News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

මාලිගාවත්තේ මොහොමඩ් පැවිදිවෙයි.

2325 Views


මාලිගාවත්තේ මොහොමඩ් පැවිදිවෙයි.

බුදු දහමේ එන විදිහට, එක පවුලකින් එක දරුවෙක් සසුනට පූජා කරනවා කියන්නේ සතර වරිගයම සසරෙන් එතෙර වෙන්න ප්‍රමාණවත් වෙන පිණක්. මේ පිංකම සිද්ධකරන්න බොහොමයක් බෞද්ධයන් තමන්ගේ දරුවාව ශාසනයට පූජා කල අවස්ථා අපි අහල, දැකලා තියෙනවා. එත් මේ කියන්නේ යන්නේ බෞද්ධ නොවන ආගමක දරුවෙක් මහණ වුන කතාවක්.

මේ කතාව අපට ආරංචි වෙන්නේ අරණායක ප්‍රදේශයෙන්. කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉඳලා ඉස්කෝලේ යන්න අරණායක විහාරස්ථානයකට ආපු අවුරුදු 10ක් වයසැති අසරණ ගිහි ඉස්ලාම් දරුවෙකු පිරිවෙන් අධ්‍යාපනයට යොමුවෙලා. ඊට පස්සේ ඔහු ගිහි ජීවිතය අතහැරලා සසුන්ගත වෙලා තියෙනවා.
උපතින්ම ඉස්ලාම් භක්තිකයෙකු වුන දරුවා සසුන්ගත වීමට කලින් නම වුනේ මාලිගාවත්ත චන්දකිත්ති හිමි. අම්මාගේ නම චිත්‍රා ශ්‍රීමති චිලිවර්ව. අයගේ වයස අවුරුදු 36 ක්. තාත්තා වෙන්නේ මොහොමඩ් ඉසඩ් සුවෙර්. ඔහුට වයස 33 ක්. මොරාගම්මන විහාරාස්ථානයේ දවසක පැවිදි වුන මොහොමඩ් දරුවා දැන් හඳුන්වන්නේ මාලිගාවත්ත චන්දකිත්ති හිමි කියන නමින්. උන් වහන්සේ දැන් වැඩවසන්නේ මොරගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේ.

මේ දරුවා අරණායක මොරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයට ලැබුණු හැටි, පැවිදි දිවියට පත් වුන හැටි විහාරාධිපති පුවක්මොටේ ධම්මරතන නාහිමියන් කිව්වේ මෙහෙමයි.

‘‘…අද මේ පැවිදි වෙලා ඉන්න හිමියන් ගිහි කාලයේදී ළමයෙක් විදියට මේ විහාරයට ආවේ මගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වන ජඹුරවෙල චන්ද්‍රරත්න හිමියන්ගේ මග පෙන්වීම අනුවයි. උන්වහන්සේ තමයි මට කීවේ මේ වගේ අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුලුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබාදෙන්නට කියලා. ඒ අනුව මගේ කැමැත්ත ලැබුණාම උන් වහන්සේ දරුවා එක්කරගෙන ඇවිත් මට භාර කළා. දරුවා පිරිවෙන් අධ්‍යාපනයට යොමුකළේ අරණායක පොල් අමේගොඩ පිරිවෙන් විහාරස්ථානයට. ගිහි කාලයේදීම තමයි යැව්වේ. මට මතක හැටියට ඒ 2017 ජූනි මාසයේ . ඒ මාසයේදී තමයි දරුවා මෙහෙට ලැබුණේ. දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස් වල පටන්ම බොහෝ දිනවල මා සමග සහ අපේ පන්සලේ සිට පිරිවෙන් යන අනෙකුත් හිමිවරුන්ට කියලා තිබුණේ ගිහිකම අතහැර මහණ වෙන්න කැමති කියලා.

ඉස්ලාම් දරුවෙකු නිසාත් මේ සඳහා මවුපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණ වීමට අවශ්‍ය නැති බව අපි මේ පුතණුවන්ට කුඩා කාලයේ කීවත් මේ පුතා නිතරම කීවේ මහණ වීමට කැමති කියලා. මට ලොකු හාමුදුරුවෝ වගේ සිවුරු පොරවාගෙන මහණ වෙන්න ඕනෑ. පිරිවනේ පොඩි හාමුදුරුවෝ දැක්කාමත් මට මහණ වෙන්න හිතනවා. ඒ නිසා මාව පැවිදි කරවන්න කියලා තමය නිතරම කීවේ.

මට හිතෙනවා මේ පොඩි නම හොඳට ඉගෙනගනී කියලා. මොකද හරි උනන්දුවක් තියනවා අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මා ඇතුළු අපේ පන්සලේ අනෙක් සාමණේර හිමිවරුන්ද පිරිවෙන්හි ආචාර්ය මණ්ඩළයත් හිමියන්ගේ දක්ෂතාව නිසා ඒ ගමන යන්න උන් වහන්සේට විශාල පිටිවහලක් සපයනවා. පන්සලට ගිහින් ගිහියෙක් ලෙස එනකොට අකුරු ලියන්න බැහැ,කියවන්න බැහැ,නමුත් හිමියන්ට දැන් හොඳට ඒ සියල්ල කරන්න පුලුවන්. වෙලාව බලාගෙන කියන්න බැරිව හිටියත් දැන් ඒ කටයුතුද ඉතා හොඳින් සිදු කරනවා. පිරිත් කියන්න පුදුම විදියේ කැමැත්තක් තියනවා. අපි ජය පිරිත කියනවා අහගෙනම ඉඳලා දැන් පොඩි හාමුදුරුවෝ ජය පිරිත කට පාඩමෙන් කියනවා…”

ඉතින් අලුතෙන්ම සසුන්ගත වුන චන්දකිත්ති හිමියන් මේ ගැන කියන්නේ මෙහෙම කතාවක්.

‘‘…අපේ ගෙවල් ගාව සිංහල අය තමයි වැඩිපුර හිටියේ, මම මහණ වෙන්න ගොඩක් කැමැතියි, සිවුරු දාගෙන ඉන්න හාමුදුරුවරු දැක්කට පස්සේ මටත් මහණ වෙන්න හිතුණා. මම පිරිත් කියන්න, බණ කියන්න වගේම පිරිවනේ උගන්වන්නත් කැමතියි. මම පුංචි දවස් වල ඉඳන් හුමුදුරුවරුන්ට කැමතියි. මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන් වගේම පිරිවනේ හාමුදුරුවන් මට ගොඩක් කැමතියි…”


News Articles
Latest Videos
Most Popular Post