News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

මනාළියගේ පැත්තෙන්, මනාළයගේ පැත්තට දෙන්න ඕන දෑවැද්දට නයෙක් එක්ක නයි පෙට්ටියක් දිලා. – වවුනියාවේ සිදු වුන අපූරු විවාහය මෙන්න.

2556 Views


මනාළියගේ පැත්තෙන්, මනාළයගේ පැත්තට දෙන්න ඕන දෑවැද්දට නයෙක් එක්ක නයි පෙට්ටියක් දිලා. – වවුනියාවේ සිදු වුන අපූරු විවාහය මෙන්න.

විවිධ ජන කොටස් අතර විවාහයත් එක්ක බැදුන විවිධ චාරිත්‍ර තියෙනවා. අපේ රටේ වුනත් උඩරට සහ පහතරට විවාහ චාරිත්‍ර වෙනස්. එ් වගේම තමයි දෑවැද්ද කියන්නේ විවාහය එක්ක බැදිලා තියෙන තවක් චාරිත්‍රයක්. ගොඩක් වෙලාවට මනමාලියගේ ගෙදරින් තමයි මනමාලයට දෑවැද්ද දෙන්නෙ. හැබැයි මනමාලයා මනමාලිගේ ගෙදර අයට දෑවැද්ද දෙන අවස්ථාත් තියෙනවා.

එ් කොහොම වුනත් අද කාලයේ නම් දෑවැද්දට දෙන්නේ සල්ලි, යාන වාහන, ගෘහ උපකරණ වගේ දේවල්. හැබැයි දෑවැද්දට නයෙක් තෑගි දුන්න විවාහ උත්සවයක් ගැන ලංකාවෙන් අපිට අහන්න ලැබුණා. වවුනියාවේ නොච්චිකුලමදී තමයි මේ අපූරු විවාහ උත්සවය ගැන අපිට දකින්න ලැබුනේ. තෙලිඟු ජාතික යුවලක් තමයි මේ විදියට විවාහ වුනේ.

මනමාලියගේ වයස අවුරුදු 19 ක්. ඇයගේ නම මල්කාන්කි. මනමාලයා 20 හැවිරිදි සුනිල්ගේ විමුක්ති අරවින්ද කුමාර. රැහේ වැඩිහිටියන් රබන් ගහලා තමයි මනාල යුවල පිළිගත්තේ. මනාලියගේ පියා දෑවැද්දට මනමාලයට දුන්නේ නයෙක් එක්ක නයි පෙට්ටියක්. එ් ඔවුන්ගේ රස්සාවට උදව් කිරීමක් විදියටලු.

හැබැයි ඉතිං නගරයේ ඉන්න මනමාලයින්ට නයෙක් එක්ක නයි පෙට්ටියක් දුන්නොත් නම් වෙන්නේ නයාට ගහලා පොල්ල වරද්දා ගත්තා වගේ වැඩක්.


News Articles
Latest Videos
Most Popular Post