News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

තරංග කපා මැතිව්ස්ට අායෙත් නායකත්වය දෙන ලකුණු…

2420 Views


තරංග කපා මැතිව්ස්ට අායෙත් නායකත්වය දෙන ලකුණු…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයත් හරියට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ. අද ඉන්න නායකයා නෙවෙයි හෙට ඉන්නෙ. අැන්ජලෝ මැතිව්ස්ගෙන් හිස් වුන එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට උපුල් තරංග පත් කරා. ටෙස්ට් නායකත්වට දිනේශ් චන්දිමාල් පත් කරා. එ් 2019 ලෝක කුසලානය දක්වා. හැබැයි පාකිස්තාන සංචාරයේදී ලංකාවේ කණ්ඩායමට නායකයන් 3 දෙනෙකු පත් කරන්න සිද්ධ වුනා.

ටෙස්ට් තරඟවලදී චන්දිමාල්ගේ නායකත්වය යටතේ යම් සාර්ථකත්වයක් ලබා ගත්තත් එක්දින තරඟ වල හා විස්සයි විස්ස තරඟ වලදී තරංගගේ නායකත්වය නම් සාර්ථක වුනේ නෑ. එ් නිසා තරංගගේ නායකත්වය කොච්චර සාර්ථකද කියන ප්‍රශ්නය ඉහළ පුටුවල ඉන්න ක්‍රිකට් නිලධාරීන්ට අැති වෙලා තියෙනවා. එ් නිසා වෙනත් හොද නායකයෙක් හොයා ගැනීමට ක්‍රිකට් අායතනය අවධානය යොමු කරලා තියෙනවා. මේ නිසා ඉන්දියාව එක්ක තියෙන තරඟාවලියට වෙනත් නායකයෙක් පත් කරනවද කියලා තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයිගෙන් අැහුවා. ඔහු කිව්වේ එ් ගැන තවමත් සාකච්ඡා මට්ටමේ තියෙන නමුත් අවසන් තීරණයකට තාම අැවිත් නෑ කියලා.

“අපිට හොඳ නායකයෙක් ඉන්න ඕන. අැත්තටම අපි එ් ගැන අවධානය යොමු කරලා තියෙනවා වුණත් අවසන් තීරණයකට අැවිත් නෑ. කොහොම වුනත් ඉන්දියානු සංචාරයේ එක්දින සංචිතය තෝරන්න ඉන්නේ ලබන 30 වෙනිදා. එදාට තමයි අපි එ් ගැන අවසන් තීරණය ගන්නෙ.” කියලයි ලැබ්රෝයි වැඩිදුරටත් කිව්වේ. තරංග මේ වෙද්දී එක්දින තරඟ 22 කදී ලංකාව මෙහෙයවා තිබුනත් ඉන් තරඟ 4 ක් විතරයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ජයග්‍රහණය කරලා තියෙන්නෙත් සිම්බාබ්වේ, බංගලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විතරයි.

නායකත්වයේ වෙනසක් වෙනවා නම් හිටපු නායක අැන්ජලෝ මැතිව්ස්ටම නැවතත් නායකත්වය භාර දෙයි කියලයි ක්‍රිකට් අභ්‍යන්තර අාරංචි මාර්ග සදහන් කරන්නේ. එ් ගැන ග්‍රැහැම් ලැබ්රෝයි නම් කිව්වේ “නායකත්වයෙන් ඉල්ලා අස්වුන කෙනෙක් විදියට අැන්ජලෝ අායෙත් නායකත්වය භාර ගනීවි කියලා මම හිතන්නේ නෑ. කොහොව වුනත් තරංගව තියා ගන්නවද එහෙම නැත්තම් අපිට පුළුවන් හොදම විසඳුම මොකක්ද කියන එක ගැන අපි හොයලා බලන්න ඕන.” කියලයි ඔහු කිව්වේ.

කොහොම වුනත් තරඟ පැරදෙන්න පැරදෙන්න නායකයෝ මාරු කරන එක හිසරදයට කොට්ට මාරු කරා වගේ වෙයිද කියලයි ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ නම් අහන්නේ.

සටහන: ජනයුගය (2017.11.14) ඇසුරෙන්

 


News Articles
Latest Videos
Most Popular Post