News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

අද එක ලග්නයකට රහස් ගමන් බිමන් කීපයක් යන්න අවස්ථාව උදා වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1608 Views


අද එක ලග්නයකට රහස් ගමන් බිමන් කීපයක් යන්න අවස්ථාව උදා වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 15 බදාදා

රාහු කාලය: පෙ.ව 11.55 සිට 01.23

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

 

මේෂ ලග්නය

ඔබ තුල ආකර්ෂණය වර්ධනය වෙනවා. සමාජ ගෞරවය නිර්මාණය වෙනවා. කලාකාමී කටයුතු නිර්මාණය කර ගන්න හැකියාව පවතිනවා. ඔබට එරෙහිව ක්‍රියාත්මක වන සතුරන් පවා ඔබගෙන් උපකාර ඉල්ලගෙන එනවා. ආගමානුකූල කටයුතු වර්ධනය වෙනවා. ගෘහාශ්‍රිත පරිසරය තුල පීඩාකාරී තත්ව ඇති වෙනවා. ප්‍රේමනීය සබදතා ශක්තිමත්ව පවත්වා ගෙන යන්න පුළුවන්. සේවකයන්ගෙන් පවා යහපත් ආකාරයට කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ඥාති මිත්‍ර සබදතා ශක්තිමත් වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 08

වෘෂභ ලග්නය

ආකර්ෂණය ශක්තිය නිර්මාණය වීම තුල ඔබේ දැනුම වර්ධනය වෙනවා. අලුත් අලුත් දැනුම සොයා යන්න ඔබ උනන්දුව වෙනවා. තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. පෞරුෂය වර්ධනය වෙනවා. ඔබ අවට සමාජයට ඔබ නැතිවම බැරි කෙනෙක් වෙනවා. කොන්ද, තුනටිය, මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇති වෙනවා. හවුල් කටයුතු වල මන්දගාමී තත්වයක් ඇති වෙනවා. මේ තත්වය මග හරවා ගන්න ඔබේ ආදායම් මට්ටම උසස් වේවි.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 09

මිථුන ලග්නය

ගෙවල්දොරවල් පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වනවා. තමන් අවට පරිසරය පිලිබදව උනන්දුවක් දක්වනවා. තමන්ගේ වෘත්තිමය කටයුතු වලට බාධා ඇතිවිය හැකියි. තමන්ගේ සෞඛ්‍ය පිලිබදව වෙනදට වඩා උනන්දුවක් දක්වනවා. කල්පනාකාරී වීම අත්‍යවශ්‍යයි. කොන්ද ආශ්‍රිත යටිබඩ පාද ආශ්‍රිත රෝග ඇති වෙනවා. කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. යාළුවන් හිතමිත්‍රයන් නොහොද නෝක්කාඩු වෙනවා. අධ්‍යාපනික කටයුතු වලට සුභයි.

ජය වර්ණය: ලා නිල් පැහැය                     ජය අංකය: 07

කටක ලග්නය

පෞරුෂය වර්ධනය වෙනවා. අතගහන සෑම කටයුත්තක්ම සාර්ථක වෙනවා. සිතේ සතුට වර්ධනය වෙනවා. අලුත් අලුත් අදහස් පහල වෙනවා. අදහස් ව්‍යාකුල තත්වයකට පත් වෙනවා. ගේදොර ඉඩකඩම් අලුත් යානවාහන ලැබීමේ ඉඩකඩ පවතිනවා. ආගමානුකූල කටයුතු වලට ඔබ කැමැත්තක් දක්වනවා. ඔබ වටා ඉන්න අයව සුභවාදී වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                             ජය අංකය: 03

 

සිංහ ලග්නය

තරමක ව්‍යාකුල සිතුවිලි පහල වෙනවා. දකින දකින දේ මිලදී ගන්න ඔබ උත්සහ කරනවා. ඔබට උදව් කරපු මිතුරන් ඔබ දිහා සැකයෙන් සහ කුකුසෙන් බලනවා. ජවසම්පන්න සිතුවිලි වර්ධනය වෙනවා. දුර බැහැර ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. අධ්‍යාපනික ඥානය යම් ප්‍රමාණයකට අඩාල වෙනවා. තමන්ගේ දු දරුවන් පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වෙනවා. කලාකාමී කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. වියදම් පාර්ශවය ඉහල ගියත් සෞම්‍ය සිතුවිලි වර්ධනය කර ගන්න හැකියාව පවතිනවා. ආහාර පාන ලැබෙනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                       ජය අංකය: 02

කන්‍යා ලග්නය

ජයග්‍රාහී ලීලාවෙන් බොහෝ කටයුතු පවත්වා ගෙන යා හැකියි. ඔබ කරන සෑම කටයුත්තකටම ප්‍රසංසා හිමි වෙනවා. ඒ නිසා බොහොම සතුටෙන් කාලය ගත කරනවා. බොහෝ කටයුතු සමග තමන්ගේ හිතවතුන් ප්‍රේමනීය පුද්ගලයන් සමග වැඩි කාලයක් ගත කරන්න හැකි වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. අලුත් අලුත් පීරිස් ඔබ සොයා ගෙන එනවා. තමන්ගේ සමහර තොරතුරු අන් අයට ප්‍රකාශ කිරීම එතරම් සුභවාදී නොවේ. අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න දැනුම වර්ධනය කරගන්න පොත්පත් මිලදී ගන්න අද දවසේ ඉඩකඩ පවතිනවා.

ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය                ජය අංකය: 07

තුලා ලග්නය

කෙටි ගමන් බිමන් වලින් පීඩාකාරී තත්ව ඇති වෙනවා. ගන්න තීන්දු තීරණ විනෝදකාමීව කරන සෑම කටයුත්තක්ම ඔබට පීඩාවක් ගෙන දෙනවා. ප්‍රේමනීය අයගෙන් දුක් හිමි වෙනවා. අසල්වාසීන් තමන්ට උදව් කරනවා. වචන බාවිත කරන වෘත්තීන්, ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලින් මුල්‍ය පරිපාලන කටයුතු වලින් යම් ජවයක් හිමි වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 06

 

වෘශ්චික ලග්නය

 

කලාකාමී කටයුතු දියුණු කරගන්න පුළුවන්. සන්නිවේදන මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. අන් අයගේ ආකර්ෂණය දියුණු වෙනවා. රුපලාවන්‍ය ඇගලුම් ආශ්‍රිත ක්ෂේත්‍ර වලින් පහසුවෙන් දියුණු වෙන්න පුළුවන්. අලුත් තාක්ෂණික මෙවලම් මිලදී ගන්න හැකියි. අතිශය කාර්යබහුල දිනයක්. පියපස ඥාතීන් සමග මතගැටුම් ඇති වෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                  ජය අංකය: 08

ධනු ලග්නය

රැකිරක්ෂා වෙළඳාම් ආශ්‍රිතව තිබුණු බාධාකාරී තත්ව බොහොම පහසුවෙන් දුරු කරගත හැකියි. ජවසම්පන්නව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඇඟලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. නීතිය හා සම්බන්ධ කටයුතු වල ගැටළුවක් පවතිනවා. යානවාහන පැදවීමේදී පවා සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය: කහ පැහැය                        ජය අංකය: 02

මකර ලග්නය

ඔබට උපකාර කරන පීරිස් අද ඔබට අනුකම්පා කරන දිනයක්. කලාකාමී කටයුතු දියුණු වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. අලුත් අලුත් දේවල් මිලදී ගන්න හැකි වෙනවා. ඉහල නිලධාරයන්ගෙන් වැඩ ගන්න හැකි දිනයක්. මුල්‍ය පරිපාලනය ඉතා උසස් මට්ටමක පවතිනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 06

කුම්භ ලග්නය

රහස් සතුරන් වර්ධනය වෙනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව සෙම් සහිත රෝග තත්ව ඇති වෙනවා. දුරගමන් කෙටි ගමන් වලින් කල්‍යාණ මිත්‍ර හදිසි ධන ලාභ නැති වෙන්න ගිය මුදල් ලැබීමේ භාග්‍ය හිමි වෙනවා. උපදේශනාත්මක කටයුතු වලට ඉතා යෝග්‍යයි. රහස් ගමන් බිමන් කීපයක් යන්න අවස්ථාව උදා වෙනවා. එවැනි ගමන් බිමන් වලින් බොහෝ දේවල් දැන කියාගන්න අවස්ථාව හිමි වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 03

මීන ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු බොහොම පහසුවෙන් සැලසුම් කරලා දියුණු කරගන්න පුළුවන්. ප්‍රේමනීය සබඳතා ශක්තිමත් වෙනවා. ආර්ථික ශක්තිය වර්ධනය වෙනවා. ඇතැම් විට ඔබව එපා කියපු පීරිස් පවා ඔබව සොයාගෙන එන දවසක්. නම්‍යශීලි සිතුවිලි වර්ධනය කරගන්න සැමට සෙතක් සහනයක් සලසන්න ඔබගේ ගෞරවය, නම බොහෝ කලක් පවත්වා ගෙන යාමේ හැකියාවක් පවතිනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 08

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 

 

 


News Articles
Latest Videos
Most Popular Post