක් දන්නේ නැහැ. ඒ වුනත් මේ හැංගුන රහස්වලින් ගන්න පුළුවන් ප‍්‍රයෝජන නම් බොහොමයක් තියෙනවා. අද කතා කරන්න යන්නේ Mobile Phone, විශේෂයෙන්ම Smart Phone භාවිත කරන අයට ප‍්‍රයෝජනවත් වන විදියේ රහස් කිහිපයක් ගැන.

මේ හැම රහසක්ම අනාවරණය කරගන්නට ඕන වෙන්නේ ඔබගේ Mobile Phone එකේ Dial Pad එක බව මුළින්ම කියන්න ඕන. මේවා හඳුන්වන්නේ ‘රහස් කේත’ නමින්. ඔබගේ Dial Pad එකෙන් මේ Codes ඩයල් කිරීමෙන් මේ රහස් හෙළිදරව් කරගන්නට පුළුවන්.

1. #31#
මෙය ඩයල් කිරීමෙන්, ඔබ ලබා ගන්නා ඇමතුම්වල ඔබගේ අනන්‍යතාව හංගන්න පුළුවන්. එ් කියන්නේ අනෙක් පැත්තේ පුද්ගලයාට ඔබගේ අංකය මොකක්ද කියලා පෙන්වන්නේ නැහැ. කොහොම වුනත් ඔබ භාවිත කරන ජංගම දුරකතන ජාල පද්ධතිය (Network Connection) මේ සඳහා අවසර දීලා තියෙනවනම් විතරයි මෙය ක‍්‍රියාත්මක වෙන්නේ.

2. *#06#
මේක ඉතා වැදගත් කේතයයක්. ඔබගේ හැඳුනුම්පත් අංකය වගේම ඔබගේ දුරකතනයටත් හැඳුනුම් පත් අංකයක් තියෙනවා. ජංගම දුරකතන ජාල පද්ධතිය ඔබගේ දුරකතනය හඳුනාගන්නේ මේ අංකයෙන්. අපි සාමාන්‍යයෙන් කට වචනයට මෙයට කියන්නේ ‘ඉමි’ (IMEI) අංකය කියලා. එ් වචනය හැදිලා තියෙන්නේ International Mobile Equipment Identity කියන වචනවල මුල් අකුරු එකතු වීමෙන්. මේ කේතය ඕනෑම ජංගම දුරතනයක ඩයල් පෑඞ් එකෙන් ඩයල් කිරීමෙන් ඔබගේ ඉමි අංකය පරීක්ෂා කරන්න පුළුවන්. යම් විදියකින් ඔබගේ ජංගම දුරකතනය නැති වුනොත් පොලීසියේ සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ පැමිණිල්ලක් දාන්න ඕන මේ අංකයත් එක්ක. එ් නිසා මේ අංකය බලලා විතරක් මදි. කොහේ හරි මතක තියෙන තැනක ලියා තියාගන්නවා නම් තවත් හොඳයි.

3. *#30#
ඔබ ඇමතුම ලබා ගන්නා පුද්ගලයාට ඔබගේ අංකය හංගන්න මේ කේතය භාවිත කරන්න පුළුවන්. එත් අපි කලින් කිව්වා වගේම මේ පහසුකම ලබා ගන්න පුළුවන් වෙන්නේ ජංගම දුරකතන ජාල පද්ධතිය හිමි සමාගම එයට අවසර දෙනවා නම් විතරයි.

4. *33*#
ඔබට හොරෙන් කවුරුන් හෝ ඔබගේ ජංගම දුරකතනයෙන් ඇමතුම් ලබා ගන්නවා කියා සැක පහළ වුණොත් මේ කේතය ඔබට ප‍්‍රයෝජනවත්. මේකෙන් පුළුවන් ඔබගේ දුරකතනයෙන් පිටතට ගන්නා ඇමතුම් අවලංගු කරන්න. එත් ඔබට ඇමතුමක් ගන්න ඕන වුනොත් *33*#PIN# ඩයල් කරලා පිටතට ඇමතුම් ලබාගන්න පුළුවන්. මෙහිදී PIN කියන්නේ ඔබගේ ජංගම දුරකතනයට අදාළ PUK කේතයයි. එය ජංගම දුරකතන සමාගමින් දැනගන්න පුළුවන් කේතයක්.

5. *3370#
Mobile Phone එකක තියෙන පහසුකම් ලබා ගන්නේ ජංගම දුරකතන තරංග ඔස්සේ. සමහර පළාත්වලට මේවා ලැබෙන්නේ දුර්වල මට්ටමින්. ඒ නිසා ලබාගන්නා ඇමතුම් පැහැදිලි මදි. එත් මේ තත්වය යම් තරමකින් වර්ධනය කරගන්නට නම් ජංගම දුරකතනයේ ඇති EFR කියන පහසුකම ක‍්‍රියාත්මක කරගන්න ඕන. ඉහත Code එක ඩයල් කිරීමෙන් මෙම පහසුකම ලබා ගන්නට පුළුවන්.

6. *#5005*7672#
ජංගම දුරකතනයකින් කෙටි පණිවිඩ යවද්දී වැදගත් ම දෙයක් තමයි අපට සේවා සපයන සමාගමේ සේවා අංකය. සාමාන්‍යයෙන් සිම් පතක් Phone එකට දැමූ විට මේ අංකය අදාළ ස්ථානයට පිටපත් වීම සිදු වෙනවා. එත් මොකක් හරි දෝෂයක් වෙලා මේ අංකය මැකුනොත්, ඒ Number එක හොයා ගන්න ඉහත අංකය ඩයල් කරන්න.

7. *3001#12345#*
සාමාන්‍යයෙන් ජංගම දුරකතනය සංඥා පෙන්වන්නේ සිරස් අතට ඇති තීරු ආකාරයෙන්. එත් මේ Code එක ඩයල් කරාම ඒවා අංක විදිහට බලාගන්න ඔබට හැකියාව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post