ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මේ වෙද්දි අභ්‍යාවකාශගාමීන් 6 දෙනෙක් නැවතිලා ඉන්නවා. එයාලට ඕන කරන කෑම වර්ගත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේම ගබඩා කරලා තියෙනවා. එ් කෑම ඉවරවෙද්දි පෘතුවියෙන් ආපහු අාහාර තොග අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යවනවා.
හැබැයි ඉතිං ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ගඟනගාමීන්ට තමන් අාස කෑම හිතුන වෙලාවට ගිහින් කඩෙන් ගන්න බෑනේ. එ් නිසා ඔවුන්ට අාහාර යවද්දී ඔවුන් කැමතිම කෑමත් එ් එක්කම යවනවා. එ් වගේ අාහාර ද්‍රව්‍ය රැගත් රොකට් එකක් පහුගියදාත් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගියා. මේ යවපු අාහාර තොග අතර චොකලට්, අයිස්ක්‍රීම්, පීසා වගේ කෑමත් යවලා තියෙනවා. මොකද අභ්‍යාවකාශයට ඩිලිවරි කරන පීසා සර්විස් එකක් තාම ලෝකයේ පටන් අරගෙන නෑනේ.