News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

වසර සියයක් සපිරුණ සෝවියට් දේශයේ ඔබ නොදන්නා දේවල් මෙන්න.

2471 Views


වසර සියයක් සපිරුණ සෝවියට් දේශයේ ඔබ නොදන්නා දේවල් මෙන්න.

රැසියාව කාලයක් ලෝකයේ බලවත්ම රට. එ් වගේම තාමත් ලෝකයේ විශාලම රට. එ් වුනත් සෝවියට් දේශය බෙදිලා යන්න කලින් ඊටත් වඩා ලොකුවට තිබ්බා. පසුගිය දා සෝවියට් දේශයට වසර සීයක් සපිරුනා. එ් නිසා සෝවියට් දේශය ගැන ඔබ නොදන්න කරුණු ටිකක් කියන්න අපි හිතුවා.

ලෝකයේ ගොඩබිම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 149 ක්. එකෙන් හතෙන් එකක් එහෙම නැත්තම් වර්ග කිලෝමීටර් මිලියන 22 කට වැඩි ප්‍රමාණයක සෝවියට් දේශය පැතිරලා තිබ්බා. 1917 ඔක්තෝම්බර් මාසයේදී ව්ලැද්වියර් ලෙනින්ගේ නායකත්වයෙන් යුතු බෝල්ශෙවික්වාදීන් ශාන්ත පිතේර්බූර්ග් නගරයේ හිම මාලිගය අල්ලාගෙන සෝවියට් දේශය නිර්මාණය කරා. එ් විප්ලවයෙන් රුසියාව වගේම මුළු ලෝකයේම ගමන් මග වෙනස් කරා.

සෝවියට් දේශයේ ප්‍රධානම හතුරා වන අැමරිකා එක්සත් ජනපදය රැසියාවට වඩා වර්ග කිලෝමීටර් මිලියන 10 ක් කුඩායි. සෝවියට් දේශයේ නැගෙනහිර ඉදන් බටහිර දක්වා දිග දිග අාසන්න වශයෙන් කිලෝමීටර් 11 000 ක් විතර. එ් කියන්නේ රටේ බටහිර පැත්තේ අය උදේ කෑම කද්දී රටේ නැගෙනහිර පැත්තේ අය රෑට කාලත් ඉවරයි.

සෝවියට් දේශය සතුව විශාල අාර්ථික ශක්තියකුත් තිබ්බා. 1989 අාර්ථික දත්ත අනුව සෝවියට් දේශයේ දළ ජාතික නිශ්පාදනය ට්‍රිලියන 3 කට අාසන්නයි. මිලියන 5 කට අධික යුධ සෙබළුන් හිටිය සෝවියට් දේශයේ න්‍යශ්ටික යුධ ශීර්ෂ 45 000 ක් නිබ්බා. ඔවුන්ගේ බටහිර එදිරිවාදීන් සතුව කිබ්බේ න්‍යෂ්ටික යුධ ශීර්ෂ 23 000 ක් විතරයි. කොහොම වුනත් 1991 දී සෝවියට් දේශය රටවල් ගණනාවකට බෙදී වෙන්වුනා. එ්ත් තාමත් නිදාගෙන ඉන්න සිංහයෙක් වගේ රැසියාව ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post